Pages

Wednesday, October 20, 2010

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියා යයි


තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා සහභාගී වීමට‍ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා ඊයේ(17) පිටත්විය. එක්දින ක්‍රිකට් තරග තුනට අමතරව පන්දුවාර 20/20 ක්‍රිකට් තරගයක් ද මෙම තරගාවලියට ඇතුළත්ය.

ශ්‍රි ලංකාවේ අවසන් වරට පැවැත්වූ එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී නොවු මුත්තයියා මුරලිදරන් ද මෙම සංචාරයට ඇතුළත් කර තිබේ. කුමාර සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා සංචිතයට මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ශාන්, චාමර කපුගෙදර, ඇන්ජලෝ මැතිව්ස්, මුත්තයියා මුරලිදරන්, දිනේෂ් චන්දිමාල්, සුරාජ් රන්දිව්, නුවන් කුලසේකර ද ඇතුළත්ය.

මීට අමතරව ධම්මික ප්‍රසාද්, උපුල් තරංග, චාමර සිල්වා, දිල්හාර ප්‍රනාන්දු, ජීවන් මෙන්ඩිස්, ලසිත් මාලිංග, යන ක්‍රීඩකයින් ද සංචාරය සඳහා එක්ව සිටිති. පුහුණු තරග තුනකින් අනතුරුව පන්දුවාර 20/20 ක්‍රිකට් තරගය ලබන 31 වැනිදා ආරම්භ වීමට නියමිත අතර පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන මස තුන්වැනිදා ආරම්භ වේ.

No comments:

Post a Comment