Pages

Saturday, November 27, 2010

කත්‍රිනා ඇඳුම ගලවලා

කත්‍රිනා ඇඳුම ගලවලා

කත්‍රිනා කායිෆ් බොහෝ විට රිදී තිරයේ දක්නට ලැබෙන්නේ තම සිරුරේ පියකරු බව නො මඳව ප්‍රදර්ශනය කරන්නියක ලෙසිනි.
පසු ගිය සතියේ දිනක ඇයගේ නවතම සිනමා පටය වන ‘තීස් මාර් ඛාන්’ හි ‘ෂීලා කි ජවානි’ ගීතය රූගත කෙරුණු අතර ඇයට එම ගීතයට ඇඳ සිටි ඇඳුම සම්පූර්ණයෙන්ම ගළවා දැමීමට සිදු වී තිබේ.
කත්‍රිනා ගීතමය ජවනිකාවට පෙනී සිට ඇත්තේ සුදු පැහැති සැටින් රෙද්දකින් පමණක් සැරසීලයි. ෆාරා ඛාන් මේ පිළිබඳව කත්‍රිනාට පැවසූ විට ඇය ඊට වචනයකිනුදු විරෝධය පා නැත. කත්‍රිනාගේ කැප වීම ෆාරා මහත් සේ අගයන්නීය.
මේ ගීතමය ජවනිකාවේ කත්‍රිනා අඩි දහයක් දිග කැරකෙන මේසයක සිට නර්තනයේ යෙදෙන අතර ඇය වටා පිරිමි නැටුම් කණ්ඩායමක් සිට තිබේ.
‘ෂීලා කි ජවානි’ ගීතමය ජවනිකාව දින පහක් පුරා රූගත කර ඇත. අධ්‍යක්ෂිකා ෆාරා ඛාන්ගේ ‘තීස් මාර් ඛාන්’ තිරගත වීමට නියමිත දෙසැම්බර් 24 වෙනිදායි. එනම් හරියටම නත්තල් දිනයේදී

යි.





ගුෂාරිස් නිසා මිනිත්තු 15 ක හාදුවක්


තම කඩවසම් නළු සැමියා වෙනත් රූමතියක් සමඟ ආදර ජවනිකා රඟනවා නැරැඹීමට පවා බොහෝ බිරියන් අකැමැතියි. එහෙත් බොලිවුඩයේ ග්‍රීක රුවක් තරමටම කඩවසම් රිතික්ගේ බිරිය සුසේන් නම් ඊර්ෂ්‍යාවත් සැමියාගෙ සාර්ථකත්වය වෙනුවෙන් පරිත්‍යාග කර ඇති ලලනාවකි.
‘ගුෂාරිස්’ නැරැඹූ සුසේන්, ඔහුට මිනිත්තු 15 ක දිග හාදුවක් දී තිබේ. ඇය මෙතෙක් දුටු රිතික්ගේ විශිෂ්ටතම රංගනය මෙය බව පවසා ඇත.
කෙසේ වුවත් රෝගියකු ලෙස රඟන රිතික් සහ හෙදියක සේ රඟන ඓශ්වර්යා සිනමා පටයේ ප්‍රවර්ධන කටයුතු තිබෙන අතරවාරේ තදින් උණ රෝගයට ගොදුරු වී තිබේ. 
ඓශ්වර්යා උණ නිසා ප්‍රවර්ධන කටයුතුවලට සහභාගි නො වුණත් රිතික් උණ තිබියදී ‘සී’ රූපවාහිනී නාලිකාවේ ගායන වැඩ සටහනකට සහභාගි වී ඇත්තේ තදින් උණ තිබියදීය.
ගුෂාරිස් සැප්තැම්බර් 23 තිරගත කිරීමට මුලින් නියමිතව තිබුණ ද පසුව තිරගත කරන දිනය නොවැම්බර් 19 දින දක්වා කල් ගියේය. දැන් එය ලංකාවේ ද තිරගත වෙයි.

හායි හැන්ඩ්සම්!


ජෝන් ඒබ්‍රහිම් කඩවසම් බවෙන් ලොවම දිනා ගත් නළුවෙකි. මෑතකදී ප්‍රධාන පෙලේ හොලිවුඩ අන්තර් ජාල විමසුමකදී ලොව කඩවසම් පිරිමින් විසි පස් දෙනා අතරට තිස් හත් හැවිරිදි ජෝන් ඒබ්‍රහිම් ද එක් වී තිබේ.
මේ කඩවසම් නළු ලැයිස්තුවට ඔහු එක් වී සිටින්නේ ඩේවිඩ් බෙකම්, ජොනතන් රයිස්, ජොනී ඩෙප් වැන්නන් ද සමඟයි.
ජෝන් පවසන අන්දමට ජෝජ් ක්ලූනි වැනි නළුවන් හතළිස් හත් හැවිරිදි වියේදීත් කඩවසම් පෙනුමෙන් සිටින්නේ හොලිවුඩ තරු රුව රැක ගනිමින් වයස් ගත වීමේ කලාව දන්නා නිසයි. බ්‍රැඩ් පිට්, පියර්ස් බ්‍රොස්නන්, විවෘතව වයස ප්‍රකාශ කරන අතර පෙනුම රැක ගැනීමේ රහස ද දනී. 
එහෙත් බොලිවුඩ් තරු සැම විටම උත්සාහ කරන්නේ ඉලක්කම්වලින් වයස අඩු කර පැවසීමට පමණක් බව ඔහු කියයි.
කඩවසම් බවෙන් ආකර්ෂණීය වීමට වගේම මේ දිනවල හතුරු අයගේ සිත මිතුරු කර ගැනීමට ද ඔහුට වාසනාව ලැබී තිබේ. සල්මන් ඛාන්, ජෝන්ගේ දිගුකාලීන සතුරෙකි. එහෙත් ඊයේ පෙරේදා දෙදෙනා සියලු නො මනාපකම් පසෙක තබා ‘දේසි බෝයිස්’ දර්ශන තලයේදී එකිනෙකාව සිප වැළඳ ගෙන ඇත. එදා දෙදෙනා දිවා ආහාරය ගෙන ඇත්තේ ද එකටමය.
වේදිකාවේදී ඇති වූ හබයක් නිසා පුරා වසර හතරක් ජෝන් හා සල්මන් මුහුණට මුහුණ හමුවීමෙන් වැළකී සිටියේය.
ජෝන්ගේ සැබෑ ජීවිතය රසවත් අත්දැකීම්වලින් පිරී ඇතත් සිනමා ජීවිතයට නම් පසුගිය වකවානුව තරමක අභියෝගාත්මක කාලයක් විය.
ඔහු අලුතින්ම දායක වූ ‘ජූතා හයි සාහි’ සිනමා පටය වෙනුවෙන් ජෝන්ට තම පෙනුම සාමාන්‍ය තරුණයකු මෙන් වෙනස් කර ගැනීමට සිදු විය. ඒ සඳහා ඔහු දිනපතා ජිම් ගියේය. කොණ්ඩය කැපුවේය. ජෝන්ට ‘ජූතා හයි සාහි’ හි රඟන්නට තිබුණේ පොත් සාප්පුවක වැඩ කරන තරුණයකුගේ චරිතයකි. රැගූ චරිතයත්, සිනමා පටයත් ගැන ඔහු ඉතා තෘප්තිමත්ය.
‘ජූතා හයි සාහි’වලින් තමන්ගේ පෙනුම වෙනස් වීම ගැන රසික රසිකාවන්ගේ කෙසේ වෙතත් ජෝන්ගේ නම් ඇත්තේ මනාපයකි.

පැමෙලා බොලිවුඩයට බෑ කියයි


හතළිස් තුන් හැවිරිදි වුව ද තවමත් මේ රිදී පැහැ කෙස් වැටියක් ඇති සරාගී ලාලනියට එක් බැල්මකින් ලොවම වශී කිරීමට පුළුවන. 
වැඩිම වාර ගණනක් ‘ප්ලේ බෝයි’ සඟරාවේ කවරය තම රුවෙන් සරසන්නට හැකි වීමම ඇයගේ රූ වරුණට ඇති කදිම සාක්ෂියකි.
කැනඩාවේ උපන් මේ සුරූපිනිය ලොවේම නෙත් පැහැර ගත්තේ 1989 දී විකාශය වූ ‘බේවොච්’ රූපවාහිනී කතා මාලාවෙනි. 
හොලිවුඩය ජය ගත් මේ සුරූපිනිය නොවැම්බර් 16 වෙනි දින බොලිවුඩයට ද පා තැබුවාය. ඒ බොලිවුඩ සිනමා පටයක රංගනයට දායක විමට නම් නො වෙයි. බිග් බොස් 4 රූපවාහිනී රියැලිටි වැඩ සටහනට සම්බන්ධ වීමටයි.
මේ ඇයගේ මුල්ම ඉන්දියානු සංචාරයයි. බිග් බොස් 4 වැඩ සටහනට සහභාගි වන දෙවෙනි බටහිර තාරකාව පැමෙලායි. මීට පෙර එයට එක් වූයේ ජේඩ් ගූඩිය.
මූම්බායි පැමිණි පැමෙලා සාරියකින් සැරසීමට ද අමතක නො කළාය. වැඩි දෙනකු පැවසුවේ සාරිය ඇයගේ සරාගී පෙනුම වැඩි කළ බවයි.
පැමෙලා ඉන්දියාවේ ගත කළේ දින තුනක් පමණි. ‘ටජ්මහල්’ නැරැඹීමේ ආශාවක් ඇයට තිබුණ ද දරුවන් දෙදෙනා තනි කර එතරම් දුරක් යාමට පැමෙලාට සිත් නො දුණි.
භාරත නැටුමට කැමැති පැමෙලා නර්තනයේ අත් පොත තබන්නට ද අමතක නො කළාය. 
එහෙත් හින්දි බස කතා කිරීම නම් ඇයට ජය ගත නො හැකි අභියෝගයක් විය. බොලිවුඩයට පැමිණෙන විට මෙන්ම යන විට ද ඇයට පැවසීමට හැකි වූයේ ‘නමස්තේ’ යන වචනය පමණි. 
පැමෙලා සහභාගි වූ බිග් බොස් සිවු වැනි පියවර මෙහෙය වූයේ සුපිරි නළු සල්මන් ඛාන්ය. සල්මන් ගැන ඇය අසා නැති අතර මුල් වරට ඔහු මුණ ගැසුණේ මෙම වැඩ සටහනේදීයි.
තෙදිනක වැඩ සටහනට සහභාගි වීම වෙනුවෙන් ඇයට ඉන්දියානු රුපියල් කෝටි 2.5 ක මුදලක් ගෙවා තිබේ.
සරාගී සුරූපිනියට බොලිවුඩ සිනමා පටවල රංගනයට ලැබුණු ආරාධනාවලින් නම් අඩුවක් නො තිබුණි.
ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කළේ දරුවන් දෙදෙනා කුඩා නිසයි. බොලිවුඩයට ඇති අකැමැත්තට නම් නො වෙයි.
‘කාට හෝ මාව බොලිවුඩ් සිනමා පටයකට එක් කර ගන්න අවශ්‍ය නම් සිනමා පටය කැලිෆෝනියාවේ රූගත කරන්න’ ඇය අධ්‍යක්ෂවරුන්ගෙන් ඉල්ලීමක් ද කළාය.

අන්තර් ජාලයෙනි 
චම්පිකා දීපානි රණසිංහ

No comments:

Post a Comment