Pages

Monday, November 1, 2010

මෙගා ස්ටාර් අවසානයේ ගුටි කෙලියක්!

මෙගා ස්ටාර් කිරුල කව්රුත් පුදුමයට පත් කරවමින් හිමි වුයේ අජිත් වීරසිංහටයි .බොහෝ දෙනෙක් බලාපොරොත්තු තබා සිටි දයාසිරි ජයසේකර හා උපේක්ෂා ස්වර්ණමාලි මෙගා ස්ටාර් කිරුළට හිමිකම් නොකියා ජනප්‍රියත්වයෙන් දයාසිරි හා උපේක්ෂට පසු පසින් සිටි අජිත් වීරසිංහ තේරීම බොහෝ දෙනෙකුගේ විමතියට හේතු වුනා.

අජිත් වීරසිංහ හා දයාසිරි ජයසේකර අතරින් මෙගා ස්ටාර් විය යුත්තේ කවුරුන්දැයි වින්ශ්ච මණ්ඩලයෙන් විමසූ විට ඔවුන් තිදෙනාගේම අදහස වුයේ එය හිමි විය යුත්තේ දයාසිරිට බවයි.උපේක්ෂා සිව්වන ස්ථානයට පත් විමද මෙහි විශේෂයකි.මෙගා ස්ටාර් කිරුල ජයග්‍රහණය කල අජිත් වීරසිංහ තරගයට පෙර සිටම තමා ජයග්‍රහණය කරන බවට දැඩි මතයක සිටියේය.


වෙදිකාවේ උණුසුම් තත්වයක් 
කෙසේ නමුත් අවසාන විනිශ්චය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඇත වුයේ උණුසුම් තත්වයක්.එක් වරම විශාල පිරිසක් වේදිකාවට කඩ වැදුණු අතර ඒ සමගම ස්වර්වහිනි සජීවී විකාශනය ද අවසන් වුවා.වාර්තා වන අන්දමට අජිත් වීරසිංහට පහරදීම සදහා මර්වින් සිල්වා උත්සාහ කර ඇත.ඒ අවස්ථාවේදී දයාසිරි ජයසේකර විසින් එය වලක්වා ඇති අතර පොලිසිය විසින් ප්‍රේක්ෂකයන් ඉවත් කොට ඇත.මේ අතර සෝම එදිරිසිංහ මැතිනිය එම ස්ථානයෙන් වහාම පිටව ගොස් ඇත.

No comments:

Post a Comment