Pages

Saturday, November 27, 2010

එයා වර්ණකුලසූරිය. මම වර්ණසූරිය -උදයකාන්ත

එයා වර්ණකුලසූරිය. මම වර්ණසූරිය -උදයකාන්ත


එක වගේ නමක් නිසා උදයකාන්ත වර්ණසූරියට මේ දිනවල මුහුණ දෙන්න වෙලා තිබෙන්නේ ලොකුම අකරතැබ්බයකට. පසුගිය දිනවල වංචා සිද්ධියකට නම ගෑවුණු නිළියක් වන උදාරි චාමිකාගේ නමේ අග කොටස උදයගේ නමේ අග කොටසට ගළපගෙන බොහෝ දෙනෙක් ඔහුට දුරකථන ඇමතුම් දෙනවාලු. 
සමහර දවසට රාත්‍රි කාලයේත් ඔහුට මේ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දෙන්නට වෙනවාලු. කෙසේ නමුත් මේ ප්‍රශ්න අහන හැම දෙනාටම ඔහු කරුණු පැහැදිලි කරන්නට පසුගිය දිනක අපිත් සමඟ එක්වුණා.

ඇත්තට බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන්නේ ඒ නිළිය මගේ ඥාතියෙක්ද කියලා අහලයි. සමහරු මගෙන් අහනවා ඒ මගේ දුවද කියලත්. ඉතින් මේ ප්‍රශ්නෙදි මට කියන්න තිබෙන්නේ ඔය කියන නිළිය මගේ චිත්‍රපටයකින් ක්ෂේත්‍රයට ආවා තමයි.

ඒ ආවෙත් සම්මුඛ පරීක්ෂණයකින් තේරිලා.ඒ ඇරුණම ඇයත් සමඟ මගේ කිසිම ඥාති සම්බන්ධයක් නෑ. අනිත් පැත්තෙන් නම් දෙකේත් පොඩි වෙනසක් තිබෙනවා. ඇය වර්ණකුලසූරිය. මම වර්ණසූරිය. 

මේ දෙක පටලවාගෙන තමයි බොහෝ දෙනෙක් මගේ ඥාතියෙක් කියලා හිතලා මට දුරකථන ඇමතුම් දෙන්නේ.

No comments:

Post a Comment