Pages

Sunday, October 24, 2010

නකල්ස් ගින්න තාමත් එහෙමයි නකල්ස් ගින්න තාමත් එහෙමයි

නකල්ස් ගින්න තාමත් එහෙමයි

නකල්ස් ගින්න තාමත් එහෙමයි

නකල්ස් කඳු වැටියේ කහටගොල්ල සහ නවඳගල ප්‍රදේශ වල හට ගෙන ඇති ගින්න මේ වන විටත් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා පොලිසිය , යුද හමුදාව සහ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව කටයුතු කරමින් සිටින බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මේජර් කමල් හේරත් මහතා පවසයි.

පෙරේදා රාත්‍රියේ මෙම ගින්න හට ගෙන ඇති අතර එය මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවේ සහය ද ලබා ගැනීමට නියමිතව තිබූ බව සඳහන් වේ.

ප්‍රදේශයේ පවතින අධික මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් හෙලිකොප්ටර් යානා වලට එම ප්‍රදේශ වලට ගමන් කිරීමේ අපහසුතාවය මත ඊට බාධා පැමිණි බව මේජර් කමල් හේරත් මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් නකල්ස් කඳු වැටියේ කොටසක ගින්න පැවති ප්‍රදේශයේ ගින්න මැඩපැවැත්වීමට හැකි වී ඇති බව ඔහු පවසයි.

මේ වන විට ගින්න හේතුවෙන් හෙක්ටයාර 20 ක පමණ භූමි භාගයක් විනාශයට පත් ව ඇති බව ද මේජර් කමල් හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියි.

No comments:

Post a Comment