Pages

Thursday, October 21, 2010

එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයෙන් ගත්තු රත්‍රන් වල වටිනාකම රු.මිලියන 490 යි

එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයෙන් ගත්තු රත්‍රන් වල වටිනාකම රු.මිලියන 490 යි

එල්.ටී.ටී.ඊයට එරෙහිව ආණ්ඩුව විසින් දියත් කළ යුද්ධයේ අවසාන අදියරේ දී වන්නි ප්‍රදේශයෙන් අත්
 අඩංගුවට ගනු ලැබූ රත්‍රන් වල වටිනාකම රුපියල් මිලියන 490 ක් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේශ් ගුණවර්ධන මහතා පවසයි.

කිලෝ ග්රෑම් 110 ක් බරැති එම රත්‍රන් තොගය මේ වන විට අදාළ නීතිමය ක්‍රමවේදය අනුගමනය කරමින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බාරදෙමින් සිටින බව ද ඔහු කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අද පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්න අසන ලද අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රධාන වශයෙන් ප්‍රශ්න 3 ක් ඇසූ බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා ඒවාට පිළිතුරු ලබාදුන් බවත් අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කරයි.

ආණ්ඩුව භාරයේ සිටින කුමාරන් පද්මනාදන් හෙවත් කේ.පී සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ කටයුතු මේ වන විට පවතින්නේ කෙබඳු පසුබිමකදැයි දයාසිරි ඇසූ පළමු පැනයට පිළිතුරු දෙමින් දිනේශ් ගුණවර්ධන අමාත්‍යවරයා පවසා ඇත්තේ"කේ.පී සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු සිදුකර මේ වන විට හමුදා රැඳවුම් භාරයේ තබාගෙන සිටින බවයි.

එකී මූලික විමර්ශන කටයුතු සිදුවූයේ කෙසේදැයි මන්ත්‍රීවරයා යළි ප්‍රශ්න කර තිබේ. ඊට පිළිතුරු දෙමින් මූලික විමර්ශන කටයුතු සිදුකිරීමේදී අනාවරණය වූ ඇතැම් තොරතුරු තහවුරු කරගැනීම සඳහා කේ.පී එක් වරක් වන්නි ප්‍රදේශයට කැටුවගෙන ගිය බව ගුණවර්ධන අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.

ඔහු රඳවා තබාගෙන සිටින්නේ කුමන රැඳවුම් නියෝග මත දැයි මන්ත්‍රීවරයා යළි ප්‍රශ්න කර තිබේ.

ආරක්ෂක හේතූන් නිසා ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කළ නොහැකි බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත.යුද්ධයේ අවසාන අදියරේදී අත්අඩංගුවට ගත් රත්‍රන් සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රශ්න කර ඇත්තේ මීළඟ වාචික ප්‍රශ්නය මතුකරමිනි.

No comments:

Post a Comment