Pages

Sunday, February 13, 2011

Hot


ඉන්දු -පකිස්ථාන කතානායිකාවන් ජනපති හමුවෙයි
ඉන්දු -පකිස්ථාන කතානායිකාවන් ජනපති හමුවෙයි
Feb 13,2011
පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලි‍මේන්තු සංසදයේ ආසියානු කලාපීය සැසිවාරය සඳහා සහභාගී වීමට දිවයිනට පැමිණි ඉන්දියානු සහ පකිස්ථාන කතානායිකාවන් දෙදෙනා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

ඊයේ(12) පස්වරුවේ දී අරලියගහ මන්දිරයේ දී ඉන්දීය ලොග් සභාවේ කතානායිකා මීරා කුමාර් මහත්මිය සහ පාකිස්ථාන කතානායිකා ආචාර්ය ෆෙමිඩා මිර්සා මහත්මිය ජනාධිපතිවරයා හමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංසදයේ තෙවන ආසියානු කලාපීය සැසිවාරය ඊයේ උදෑසන ශ්‍රී ලංකාවේ දී අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙවර සැසිවාර‍යේ දී දෙදින ව්‍යාපාරික සැසියක් ද පැවැත්වීමට නියමිත අතර දේශගුණික විපර්යාස , ස්වාභාවික ආපදා , දුගී බව දුරලීම , මාතෘ හා ළමා අයිතිවාසිකම් ආදිය සම්බන්ධයෙන් කලාපීය වශයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව වැඩි අවධානයක් යොමු වනු ඇත.

මෙම කරුණු සම්බන්ධයෙන් ඉන්දීයානු , පාකිස්ථාන කතානායිකවරියන් දීර්ඝ වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ අදහස් හුවමාරු කර ගෙන තිබේ. 
විලවුන් හා ඖෂධ පනත යළි සංශෝධනය කිරීමේ තීරණයක්
විලවුන් හා ඖෂධ පනත යළි සංශෝධනය කිරීමේ තීරණයක්
Feb 13,2011
විලවුන් උපකරණ සහ ඖෂධ පනත යළිත් වරක් සංශෝධනය කිරීමට ජාතික ඖෂධ අධිකාරිය තීරණය කර තිබේ.

එම පනතේ 4 වැනි සංශෝධනය මේ වන විටත් සකස් කර ඇති බව එම අධිකාරි‍යේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙණරගම මහතා ප්‍රකාශ කළේය.

ඖෂධ අළෙවිසැල් වලට එරෙහිව නීතීය ක්‍රියාත්මක කිරීමේ දී පනතේ තිබූ අඩුපාඩු මෙම සංශෝධනයෙන් මඟහැරෙන බව හේමන්ත බෙණරගම මහතා සඳහන් කළේය.
ජනවාරියේදී වීදී දරුවන් 24 ක් ළමා රක්ෂණ අධිකාරිය භාරයට
ජනවාරියේදී වීදී දරුවන් 24 ක් ළමා රක්ෂණ අධිකාරිය භාරයට
Feb 13,2011
වසරේ ගත වූ පළමු මාසය තුළ වීදී දරුවන් 24 දෙනෙකු ජාතික ළමා රක්ෂණ අධිකාරිය භාරයට ගෙන තිබේ.

ඊට අමතරව තවත් විවිධ අපයෝජන වලට ලක් වූ දරුවන් 8 දෙනෙකු සිය භාරයට ගැනීමට පසුගිය මාස 3ක කාලය තුළ හැකි වූ බව ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ අනෝමා දිසානායක මහත්මිය ප්‍රකාශ කළාය.

මෙසේ සිය භාරයට ගනු ලබන ළමුන් රැකබලා ගැනීම සඳහා විශේෂ නිවාස ක්‍රමයක් දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වල ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව අනෝමා දිසානායක මහත්මිය සඳහන් කළාය.

බම්බලපිටියේ සුපිරි ගණිකා නිවසක් වටලයි
බම්බලපිටියේ සුපිරි ගණිකා නිවසක් වටලයි
Feb 13,2011
බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලා එහි සිටි කාන්තාවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන මධ්‍යම ‍දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ(12) පස්වරුවේ මෙම වැටලීම සිදු කර ඇති බව සඳහන්ය.

එහි දී එම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය කළමනාකරු ද පොලිසිය ‍විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 25 සිට 40 දක්වා වයස් කාණ්ඩ වල කාන්තාවන් බව පොලිසිය පවසයි.

මොවුන් රත්මලාන , අනුරාධපුර , පදවිය , වේයන්ගොඩ , ගම්පහ , යන ප්‍රදේශ වල පදිංචිකාරියන් බව වාර්තා වේ.

වසර ගණනාවක සිට ‍හෝටලය තුළ මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති අතර එම ස්ථානයට එරෙහිව නඩු රැසක් ද අධිකර‍ණයේ විභාග වෙමින් පවතියි.

වලාන මධ්‍යම දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ ‍පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබේ. 

ශී‍්‍ර ලංකාවට පහසු ජයක්
ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග ආරම්භ කරමින් ශී‍්‍ර ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (12 වැනිදා* කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැති පළමු පුහුණු තරගයේදී ලකුණු 156 ක පහසු ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් විය.
නියමිත ඕවර 50 නිමා වන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 351 ක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වූ අතර ඕවර 47.3 කදී සියලූ දෙනා දැවී නෙදර්ලන්ත පිලට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 195 ක් පමණි.
 


No comments:

Post a Comment