Pages

Monday, October 18, 2010

රංජන්ට ඇප ලැබෙයි

රංජන්ට ඇප ලැබෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඇප පිට නිදහස් කිරීමට මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මහනුවර අතිරේක මහේස්ත්‍රාත් හමුවට අද(18) ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් විසිපන්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත ඔහු නිදහස් කිරීමට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය නියෝග කර තිබේ. සැකකරු විදේශගත වන්නේ නම් ඊට පෙර අධිකරණය දැනුවත් කළ යුතු බව ද මහේස්ත්‍රාත්වරිය සඳහන් කරනු ලැබීය.

කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන විශ්වාසය කඩ කිරීමේ චෝදනාවක් මත රන්ජන් රාමනායක මහතා පසුගිය 14 වැනිදා පොලිස් අත් අඩංගුවට පත්විය. ඒ අනුව පසුගිය 15 වැනිදා මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු ඉදිරිපත් කෙරුණු අතර එහිදි අද දිනය දක්වා රන්ජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කරනු ලැබීය.

එහිදි රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඔහුට ඇප ලබාදීමට ඉල්ලා සිටිය ද පොලිසිය ඊට දැඩි විරෝධය පළ කර සිටීමත් සමග සියලු කරුණු විමසා බැලු මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරිය ඔහුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබිණි.

No comments:

Post a Comment