Pages

Monday, October 18, 2010

සුදු නංගීගෙ නිවසේ වැසිකිලියෙන් ආයුධ සොයා ගනී!!




ජනප්‍රිය නිළියකගේ නිවසේ වැසිකිලියේ තිබී ආයුධ සොයාගත් පුවතක් පසුගිය සතියේ පුවත්පත්වල නිළියගේ නම සදහන් නොකට පලවිය. නමුත් අද රිද්ම අතිරේකයෙන් හෙළිවන්නේ එම නිළිය සුදු නංගි ලෙසින් වඩාත් ප්‍රචලිත අයෝමි ශානිකා බවයි.







මේ පිලිබදව ලක්බිම පුවත් පතේ පලවූ පුවත (2010.10.09)

ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක සහ නිවේදිකාවකගේ නිවසක වැසිකිළියක තිබී අත්බෝම්බයක් පතරොමි ගැබ් දෙකක් සහ ටී 56 පතරොමි 6ක් තිබී මිරිහාන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ර්යේ (08) සොයාගෙන තිබේ.නුගේගොඩ කොඨ්ඨාසය භාර පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාට අම්පාර ප්‍රදේශයේ දුරකතයකින් යමෙක් ලබාදුන් තොරතුරකට අනුව එම අවිආයුධ සොයාගෙන ඇත.එම අවිආයුධ යමෙක් එම නිවසට දමා ඒ ඇමතුම දෙන්නට ඇතැයි පොලිස් අධිකාරිවරයා සැක පහළ කරයි.ර්යේ පෙරවරුවේ ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් දැනුවත් කිරිමට යැයි පවසමින් චිවරධාරීන් දෙදෙනෙක් ඇතුලු සිවු දෙනෙක් නිළියගේ නිවසට ගොස් තිබෙන බවත් පොලිස් අධිකාරිවරයාට දුරකතන ඇමතුමත් ලැබී ඇත්තේ ඊට සුලු මොහොතකට පසුව බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.ආයුධ පොලිතින් උරයක බහා තිබී ඇති අතර බැලු බැල්මට එය කිසියමි අයෙක් එදින එහි තබා ඇති බව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කලේය.නිළිය එම නිවසේ සිටින්නේ සිය මව සමගය.ඇය විවාහ වී සිටින්නේ ඇමතිවරයෙකුගේ මාධ්‍ය ලේකම්වරයෙක් සමග බවත් මේ වන විට ඔවුන් දික්කසාද විමට සුදානමින් නඩු මගට බැස සිටින බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.මේ සියලු කරුණු අධිකරණයට වාර්තා කරන බවත් නිළියගේ මව සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් මිරිහාන පොලිසිය කියයි.


නමුත් අයෝමි කියා සිටින්නේ මෙය තමාව විනාශ කරන්න සිදු කල දෙයක් බවයි.


ගෙදර කව්රුත් ආයුධ හා සම්බන්දව වැඩ කරනවද?

නැහැ අපි හතර දෙනාම ගොඩක් අහිංසක අය.අපි රස්සාවක් කරගෙන වැදගත් ජිවිතයක් ගත කරන අහිංසක මිනිස්සු. එහෙම අපිට ආයුධ ඕනේ නැ.මේක හිතාමතාම මවත් අපේ පවුලත් විනාශ කරන්න හිතාගෙන කරපු ක්‍රුර පලිගැනීමක්. අපේ ජිවිත වරදක පටලවල ජීවිතාන්තය දක්වා විදවන්න ඉඩදෙන්න ගත්ත උත්සාහයක්.

අයෝමි මේ දේ සිදුවුනේ මොන විදියටද?


ඩෙංගු මර්ධනයට කියල චීවරධාරීන් දෙන්නෙක් එක්ක තවත් පිරිමි පුද්ගලයෝ දෙන්නෙක් අපේ ගෙදරට ආවා. ඩෙංගු මර්ධන වැඩපිළිවලට එනවනම් වත්ත බලන්න ඕන උනත් මේ කට්ටිය මුලින් පල්ලෙහා ගෙදරට යන්නේවත් නැතුව උඩට ඇවිත්.

ගෙදරට ඇතුළු වුනේ ඩෙංගු මර්ධනයට කියලද?


නෑ එහෙම කියල නෑ. මේ කට්ටිය එනකොට ගෙදර දොර ඇරලා තිබිල තියෙන්නේ.ඒ නිසා මේ කට්ටිය අවසරයක් නැතුවම ගෙදරට ඇවිල්ල. අම්ම දැක්කට පස්සේ තමයි මේ දෙන්න කියල තියෙන්නේ ඩෙංගු මර්ධනයට ආව කියල. හාමුදුරුවෝ කිව්වම අපි කොහොමත් ගරු කරනවනේ. ඒ නිසා ගෙදරට ආවට අම්ම විරුද්ධ වෙලා නෑ. 


ඊට පස්සේ මොකද උනේ?


මේ අය කියල බාත්රූම් එකේ කොමඩ් වල බලන්න ඕන කියල. බාත්රූම් එක පෙන්නුවට පස්සේ එක චිවරධාරියෙක් කියල තියනවා කුල් වතුර එකක් දෙන්න කියල. අම්ම කුල වතුර එක ගෙන අතරේ තමයි මේ අය ආයුධ නාන කාමරේ තියල තියෙන්නේ.

මෙච්චර දෙයක් කරලත් සැකයක් ඇති උනේ නැද්ද?


අපි කොහමත් ඉන්නේ සැකෙන්. කාලයක් ලගින් ඇසුරු කරපු කෙනෙක් දිගින් දිගටම අපිට ප්‍රශ්න ඇති කලා.එත් මේ වෙලාවේ ආවේ හාමුදුරුවෝ නිසා අම්ම සැක කරලා නෑ.

ගෙදර ආයුධ තිබෙන බව දැනගත්තේ මොන විදියටද?


පොලිසියෙන් ඇවිත් ගෙදර පරික්ෂා කරන්න ඕන කියපු වෙලේ. කොහම වුනත් මේ කට්ටිය ගිහින් පැය බාගයක් ගියේ නෑ පොලිසිය අපේ ගෙදරට ආවා.

දුරකථන ඇමතුම ඇවිත් තියෙන්නේ අම්පරෙන්ලු.


ඔව් යම් දෙයක් කරපු කෙනෙක් තමන්ගේ ජංගම දුරකතනයෙන්, හරි ඉන්න පළාතෙන් හරි රාජකාරි ස්ථානයෙන් කෝල් එකක් දෙන්නේ නෑ.ඒ තරම් මෝඩ වෙන්නේ මොකටද? ඔය කෝල් එක කොතනින් ආවා කිව්වත් මම දන්නවා කව්ද මේ වැඩේ කරේ කියල.

No comments:

Post a Comment