Pages

Friday, October 22, 2010

කැලණිය රටට ආදර්ශයක්-මර්වින් රටට ආදර්ශයක්

කැලණිය රටට ආදර්ශයක්-මර්වින් රටට ආදර්ශයක්

කැලණිය රටට ආදර්ශයක්-මර්වින් රටට ආදර්ශයක්

කැලණිය සමස්ත රටටම ආදර්ශයක් බවට පත්ව ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

මර්වින් සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා යටතේ කැලණිය පිබිදෙමින් පවතින බවත්,සැබවින්ම එය සෙසු ආසන සංවිධායකවරුන්ටත් කදිම ආදර්ශයක් බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

බස්නාහිර පළාත් සභා අරමුදලින් රුපියල් මිලියන 47 ක් වැයකොට කිරිබත්ගොඩ රෝහල් පරිශ්‍රය තුළ ඉදි කළ ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය මීට ස්වල්ප මොහොතකට පෙර ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පවරන ලද අතර එකී අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙතෙක් බිහිවූ ආණ්ඩු වලට කරන්නට බැරියයි කියූ දේවල් වත්මන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉෂ්ඨ සිද්ධ කරනු ලබන්නේ යම් සේක්ද එසේම පෙර නොවූ විරූ ආදර්ශවත් නායකත්වයක් කැලණියට ලැබී ඇතැයි බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

No comments:

Post a Comment