Pages

Wednesday, October 27, 2010

උදාරිට අවවාද කර මුදාහැරීම ප්‍රතික්ෂේප කරයි

පසුගිය දිනවල ඔඩෙල් ආයතනයෙන් රු. 12000කට අධික ඇදුම් සොරාගෙන අසුවු උදාරි වර්ණකුලසූරීය අධිකරණය මගින් අවවාද කර මුදාහැරීම ප්‍රතික්ෂේප කරනු ලබුවා.

මෙම වරද සැකකාර ටෙලි නාට්‍ය නිළිය විසින් සිදු කර ඇත්තේ අනවබෝධයෙන් නිසා ඇයට ලිහිල් දඩුවමක් පනවා අවවාද කර මුදාහරින ලෙස නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා , සැකකාරිය පාසල් ශිෂ්‍යාවක් නම් අවවාද කර මුදාහැරිය හැකි වුවත්, ඇය එවැනි තත්වයක නැති හෙයින් මුදා හරිය නොහැකි බව ප්‍රකාශ කළේය.


මෙහිදී උදාරී වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පී.ඩී පෙරේරා මහතා මෙසේ කීය.

මෙම සැකකාරිය සතියේ දින පහ පුරාම විකාශනය වන ජනප්‍රිය ටෙලි නාට්‍යක ප්‍රධාන නිළිය ලෙස කටයුතු කරනවා.ඇයට එම ටෙලි නාට්‍යයේ රගපෑම නිසා දිනකට රු. 6500 ක් ලැබෙනවා.

ඇය විසින් අනවබෝධයෙන් කල මෙම ක්‍රියාව හේතුවෙන් දඩුවම් ලැබුනහොත් එම නාට්‍යයේ සිටිමට නොහැකි වී ඇයට සියලු දේ අහිමි වෙනවා.

සැකකාරියගේ සැමියා විදේශ රටක වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරනවා.මුල් අවස්ථාවේදී සැකකාරියට එරෙහිව නැගු චෝදනා වලට වරද පිළිගත් නිසා ඇයට ලිහිල් කර දඩුවමක් පනවන ලෙස ඉල්ලා සිටිනවා.යට් දඩුවම් කිරීමේදී ඇයගේ සමාජ තත්වය,කර තිබෙන වරදේ ස්වභාවය, මුල් අවස්ථාවේදී වරද පිළිගනිම යන කරුණු පිලිබදව සලකා බලන ලෙස ඉල්ලා සිටිනවා.

ලක්බිම පුවත්පතේ පලවූ ලිපිය
ලංකාදීප පුවත්පතේ පලවූ ලිපිය

No comments:

Post a Comment