Pages

Friday, October 15, 2010

රන්ජන් රාමනායක අත්අඩංගුවට

රන්ජන් රාමනායක අත්අඩංගුවට


පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. අද(14) පස්වරුවේ අපරාධ විමර්ශන අංශය මගින් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹදී අත්අඩංගුවට ගත් බවත්, ඔහු මහනුවර බලා මේ වනවිට රැගෙන එමින් සිටින බවත් මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සඳහන් කරයි. ඔහු හෙට(14) දිනයේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

මහනුවර ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාගෙන පසුව විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට චෝදනා එල්ල වී තිබුණි. එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පූජිත ජයසුන්දර මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment