Pages

Saturday, October 9, 2010

තොප්පිගල රහසිගත කඳවුරක් - ලංකා ඉරිදා සංග්‍රහය

ltte.jpgකොටි සංවිධානයේ හිටපු නායකයකු සහ වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයකුගේ මැදිහත්වීම මත තොප්පිගල වනාන්තරය තුළ රහසිගත කඳවුරක් නඩත්තු කරමින් තිබෙන බව "ලංකා ඉරිදා සංග්‍රහය" වාර්තා කරයි.
 
එම පුවත මෙසේය:
තොප්පිගල වනාන්තරය තුළ පිහිටි, යුද සමයේදී ආරක්ෂක හමුදාවන්ට අත්පත් කරගැනීමට නොහැකි වූ එල්ටීටීඊ කඳවුරක් එම සංවිධානයේ හිටපු නායකයකු වන ආණ්ඩුවේ ප‍්‍රබල දේශපාලනඥයකුගේ මැදිහත්වීම මත නඩත්තු කෙරෙන බව ආරක්ෂක අංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
තොප්පිගල, අලියාඔඬේ ප‍්‍රදේශයේ පිහිටි Four-Six යනුවෙන් හඳුන්වන මෙම කඳවුර එල්ටීටීඊ සාමාජිකයන් පුහුණු කළ ස්ථානයකි. කරුණා අම්මාන්, කුමාරප්පන් සහ නිව්ටන් යන එල්ටීටීඊ නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක වූ මෙම කඳවුරේ තවමත් එල්ටීටීඊ සාමාජිකයන් 100ත්-150ත් අතර පිරිසක් සිටින බව පොලිස් විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ග තහවුරු කරයි. මෙම කඳවුර අවට අධිබල පුපුරන ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් වළලා තිබීමත් කඳවුර අවට කිඹුල්ලූන් බහුල දිය අගලක් පිහිටීමත් එකිනෙකා නොපෙනෙන තරමේ වූ වනගහනය හා මෙහි දැවැන්ත ගල්ගුහාවක් පිහිටා තිබීම නිසාත් යුද සමයේ දී ආරක්ෂක අංශවලට එම කඳවුර අත්පත් කරගැනීමට හැකි වූයේ නැත. ගුවන් හමුදාව මඟින් මෙම Four-Six කඳවුර ඉලක්ක කොට බෝම්බ හෙළුවද ඉහළින් පිහිටි දැවැන්ත වන ආවරණය නිසා එමඟින් සිදු වූ හානි පිළිබඳව සොයා ගැනීමට නොලැබුණු බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
 
මෙම කඳවුරේ සිටින එල්ටීටීඊ සාමාජිකයන්ට අවශ්‍ය ආහාර සහ අනෙකුත් පහසුකම් සපයමින් මේ වන විට ඔවුන්ව ආරක්ෂා කරමින් සිටින්නේ නැගෙනහිර පළාත නියෝජනය කරන අදාළ දේශපාලනඥයාය. ඔවුන්ගේ අනුමැතිය ලත් විශේෂ කණ්ඩායම් තොප්පිගල වනාන්තරය තුළට පිවිසෙන බවත් ඔවුන් ආහාර ආදිය රැගෙන ගිය ද ඒ පිළිබඳ වැඩිදුර විමර්ශනය නොකරන ලෙසට තමන්ට ඉහළින් නියෝග ලැබී ඇති බවත් තොප්පිගල ප‍්‍රදේශය අවට රාජකාරියේ නියුතු විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙක් සඳහන් කළේ ය. මේ පිළිබඳ තමන් ඉහළ නිලධාරීන්ට දැනුම් දී ඇති බව ද සඳහන් කළ නම හෙළි නොකළ එම නිලධාරියා වැඩිදුරටත් පැවැසුවේ මෙම එල්ටීටීඊ කණ්ඩායම මර්දනය කිරීමට අණ නොලැබෙන්නේ අදාළ දේශපාලනඥයා සහ ආණ්ඩුවේ ප‍්‍රබලයන් අතර ඇති සමීප සම්බන්ධතාවය නිසා බවයි.
ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ වුවමනාව මත මෙම කඳවුර රහසිගතව පවත්වාගෙන යාම දැඩි අවධානයට ලක්කළ යුතු කරුණක් බව පෙන්වා දෙන ආරක්ෂක විශ්ලේෂකයෝ වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙය ආණ්ඩුවේ රහසිගත සැලසුමක් සඳහා නඩත්තු කරනවාදැයි සැක මතුවන බවය.

No comments:

Post a Comment