Pages

Saturday, November 27, 2010

අපිට නම් තාම එහෙම හදිසියක්‌ නැහැ - නෙහාරා පීරිස්

අපිට නම් තාම එහෙම හදිසියක්‌ නැහැ - නෙහාරා පීරිස්



වැඩිපුර කැමැති කළු අයටලු නේද? 
ඔව්. මම හිතන්නේ මගේ පාටට වඩා වෙනසක්‌ තියෙන නිසා වෙන්න ඇති එහෙම කැමැත්තක්‌ තියෙන්නේ.
 
පොඩියට සිටියට හැමෝත් එක්‌කම රණ්‌ඩු වෙනවා නේද?
අනේ මම එහෙම කෙනෙක්‌ නෙමෙයි.

එහෙනම් සමහර අය ඉන්න වැඩවලට යන්නේ නැත්තේ ඇයි?
සමහර අය ඉන්නවා එකට වැඩ කරන්න ආශ්‍රය කරන්න අමාරුයි. එහෙම අය ඉන්න තැන්වලට නම් මම යන්නේ නැහැ තමයි. නිතරම ඉරිසියාවෙන් ඉන්න මූණ ඇඹුල් කරගෙන ඉන්න අයත් එක්‌ක වැඩ කරන්න අමාරුයි.

රංගනයෙන් යෑපෙන්නේ නැත්නම් ඇයි ඔයා අසාධාරණ විදිහට ලොකු ගාණක්‌ ඉල්ලන්නේ.? 
මම හිතන්නේ නැහැ මම යම්කිසි නිර්මාණයකට ඉල්ලන මුදල අසාධාරණය කියලා. අපේ වටිනාකමට හොඳ මිලක්‌ තිබිය යුතුයි. මගේ මුදල දෙන්න බැරිනම් මම යන්නේ නැහැ.

දෙන්නෙක්‌ කසාද බැන්දම දරුමල්ලන්ගේ මූණබලන්න තියෙන්නෙ පුදුම හදිස්‌සියක්‌?
අපිට නම් තාම එහෙම හදිසියක්‌ නැහැ. මහත්තයටත් එහෙමයි.

ඇයි මහත්තයා කැමැති නැද්ද දැන්ම දරු සුරතල් දකින්න ?
එහෙම අකැමැති නිසා නෙමෙයි එයා කියනවා මමත් තාම පොඩි නිසා එයාට එක පාරට බබාල ගොඩක්‌ බලා ගන්න බැහැ කියලා.

එහෙම නම් ඇයි මේ පුංචි වයසෙන්ම කසාද බැඳගත්තේ.
අපි දෙන්න ආදරය කළා . ඉතින් අපිට හිතුනා. ඇයි අපි තවත් පරක්‌කු වෙන්නේ. අනිත් එක තමයි එයාගෙන් ලැබෙන සහයෝගය මට ගොඩක්‌ වටිනවා. ඒවගේම කට කතා හැදෙන ප්‍රමාණයත් ටිකක්‌ අඩු වෙනවනෙ. ගොඩක්‌ අය බඳින්නේ නැත්තේ ජනප්‍රියත්වය අඩුවෙවි කියල බයට. නමුත් මට එහෙම දෙයක්‌ බලපෑවේ නැහැ.

ඒ කියන්නේ දැන් කට කතා නැහැ කියලද? 
කට කතා හැදෙන එකනම් නතර වෙලා නැහැ. ඒත් දැන් එයා මං ගැන හැමදේම දන්නවනේ .
 

No comments:

Post a Comment