Pages

Saturday, October 30, 2010

උදුල් නොවැම්බර් 12 තෙක් රිමාන්ඩ්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා නොවැම්බර් මස 12 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. අත්අඩංගුවට ගෙන සිටි උදුල් ප්‍රේමරත්න මහතා අද(29) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවෙහි මෙම නියෝගය සිදුකර ඇති බව සඳහන්ය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය අසල දී අද දහවල් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට ගැනුණි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශ භූමියට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළ වලට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි ඇත්නම් ඔහු අත්ඩංගුවට ගැනීමට පොලිසියට බලය ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද පෙරවරුවේ ප්‍රකාශ කර තිබුණි.

No comments:

Post a Comment