Pages

Friday, February 11, 2011

Hot & special

බැංකු සේවකයින් හෙට වරුවක වර්ජනයක් අරඹයි
Feb 10,2011
රාජ්‍ය බැංකුවලට බඳවාගත් සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම අහිමි කිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සමස්ත ලංකා බැංකු සේවක සංගමය කටයුතු යොදා තිබේ.

1996 වසරෙන් පසු රාජ්‍ය බැංකුවලට බඳවාගත් සේවකයින්ගේ විශ්‍රාම වැටුප් හිමිකම අහිමි කර ඇති බව එම සංගමයේ ප්‍රධාන‍ ලේකම් ගාමිණි රත්නසිරි මහතා සඳහන් කළේය.

මේ වන විට විශ්‍රාම වැටුප් හිමිකම නොමැති සේවකයින් 15,000 ක් පමණ සිටින බව ද ඔහු පැවසුවේය.

මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණ, සත්‍යග්‍රහ සිදුකළ ‍ද මේ වන තෙක් ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ගාමිණි රත්නසිරි මහතා ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් හෙට(11) දහවල් 12. 30 සිට ක්‍රියාත්මක වන පරිදි වරුවක වර්ජනයක් සඳහා අවතීර්ණ වීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කර සිටියේය.

තවදුරටත් ආපදා තත්ත්වය පැවතුණොත් මැතිවරණය කල් දමන්න වෙයි

තවදුරටත් ආපදා තත්ත්වය පැවතුණොත් මැතිවරණය කල් දමන්න වෙයි

Feb 10,2011
ඉදිරි පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙසට පක්ෂ කිහිපයකින්ම රජයට ඉල්ලීම් ලැබී ඇතැයි පළාත් පාලන හා පළාත් සභා නි‍යෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පවසයි.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් රජය අවසන් තීරණයකට එළඹ නොමැති බව ඔහු සඳහන් ‍කළේය.

විශේෂයෙන් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇතැම් ප්‍රදේශවල මැතිවරණ කටයුතු නිසියාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වාතාවරණයක් ගොඩනැගි ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටි‍යේය.

මේ සම්බන්ධයෙන් මැතිවරණ ‍කොමසාරිස්වරයා සියලු පක්ෂ කැඳවා ඉදියේදී සාකච්ඡා කරණු ඇති බව ඔහු පැවසුවේය.

තවදුරටත් මෙම ආපදා තත්ත්වය පැවතියහොත් මැතිවරණය කල් දැමීමට සිදුවන බව ඉන්දික බණ්ඩාරනායක අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

මිල ඉහළ නැංවීමට හේතුව අයහපත් කාලගුණයයි

මිල ඉහළ නැංවීමට හේතුව අයහපත් කාලගුණයයි

Feb 10,2011
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීමට සිදුව ඇත්තේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යැයි වෙළෙඳුන් පවසයි.

පවතින වර්ෂාව හේතුවෙන් වී වේලාගැනීමට නොහැකි වීම මේ තත්ත්වයට හේතුව බව කොළඹ පරණයෝන් වීදියේ වෙළෙඳ සංගමයේ සභාපති කේ. පලනියණ්ඩි මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි කිසිඳු හිඟයක් වෙළෙඳපළ තුළ දක්නට ‍නොලැබෙන බව ඔහු සඳහන් කළේය.

මේ අතර පාලන මිල ඉක්මවා සහල් අලෙවිකරන වෙළෙඳුන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන ලෙසට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය. 

විද්‍යාපීඨ අභ්‍යාසලාභීන්ගේ දීමනා වැඩිකරන්නැයි තැපැල්පත් 5,000 ක්

විද්‍යාපීඨ අභ්‍යාසලාභීන්ගේ දීමනා වැඩිකරන්නැයි තැපැල්පත් 5,000 ක්

Feb 10,2011

අධ්‍යාපන විද්‍යාපීඨවල අධ්‍යාපනය ලබන අභ්‍යාසලාභීන්ගේ දීමනා වැඩි කරන‍ ලෙසට ඉල්ලා විදුලි තැපැල්පත් 5,000 ක් යැවීමේ වැඩසටහනක් අද(10) සිදුකරන බව අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය පවසයි.

අදාළ විදුලි තැපැල්පත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යැවීමට කටයුතු කරන බව එම සංගමයේ ලේකම් වසන්ත ධර්මසිරි මහතා සඳහන් කළේය.


No comments:

Post a Comment