Pages

Tuesday, March 15, 2011

Sri Lanka Hot News Last update 14/03/2011

  10:00am

බදු අහෝසිය නිසා ආදාය‍ම් දෙපාර්තමේන්තු නිලධාරීන් අමාරුවේ
Mar 14,2011
තොග සහ සිල්ලර වෙළඳාම මත අයකරමින් තිබු ව්‍යාපාර පිරිවැටුම් බද්ද අහෝසි කිරීම හේතුවෙන් පළාත් ආදාය‍ම් දෙපාර්තමේන්තු නිලධාරීන් 95%ක් පමණ දුෂ්කරතාවට පත්ව ඇති බව වාර්තා වේ.

මේ වසරේ අය වැය තුළින් අදාළ බද්ද ජාතිය ගොඩනැගීමේ බද්ධ යටතට පත්කර ඇති බව සමස්ත ලංකා පළාත් ආදායමේ සේවා එකමුතුව පවසයි.

අදාළ තීරණය හේතුවෙන් තම රැකියා අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව එම සේවකයින් පෙන්වා දෙයි.

එසේම අදාළ බදු පරිපාලනය සිදුකළ පළාත් ආදායම් නිලධාරීන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කළ යුතු බවට ද ඔවුන් ඉල්ලීමක් කරයි.

මේ අතර දේශීය ආදායම් සේවාවේ බදු නිලධාරීන්, තක්සේරුකරුවන් සහ නියෝජ්‍ය කොමසාරිස්වරුන් අද(14) වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට තිරණය කර තිබේ.

පළාත් ආදායම් කාර්යය මණ්ඩල‍ය දේශීය ආදායම් සේවාවට අන්තර්ග්‍රහණය කිරීමට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයින් අවසන්
පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයින් අවසන්
Mar 14,2011
මේ මස 16 වැනිදා වන විට සියලු මැතිවරණ කාර්යාල ද ඉවත් කළ යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

මීට අමතරව ඊයේ(13) මධ්‍යම රාත්‍රීයේ සිට මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරක පුවරු සහ දැන්වීම් ඉවත් කළ යුතු බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා සඳහන් කළේය.

මෙම කටයුතු අධීක්ෂණය කිරීම සදහා‍ පොලිස් ස්ථාන මට්ටමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර ප්‍රධාන දේශපාලන පක්ෂවල අවසන් ප්‍රචාරක රැළි අද(14) සිදුකෙරෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රචාරක රැළි 16ක් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පැවැත්වීමට සංවිධාන කර තිබේ.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ අවසන් ජන රැළි මහනුවර දිස්ත්‍රික්කයේ පැවැත්වෙයි.

ජනතා විමුක්ති පෙරමුණ දිස්ත්‍රික් 8ක ප්‍රචාරක රැළි සංවිධානය කර තිබේ.

මේ අතර මැතිවරණයට අදාළ ඡන්ද විමසීම් සිදුකරන පාසල් 16 සහ 17 යන දිනවල වසා තැබෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් අද සිට ලබන සිකුරාදා දක්වා වසා තැබෙනු ඇති බව ද එම කාර්යාලයේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

මේ අතර මැතිවරණ කටයුතු වල ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ 70,000ක් පමණ යොදා ගන්නා බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා ප්‍රකාශ කළේය.

පළාත් පාලන ආයතන 234ක් සඳහා වු ඡන්ද විමසීම ලබන 17 වැනිදා පැවැත්වෙයි. 

අම්මා සමඟ මා ඉතා සතුටින් ඉන්නවා - "පබා"
දිවයිනට කියයි

නෝමන් පලිහවඩන

මගේ දුකට සැපට හැම දේකටම ඉන්නේ මගේ අම්මා... දැන් ඇයත් සමඟ මා ඉතාමත් සතුටින් ජීවත්වෙනවා යෑයි ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්‍ෂා ස්‌වර්ණමාලි (පබා) මහත්මිය "දිවයින" ට ප්‍රකාශ කළාය.

පසුගිය කාලයේ මුහුණපෑ ජීවිතයේ අමිහිරි සිද්ධීන් යළි යළි මතක්‌ කරන්න මට අවශ්‍ය නැහැ. අපි යළි සමාදාන කිරීමට ඇතැම් ඇමැතිවරු මාව දැනුවත් කළා. ඒත් මා ගත්ත තීරණය වෙනස්‌ කරන්නේ නැහැ. කවුරු කිව්වත් එවැනි සිද්ධීන්වලට මුහුණදෙන්නේ මමයි. දැනට මා දික්‌කසාද වීම සඳහා නීතිඥ උපදෙස්‌ ලබාගෙන තිබෙනවා.

ඉදිරි සති දෙක ඇතුළත කලා නිර්මාණවලට වෙනදා වගේම මම සහභාගි වෙනවා.

ශ්‍රී ලංකාවෙන් ජපානයට ඩොලර් මිලියනයක්

සුනාමි සහන වශයෙන් ලබා දීමට ජනපති තීන්දු කරයි

Mar 14,2011
සුනාමි ව්‍යසනයෙන් විපතට පත් ජපාන ජනතාවගේ සුබසාධන කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක (රුපියල් කෝටි 11 ක පමණ) ආධාරයක් ශ්‍රී ලංකාවෙන් ලබා දීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත. මේ සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙත ඊයේ (13) උපදෙස් දුන්නේය.
ශ්‍රී ලංකා - ජපාන මිත්‍රත්වය හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා වඩාත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ තීරණය ගෙන ඇති අතර, මීට අමතරව සුනාමි ව්‍යසනය හේතුවෙන් විපතට පත් ජපාන ජනතාවගේ ජන ජීවිත යළි නඟා සිටුවීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් මෙන්ම විශේෂ පුහුණ‍්‍රුව ලත් ත්‍රිවිධ හමුදා කණ්ඩායමක් ජපානය වෙත පිටත්කර යැවීමට තීරණය කර ඇත.
පසුගියදා ඇතිවූ භූමි කම්පාවෙන් හා සුනාමි ව්‍යසනයෙන් විපතට පත් ජපාන ජනතාව ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම ශ්‍රී ලංකා රජයේ අරමුණ වන අතර, මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ද දැනුම් දී තිබේ.
පසුගිය 2004 වසරේදී ශ්‍රී ලංකාවේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් පීඩාවට පත් අප රටේ ජනතාවගේ ජන ජීවිත යළි ගොඩනැඟීම සඳහා මිතුරු රාජ්‍යයක් ලෙස ජපානය ඉතා විශාල කාර්ය භාරයක් ඉටු කළ බව ද ශ්‍රී ලංකා රජය පවසයි.
බසය ප්‍රපාතයට පෙරැළී 30කට බරපතළයි
Mar 14,2011
හිඟුරක්ගොඩ සිට හතමූණ හරහා කදුරුවෙල දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හතමූණ පාලම පසු කරත්ම අඩි 40 ක ප්‍රපාතයකට පෙරැළීමෙන් එහි ගමන් කළ අයකු මිය ගොස් තවත් 30 ක බරපතළ තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.
12 වැනිදා උදේ 7.45 ට පමණ මේ අනතුර සිදුවී ඇත.
මේ අනතුරින් මිය ගොස් ඇත්තේ හිඟුරක්ගොඩ ගම්පොළ වත්තේ පදිංචිව සසිටි රාජපක්ෂ ගෙදර ජානක චාමින්ද රාජපක්ෂ (32) නමැති අයෙකි.
බස් රථයේ ටයරයක් පුපුරා යාමෙන් රියැදුරාට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව පෙරැළී ගොස් විදුලි රැහැන් කණුවක්ද කැඩී ඒ අසල හිරවී ඇති බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි. මේ බස් රථයේ මගීන් 56 ගමන් ගනිමින් සිට තිබේ. ඉන් බොහෝ දෙනකු බාහිර උපකාර පන්ති සඳහා ගිය අය වෙති. හිඟුරක්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

ෆේස් බුක් වලට එරෙහිව පැමිණිලි 650 යි
ෆේස් බුක් වලට එරෙහිව පැමිණිලි 650 යි
Mar 13,2011
පසුගිය මාස 8ක කාලය තුළ ෆේස්බුක් වෙබ් අඩවිය යොදා ගනිමින් සිදු වූ විවිධ අක්‍රමිකතා පිළිබඳව පැමිණිලි 650ක් පමණ ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එම පැමිණිලි වලින් වැඩිම ප්‍රමාණයක් ලැබී ඇත්තේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් බව වාර්තා වේ.

එවැනි ෆේස්බුක් ගිණුම් විශාල ප්‍රමාණයක් අත්හිටුවීමට ද මේ වන විටත් කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව ෆේස්බුක් වෙබ් අඩවිය යොදා ගනිමින් විවිධ මූල්‍යමය ජාවාරම් සිදු කිරීම සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇති බව පල්ලියගුරු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 
දකුණ තරම් උතුර උණුසුම් නෑ
දකුණ තරම් උතුර උණුසුම් නෑ
Mar 13,2011
දකුණු පළාතට සාපේක්ෂව උතුරු පළාතේ ඡන්ද උණුසුමක් දක්නට නොලැබෙන බව පැ‍ෆ්රල් සංවිධානය පවසයි.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටියේ ඉතා සමකාමී අන්දමින් මන්නාරම, වව්නියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්ක වල ප්‍රචාරක කටයුතු මේ වන විට සිදු වන බවයි.

උතුරේ පළාත් පාලන ආයතන 11ක ඡන්දය මෙවර පැවැත්වෙන අතර එම පළාත් පාලන ආයතන වල ඡන්ද දායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැෆ්රල් සංවිධානය ආරම්භ කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හෙට අසනීපයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හෙට අසනීපයි
Mar 13,2011
ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තු සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

වෘත්තීය ගැටලු හා සේවා ප්‍රශ්න රැසක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වීමට තීරණය කළ බව ‍ශ්‍රී ලංකා දේශීය ‍ආදායම් සේවාවේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

සේවක ගැටලු වලට විසඳුම් ලබා දීම වෙනුවට බලධාරීන් අත්තනෝමතික තීන්දු තීරණ ගනිමින් සිටින බව ඔවුන් පවසයි.

මෙමඟින් රාජ්‍ය බදු ආදායමට විශාල හානියක් සිදු වන බව ද දේශීය ‍ආදායම් සේවාවේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව නිවේදනය කරයි.

මෙම තත්ත්වයට විරෝධය පළ කරමින් හෙට දිනයේ සියලුම සේවකයින් අසනීප නිවාඩු මත සේවයෙන් බැහැරවීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව දේශීය ආදායම් ‍සේවා සංගමයේ සමලේකම් එච්.ඒ.එල් උදයසිරි මහතා ප්‍රකාශ කළේය.
වන සතුන්ට වැව් 200 ක්
වන සතුන්ට වැව් 200 ක්
Mar 13,2011
මෙරට අභය භූමි සහ වනෝද්‍යාන වල මෙම වසර තුළ වැව් 200ක් සකස් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ගොවිජන සේවා දොපාර්තමේන්තුව සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ මහතා ප්‍රකාශ කළේය.

මේ ‍වන විට මෙරට අභය භූමි 61ක් සහ වනෝද්‍යාන 20ක් වන අතර එම ස්ථාන ආවරණය වන පරිදි මෙම වැව් 200 සකස් කිරීමට තීරණය කර තිබේ.

අධ්‍යක්ෂ ‍ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියේ මේ යටතේ ඇතැම් වැව් අලුතින් ඉදිකිරීමට පියවර ගන්නා අතර දැනට තිබෙන වැව් රැසක් ප්‍රතිසංස්කරණය කිරීම ද සිදු කරන බවයි.

වියළි කාල වල දී වන සතුන්ගේ ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා මෙම වැව් සකස් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
උගත් පාඩම් යළි උඩ රටට සැපත්වෙයි
Mar 13,2011
උගත් පාඩම් හා සංහිදියාව පිළිබඳ ජනාධිපති කොමිසම යළි උඩරට ජනතා‍වගේ සාක්ෂි විමසීම සඳහා කටයුතු සැලසුම් කර තිබේ.

එම කොමිසමේ මාධ්‍ය අධ්‍යක්ෂ ලක්ෂ්මන් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ උඩරට වතුකර ජනතාව නියෝජනය කරන සංවිධානයක් සහ උඩරට ගැමි ජනතාව නියෝජනය කරන සංවිධානයක් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව ලබන 20 වැනි දින මහනුවර දී එම සංවිධාන වල නියෝජිතයින්ට උගත් පාඩම් හා සංහිදියාව පිළිබඳ ජනාධිපති කොමිසන් සභාවට සාක්ෂි ලබා දීමට අවස්ථාව සැලසීමට තීරණය කර තිබේ.

මීට පෙර ද උඩරට ජනතාවට මෙම කොමිසම සඳහා සාක්ෂි ලබා දීමට අවස්ථාව ලබා දුන් බව ලක්ෂ්මන් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර මේ වන විට කොමිසමට ලබා දී ඇති සාක්ෂි විශ්ලේෂණය කිරීමේ කටයුතු ද සිදු වන බව උගත් පාඩම් හා සංහිදියාව පිළිබඳ ජනාධිපති කොමිසමේ මාධ්‍ය අධ්‍යක්ෂ ලක්ෂ්මන් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

හතමුණ පාලම අසලදී බසයක් පෙරළී 28 ට තුවාලයි
හතමුණ පාලම අසලදී බසයක් පෙරළී 28 ට තුවාලයි
Mar 12,2011
පොළොන්නරුව, හිඟුරක්ගොඩ මාර්ගයේ හතමුණ ප්‍රදේශයේ දී බස්රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා තිබේ.

හතමුණ පාලම අසල දී අඩි 15 ක් පමණ ප්‍රපාතයකට බස්රථය පෙරළී ඇති බව හිඟුරක්ගොඩ පොලිසිය සඳහන් කරනු ලැබීය.

බස්රථයේ රෝදවල ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.

අනතුරින් තුවාල ලැබූවන් පොළොන්නරුව සහ හිඟුරක්ගොඩ රෝහල්වලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය සඳහන් කරනු ලැබීය. 
දැවි තෙල් මිල ඉහළ දැම්මොත් විදුලි ගාස්තු වැඩිකරන්න වෙයි
Mar 12,20111
විදුලි බල මණ්ඩලයට සහන මිලට දැවි තෙල් ලබාදෙන්නේ මෙම වසර තුළ පමණක් බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

ඛනිජ තෙල් සංස්ථාව ලබන පාඩුවෙන් 80% ක්ම විදුලි බල මණ්ඩලයට අඩු මිලට දැවි තෙල් ලබාදීම හේතුවෙන් සිදුවන බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඒ අනුව රුපියල් 40 ට ලබාදෙන දැවි තෙල් ලීටරයක් ලබන වසරේ සිට රුපියල් 82 ක මුදලකට ලංකා විදුලි බල මණ්ඩලයට ලබාදෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

රුපියල් බිලියන 5ක ලාභයක් ලැබූ බව පසුගියදා නිවේදනය කළ ලංකා විදුලි බල මණ්ඩලය අයත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් මේ පිළිබඳව අද දෙරණ විමසීමක් කරනු ලැබීය.

රුපියල් 26 ට ලබාදුන් දැවි තෙල් ලීටරය රුපියල් 40 බවට පත්කිරීමත් සමග විදුලි බල මණ්ඩලයට අතිරේක වියදමක් දැරීමට සිදුවූ බව අමාත්‍යවරයා පවසයි.

අදාළ තෙල් මිල ගණන් තීරණය කරනු ලබන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හෝ විදුලි බල මණ්ඩලය නොවන බවත්, මහා භාණ්ඩාගාරය හා මහජන උපයෝගීතා කොමිසම එක්ව ගන්නා තීරණයක් බවත් ඔහු කියා සිටියේය.

ඛනිජ තෙල් සංස්ථාවට ගෙවනු ලබන මුදලින් දෙගුණයක් පමණ විවිධ සංවර්ධන කටයුතු සහ අනෙකුත් කටයුතු සඳහා විදුලි බල මණ්ඩලය සමාජ දායකත්වය සපයන බව ද හෙතෙම පෙන්වාදෙයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ඉපයීම නොව සමාජ ප්‍රතිලාභ අරමුණින් පවත්වාගෙන යන බව චම්පික රණවක මහතා පෙන්වාදෙයි.

ඛනිජ තෙල් සංස්ථාවට පවතින්නේ විදුලි බල මණ්ඩලය නිසා ඇතිවූ ගැටලුවක් නොව දැනට පවතින පිරිපහදුව ප්‍රමාණවත් නොවීම, කාර්යක්ෂමතාව පිළිබඳ ගැටලුව සහ අතිරේක ව්‍යාපෘති නතරවීම වැනි ගැටලු නිසා ඇතිවුණු අර්බුදයක් බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

දැවිතෙල් මිල රුපියල් 40 සිට රුපියල් 82 දක්වා ඉහළ දැම්මොත් ඒ අනුව විදුලි ගාස්තු ද වැඩිවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසමට දැනුම්දීමට සිදුවනු ඇති බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

විදුලි බල මණ්ඩලය අසීරු මූල්‍ය අර්බුදයකින් ගලවාගත් බවත්, ඇතැම් පිරිසකට එම තත්ත්වය දරාගැනීමට අපහසු වී තිබීම ගැන කණගාටුවට පත්වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අයර්ලන්තය පරදා කොදෙව්වන් පෙරමුණට
Mar 11,2011
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා අයර්ලන්තය අතර අද පැවති තරගයෙන් වැඩි ලකුණු 44 න් ජය ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

අද මොහාලි හි පී.සී.ඒ ක්‍රීඩාංගණයේ දී තරගයේ කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කරන ලදී.

එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනාම දැවී ලකුණු 275 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 49 ක් තුළදී සියලුදෙනාම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 231 ක් පමණි. 
 ජනපති ජපානයට කනගාටුව පළ කරයි
ජනපති ජපානයට කනගාටුව පළ කරයි
Mar 11,2011
ජපානයේ ඇති වූ හදිසි සුනාමි ඛේදවාචකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ කනගාටුව ප්‍රකාශ කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෙම ව්‍යසනය පිළිබඳ ජනාධිපතිවරයා සිය බලවත් කනගාටුව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි
.
ජපන් සුනාමියෙන් ශ්‍රී ලංකාවට හානි නෑ

ජපන් සුනාමියෙන් ශ්‍රී ලංකාවට හානි නෑ
ජපන් මුහුදු සීමාවේ හටගත් භූ කම්පන තත්ත්වයෙන් හා සුනාමි තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට හානියක් සිදුවෙතැයි අපේක්ෂා කළ නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අප කළ විමසුමකට පිළිතුරු දෙමින් කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා මහතා අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවට එයින් කිසිදු බලපෑමක් ඇතිවිය නොහැකි බවයි.

කෙසේ වෙතත් ටෝකියෝ නගරයට කි.මි 400 ක් දුරින් ගැඹුරු මුහ‍දේ රිච්ටර් මාපක අගය 8.9 ලෙස සටහන් වූ භූ කම්පනයක් සිදුව ඇති අතර එයින් ජපානයේ ප්‍රදේශ කිහිපයකට සුනාමි තත්ත්වයක් හටගෙන තිබේ.

මේ වන විටත් ගොඩනැඟලි,රථවාහන,බොහෝ ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර සිදුව ඇති හානිය කෙතරම්ද යන්න ගණනය කිරීමක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි. 

හොරට කිරා 26 ක් මාට්ටු
Mar 11,2011
කිරුම් මිනුම් නීති කැඩූ ව්‍යාපාරිකයන් 26 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇති බව ගාල්ල මිනුම් ඒකක හා ප්‍රමිති දෙපාර්තමේන්තුව පවසයි.

අඩු බර පාන් විකිණීම, නිසි ප්‍රමිතියකින් තොරව තරාදි භාවිත කිරීම යනාදී චෝදනා ඔවුන්ට එරෙහිව එල්ල කර ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

අදාළ නීති කඩ කිරිම් සම්බන්ධයෙන් යක්කලමුල්ල, අක්මීමන, ගාල්ල සහ හබරාදුව යන ප්‍රදේශවල වෙළෙඳුන් මේ අයුරින් නීතියේ රැහැනට හසුකර ‍ගෙන තිබේ.

ඔවුන් ගාල්ල සහ කොට්ටව මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ. 

අගමැති දි.මුට ඉන්දියාවෙන් ප්‍රතිචාර
අගමැති දි.මුට ඉන්දියාවෙන් ප්‍රතිචාර
Mar 11,2011
තමිල්නාඩුවේ එල්.ටී.ටී.ඊ කඳවුරු පවත්නා බවට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා කරනු ලැබූ ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා රජය මෙවැනි කරුණක් සම්බන්ධයෙන් කිසිදු ආකාරයකට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දැනුවත් කිරීමක් හෝ අදහස් ප්‍රකාශ කිරීමක් කර නැති බව ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ශ්‍රී විෂ්ණු ප්‍රකාශ් මහතා පවසා තිබේ.

තමිල්නාඩුවේ එල්.ටී.ටී.කඳවුරු පවත්නා බවට නිසි තොරතුරක් ඇත්නම් කළ යුතුව ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම බවද ශ්‍රී විෂ්ණු ප්‍රකාශ් මහතා පෙන්වා දෙන බව ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය උපුටා දක්වයි.

එසේම ඊයේ දිනයේ තමිල්නාඩු ප්‍රාන්ත පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් බී.බී.සී මාධ්‍යය අමතා ප්‍රතිචාර දක්වා තිබිණි.

නිසි කරුණු සනාථ කිරීමකින් තොරව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් තමිල්නාඩුවේ එල්.ටී.ටී.ඊ කඳවුරු පවත්නා බවට සාවද්‍ය ප්‍රකාශයක් කර ඇති බව පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල් ලතිකා සරන් මහත්මිය බී.බී.සී මාධ්‍යයට පවසා ඇත.

මීට පෙරාතුවද අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා විසින් චෙන්නායි හි පිහිටි බෞද්ධ විහාරයට කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදුකළ පසු එය සිදුකරනු ලැබුවේ තමිල්නාඩුවේ වෙසෙන එල්.ටී.ටී.ඊ පිරිස් විසින් බව ප්‍රකාශ කර තිබුණු බව පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ‍සිහිපත් කර ඇත.

එය සිදුකරනු ලැබුවේ තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලංකා ද්‍රවිඩ හිතවාදීන් පිරිසක් විසින් බව ද ඇය සඳහන් කරයි.

හදිසි නීතිය පිළිබඳ වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා විසින් පසුගිය දිනෙක තමිල්නාඩුවේ එල්.ටී.ටී.ඊ කඳවුරු පවත්නා බවට ප්‍රකාශයක් කරනු ලැබිණි

ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග අද(10) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති තරගය ජයග්‍රහණය කිරීමත් සමග 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට තේරීපත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

එමෙන්ම ප්‍රසාද ලකුණු 07 ක් හිමිකරගනිමින් ලෝක කුසලාන ඒ කාණ්ඩයේ ප්‍රමුඛස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්කම් දක්වා ඇත.

අද පැවති තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරදා ලකුණු 139 න් ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර තරගයේ වීරයාට හිමි සම්මානය අද දිනයේ සුපිරි දස්කම් පෑ ටී. එම්. දිල්ශාන් විසින් දිනාගනු ලැබීය

No comments:

Post a Comment