Pages

Sunday, November 28, 2010

මංගල රජයට වාසනාවත්, විපක්ෂයට අවාසනාවත් ගෙනා 8 ගැන කියයි

අංක 08 යනු වත්මන් රජයට වාසනාවන්ත අංකයක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි. එමෙන්ම එම අංකය විපක්ෂයට අසුබ අංකයක් බව ද ඔහු පෙන්වාදෙයි. 

අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවති අද (27) දිනයේ පාර්ලිමේන්තුවේදී මංගල සමරවීර මහතා මෙම අදහස් පළ කළේය. 

වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළමුවර බලයට පත්වූ 2005 ජනාධිපතිවරණය පැවතියේ නොවැම්බර් මස 17 වන දින බවත්, එම දිනය එකතු කළ විට අගය 08 බවත් ඔහු මෙහිදී පෙන්වාදුන්නේය. 

එමෙන්ම රාජපක්ෂ මහතා දෙවන වර බලයට පත්වූ 2010 ජනාධිපතිවරණය පැවැත්වූයේ ජනවාරි මස 26 වන දින බවත් එම දිනය එකතු කළ විට අගය 08 වන බව ද මෙහිදී සමරවීර මහතා සඳහන් කළේය. ඒ අනුව අංක 08 යනු රජයට වාසනාවන්ත අංකයක් බව ඔහු කියා සිටියේය. 

එමෙන්ම සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්වූයේ 2009 වසරේ ජනවාරි මස 08 වන දින බවත්, ඔහුගේ සමීප මිතුරෙකු වන ශ්‍රීපති සූරියආරච්චි මහතා 2008 වසරේ පෙබරවාරි මස 08 වන දින හදිසි අනතුරකින් මරණයට පත්වූ බවත් සමරවීර මහතා පෙන්වාදුන්නේය. 

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට පත්වූයේද 2010 පෙබරවාරි මස 08 වන දින බව ඔහු පෙන්වාදුන්නේය. ඒ අනුව රජයට වාසනාවන්ත වූ අංකයක් එලෙසම විපක්ෂයට අවාසනාවන්ත වී ඇති බව මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

No comments:

Post a Comment