Pages

Sunday, October 10, 2010

කත්රිනා හා දීපිකා අතර දබරයක්

බොලිවුඩ් වතගොත

කට්රිනා හා දීපිකා අතර දබරයක්
ලොව පුරා විසිර සිටින දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ සිහින පාරාදීසය ලෙස සැලකෙන බොලිවුඩය පිටතට පෙනෙන තරම් සුන්දර නොවන බව පෙනෙන්නේ ඉන් ආරංචි වන ඇතැම් පුවත් නිසාය. මෙම පුවත ද තරගකාරිත්වය නිසාම සුපිරි බොලිවුඩ් නිළියන් දෙදෙනෙකු අතර ඇතිව තිබෙන අමනාපයක් පිළිබඳවය. ඒ කට්රිනා කයිෆ් හා දීපිකා පදුකෝන්ය. දෙදෙනා අතර අමනාපයක් ඇතිවූ ප්‍රථම අවස්ථාව මෙයම නොවේ.
Click to enlarge
නමුත් මෙම අවස්ථාවේදී නම් දෙදෙනා සමථයකට පත්කිරීමට දීපිකාගේ හිටපු පෙම්වතා වන රන්බීර් ඉදිරිපත්ව නැත. මෙම ගැටුම ආරම්භ වී ඇත්තේ අක්ෂේ කුමාර්ගේ ජෝකර් චිත්‍රපටයේ කාන්තා ප්‍රධාන චරිතය නිසාය. මෙම චිත්‍රපටය අක්ෂේ, ෆාරා ඛාන් හා ශිරිෂ්ගේ සම නිෂ්පාදනයකි. කට්රිනා මෙන්ම දීපිකා ද සිතා ඇත්තේ තමන් එම චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතය සඳහා තෝරාගෙන ඇති බවය.
Click to enlarge
අක්ෂේ සමග ඇතිවූ කතාබහකදී ප්‍රධාන චරිතය සඳහා තමන් තෝරාගන්නා ලෙස කට්රිනා අක්ෂේගෙන් ඉල්ලීමක් කර ඇත. ඉන් අක්ෂේ මහත් අපහසුතාවයට පත්ව ඇත්තේ ඊට පෙර ප්‍රධාන චරිතය සඳහා දීපිකා තෝරාගෙන තිබූ නිසාය. මේ වනවිට ඔහු චිත්‍රපටයෙන් එක් අයෙකුට ඉවත් වන ලෙස මෙම නිළියන් දෙදෙනා වෙත ඉල්ලීම් කළ හැකි හොඳම ක්‍රමය සොයන බව වාර්තා වේ. මෙම තත්ත්වය ඔහු බොහෝ අපහසුතාවයට පත්කිරීමට හේතු වී ඇත්තේ දීපිකා මෙන්ම කට්රිනා ද අක්ෂේගේ සමීපම මිතුරියන් වීමත් දෙදෙනාගේම සිත රිදවීමට ඔහු අකමැතිවීමත් නිසාය.
Click to enlarge
මෙම සිදුවීම සම්බන්ධව කිසිදු මතභේදකාරී යක් නොකොට ඉවත්ව සිටීමට චිත්‍රපටයේ සම නිෂ්පාදකයකු වන ශිරිෂ් තීරණය කර ඇත. අක්ෂේ සමග ප්‍රධාන චරිතය රඟපෑම සම්බන්ධව තවදුරටත් මෙම නිළියන් දෙදෙනා අතර මත ගැටුම් පවතින අතර එම තත්ත්වය සමථයකට පත්ව නැත. අක්ෂේ සමග කතාබහ කොට දීපිකා හා කට්රිනා මෙම ගැටලුව සම්බන්ධව අවසන් විසඳුමකට එළඹෙනු ඇති බව කාගේත් විශ්වාසය වී ඇත.
Click to enlarge

No comments:

Post a Comment