Pages

Monday, October 25, 2010

බැසිල් facebook හරහාත් වැඩ

අබලන් වූ පාර පිලිබදව facebook හරහා බැසිල් රාජපක්ෂ ඇමතිතුමා දැනුවත් කිරීමෙන් අනතුරුව එය සංවර්ධනය කල පුවතක් වාර්තා වෙනවා.


ඉතා අබලන් තත්වයේ පවතින කිරිබත්ගොඩ ,මාකොල පාරේ ගල්පොත්ත හංදියේ පිහිටි ෆාතිමා මාවත කැළණීය හා  බියගම  ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වන්නක්.අදාල බලධාරීන්ගේ අවදානය මෙම මාර්ගය පිලිසකර කිරීමට යොමු නොවුනු නිසා ක්‍රියාත්මක වූ රැකියාවෙන් පෞද්ගලික බැංකු සහකර කළමණාකරුවෙකු වූ තරිදු නවරත්න නම් 27 හැවරිදි තරුණයා මෙම පාරේ වර්තමාන තත්වය පිළිබද බැසිල් රාජපක්ෂ ඇමතිතුමා facebook හරහා දැනුවත් කලා.



මේ තරිදුගේ අදහස්


"මේ පාර තාර පාරක්,නමුත් නිසි ලෙස කානු පද්ධතියක් තිබුණේ නැහැ.වැසි ජලය ගලා යෑම හේතුවෙන් පාර සේදි ගොස් තැනින් තැන තාර ගැලවි පාර දිනෙන් දින අබලන් තත්වයට පත් වුණා.බැසිල් රාජපක්ෂ ඇමතිතුමාට දැන් වුවහොත් යහපත් ප්‍රතිඑලයක් උදාවියයැයි සිතුනා.


ඒ අනුව මම ඇමතිතුමාගේ facebook ගිණුමට පාරේ වර්තමාන තත්වයේ සහ එහි ජායාරූප ගෙන යොමු කලා.තමන් බලාපොරොත්තු නොවු ලෙස එතුමා දින දෙකක් තුල ඇතුලත ප්‍රචාරය දැක්වුවා.පාරේ තත්තවය දැක සති දෙකක් අතුලත් පාරේ වැඩ කටයුතු ආරමිභ කොට ගම්පහ රන් අරැණ වැඩසටහන යටතේ මිලියන 2.5 ක් වැය කොට එහි වැඩ අවසන් කර  දුන්නා.ලංකාව වගේ රටකට ෆේස්බුක් එකක පණිවුඩයකින් මෙනතරමි දෙයක් කරන්න හැකි විමත් සිහිනයක්."

No comments:

Post a Comment