Pages

Saturday, November 13, 2010

කුවේට් සිට ආ කතගේ සිරුරෙන් ඇල්පෙනෙති 9ක් ඉවත්කරයි

කුවේට් සිට පැමිණි ගෘහ සේවිකාවකගේ ශරීරගතව තිබී අල්පෙනෙති නමයක් ශල්‍ය කර්මයක් මගින් ඉවත් කර තිබේ. ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන එම කාන්තාව කුරුණෑගල රෝහලේදී ශල්‍ය කර්මයට ලක්කෙරුණු බව කුරුණෑගල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඇගේ වම් අතෙහි තිබී අල්පෙනෙති හා 8ක් සහ වම් පාදයෙහි තිබී තවත් අල්පෙනෙත්තක් ඉවත් කර ඇති බව වාස් ගුණවර්ධන මහතා සඳහන් කළේය. වීරයියා ලෙච්ඡමි නැමැති මෙම ගෘහ සේවිකාව පසුගිය 8 වන දින කුවේට්හි සිට ශ්‍රි ලංකාවට පැමිණ තිබේ.

No comments:

Post a Comment