Pages

Tuesday, October 19, 2010

මංජුලා ඩිල්ෂාන්ගේ කට කතා ගැන කතා කරයි.



මංජුලා තිලිනි සිය ආදර කතාවේ සැගවුණු තැන් රිවිසරසි සමගින් හෙළි කලා.මේ එයින් කොටස් කීපයක්.

දිල්ෂාන් මුණගැහෙද්දී මංජුලා ජිවිතේ ගැන තිරනයක් අරගෙනයි තිබුනේ?


ඩිල්ෂාන්ගේ ජිවිතේ පෞද්ගලික බැදීම් කතාකරන්න තරම් බැදීමක් තිබුන උනත් මම ඒ වෙද්දී විවාහය ගැන තිරණය කරලයි තිබුනේ. මගේ ලොකු සම්බන්ධයක් තිබුන.එක නොකැඩෙන තරමට තිබුන දෙයක්. කොටින්ම කිව්වොත් මම හිටියේ කවදාවත් ඒ තීරණය වෙනස් කරන නැහැ කියන මතයේ. මගෙත් දිල්ෂාන්ගේත් පලවෙනි හමුවීමෙන් මාස 4-5 කට පසුව තමයි දිල්ෂාන් මට යෝජනාවක් ගේන්නේ. ඒ වෙද්දී මගේ තිබුන සම්බන්ධය අපේ ගෙදරින් පවා දැනගෙන හිටිය.

අන්තිමේදී කව්ද දිනුවේ?


දිනුව කියන්නේ මෙහෙමයි.දිල්ෂාන් මගේ කලින් සම්බන්දෙ තිබුන කෙනාට කතා කරලා ඒ සම්බන්ධය නතර කරන තැනට එයාව ගෙනාවා.ඩිල්ෂාන්ට ඕන උනේ එයාගේ අම්මටයි තාත්තටයි මාව හදුන්වල දීල ගෙවල් වලින් කතා කරලා ඉක්මනින් තිරනයක් ගන්න.

ඒ වෙද්දී ඩිල්ෂාන්ගේ ජිවිතේ තිබ්බ ප්‍රශ්න මංජුලාට ගැටළුවක් උනේ නැද්ද?


ඩිල්ෂාන්ගේ ජිවිතේ තිබ්බ ප්‍රශ්න ඒ වෙනකොට ගොඩක් දුරට විසදිලා තිබුනේ. විවාහය ගැන තීරණය කරන කාලේ ඒ ප්‍රශ්න තිබුනෙම නෑ.එත් මම ලොකු මානසික පිඩනයක හිටියේ.මොකද දිල්ෂාන් හිටපු තත්ත්වෙත් එක්ක ලොකු විවාහ උත්සවයක් අරගෙන විවාහ වෙන්න පුළුවන් කමක් අපට තිබුනේ නෑ. මොකද දිල්ෂාන් එක පාරක් විවාහ උන කෙනෙක්. ඒ විවාහයේ ප්‍රශ්න ඉවර උන විතරයි. ඒ නිසා මට ලොකු විවාහ උත්සවයක් ගන්න තිබුන කැමැත්ත යටපත් කරගන්න සිද්ද උනා. ඕනෑම කෙල්ලෙක්ට තියෙන ඒ හිනේ මට හිනයක්ම උනා. හිත රිදුනත් දිල්ෂාන් වෙනුවෙන්ම ඒක ඉවසන් හිටිය.

ඇතැම් අය කිව්වේ ඔබ නිසා ඩිල්ෂාන්ගේ පලවෙනි විවාහය අවසන් වූ බවයි.ඒ ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ?


කව්රු මොනවා කිව්වත් ඇත්ත තොරතුරු සේරම මම දන්නවා.මම එයාව තේරුම් අරගෙන හිටියේ.අපි පලවෙනි වතාවට විවාහ වෙන දවසෙත් දිල්ෂාන් පළමු විවාහය අවසන් කරලා කියල මම දන්නවා.

මංජුලගේ පවුල සම්පුර්ණ වෙද්දී මෑතක් වෙද්දීම යම් ගැටළු ආවා නේද?


අපි විවාහ උනාට පස්සේ ඉක්මනින්ම දරු සුරතල් බලන්න තරම් අපි වාසනාවන්ත උනා. ඒ එක්කම අර බාහිරින් ආපු කටකතා චෝදනාත් ගොඩක් දුරට අඩු වෙලා ගියා.  එත් මෑතකදිත් ඩිල්ෂාන්ට යම් යම් චෝදනා එල්ල උනා.එත් ඒ කිසිම දෙයක් අපේ ජිවිත වලට බලපෑවේ නෑ. අද වෙනකොට ඒවා ගැන කතාවක්වත් නැහැනේ.

No comments:

Post a Comment