Pages

Monday, February 21, 2011

Sri Lanka Hot News Last update 21/02/2011

Sri Lanka Hot News  Last update 21/02/2011  9:30am


බහරේනයට ගෘහ සේවිකාවන් යැවීම නවතයි -ගැටුම් නිසා ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නෑ
Feb 21,2011
බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ට එරට පවතින ගැටුම් හේතුවෙන් කිසිදු අනතුරක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ශ්‍රී ලාංකිකයන් 40,000 ක් පමණ බහරේනයේ සේවය කරන අතර කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ඔවුන් පිළිබඳ සොයා බලන බව එම කාර්යාංශය පැවසීය.

මේ අතර බහරේන් රාජ්‍යයට ‍මෙරට ගෘහ සේවිකාවන් පිටත්කර හැරීම තාවකාලිකව නතර කර තිබේ.

බහරේනය තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

තම රටට විදේශිකයන්ගේ පැමිණීම අත්‍යවශ්‍ය කරුණු සඳහා පමණක් සීමා කිරීමට බහරේන් ආරක්ෂක අමාත්‍යාංශය ද තීරණය කර තිබුණි.

ඒ අනූව මෙරට රැකියා ඒජන්සි ආයතන සඳහා නැවත දැනුම් දෙන තෙක් ගෘහ සේවිකාවන් බහරේන් රාජ්‍යයට පිටත්කර හැරීම තහනම් වනු ඇත. 
කලාපීය සමාජ සංවර්ධන ඇමති සමුළුව අදත් කොළඹදී
කලාපීය සමාජ සංවර්ධන ඇමති සමුළුව අදත් කොළඹදී
Feb 21,2011
දකුණු ආසියානු කලාපීය සමාජ සංවර්ධන අමාත්‍යවරුන්ගේ සමුළුව දෙවන දිනටත් අද(21) කොළඹදී පැවැත්වෙයි.

අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව ඊයේ(20) කොළඹදී ආරම්භ විය.

සමුළුව නියෝජනය කරමින් රටවල් 8ක නියෝජිතයන් 90 දෙනෙකු පමණ සහභාගී වී සිටියි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, භූතානය, පාකිස්ථානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් ඊට ඇතුළත්ය.

දකුණු ආසියානු කලාපයේ සමාජ ආරක්ෂණ සහ සමාජ සංවර්ධනය පිළිබඳ මෙම සමුළුවේ දී විශේෂ අවධානය යොමුවීමට නියමිතය.

හෙට(22) මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ද එළිදැක්වීමට සැලසුම් කර තිබේ. 
මුහුදු ‍කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ සිටි තිදෙනෙක් යළි මව්බිමට
මුහුදු ‍කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ සිටි තිදෙනෙක් යළි මව්බිමට
Feb 21,2011
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත්ව සිටි ධීවරයන් තිදෙනෙක් යළි දිවයිනට පැමිණ තිබේ.

මාතර ධීවර වරායෙන් පසුගිය 4 වැනිදා මුහුදු ගිය ධීවරයන් පස් දෙනෙකු සෝමාලියානු ‍කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත්විය.

පසුව කොල්ලකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාර වලින් ධීවරයන් දෙදෙනෙකු මියගොස් ඇත.

මුහුදු කොල්ලකරුවන්ට මුදල් ගෙවීමට තරම් වත්කමක් නොමැති හෙයින් තමන්ට නිදහස හිමිවුණු බව දිවිබේරාගත් ධීවරයින් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

කාසියේ වාසිය ශ්‍රී ලංකාවටයි-ප්‍රථමයෙන් පන්දුවට පහරදෙයි
කාසියේ වාසිය ශ්‍රී ලංකාවටයි-ප්‍රථමයෙන් පන්දුවට පහරදෙයි
Feb 20,2011
 2011 ලෝක කුසලාන තරගාවලියේ කැනඩාව හා ශ්‍රීලංකාව අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය ආරම්භවීමට සියලු කටයුතු සූදානම්ය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර් ,ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්නට තීරණය කරන ලදී.

හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නිල වශයෙන් විවෘත කිරීම සිදුවූයේද මීට ස්වල්ප මොහොතකට පෙරදීය.

ඒ අනුව මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ප්‍රථම තරගය 2011 ලෝක කුසලාන තරගාවලියේ කැනඩාව හා ශ්‍රී ලංකාව පැවැත්වෙන තරගය වීමද,එය මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ප්‍රථම තරගය වීමද සුවිශේෂය. 
හොර රූපවාහිනී 2 ක් මාට්ටු
හොර රූපවාහිනී 2 ක් මාට්ටු
Feb 20,2011
අම්පාර, අක්කරෙයිපත්තුව හා තිරික්කෝවිල් ප්‍රදේශවල අනවසරයෙන් පවත්වාගෙන ගිය රූපවාහිනී විකාශන ආයතන දෙකක් වටලා තිබේ.

පොලිසිය සඳහන් කර සිටියේ අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රූපවාහිනී විකාශන ආයතනය වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ‍ගත් බවයි.

අදාළ රූපවාහිනී ආයතනය මගින් වැඩසටහන් 16 ක් පමණ ප්‍රේක්ෂකයන් 120 දෙනෙකු සඳහා විකාශය කර ඇති බවට ද ‍තොරතුරු අනාවරණය වී තිබේ.

මේ සඳහා ස්ථාවර ගාස්තු වශයෙන් රුපියල් 3,000 ක් සහ මාසිකව රුපියල් 350 බැගින් අයකර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

මේ අතර අම්පාර, තිරුක්කෝවිල් ප්‍රදේශයේ පවත්වාගෙ ගිය මෙවැනිම ‍රූපවාහිනී ආයතනයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පුහුණුවීම් වලට කුඩම්මාගේ සැලකිලි-කැනඩා පුහුණුකරු කියයි
පුහුණුවීම් වලට කුඩම්මාගේ සැලකිලි-කැනඩා පුහුණුකරු කියයි
Feb 20,2011
ශ්‍රී ලංකාව තමන්ගේ පුහුණුවිම් කටයුතු වලට නිසි සහයෝගයක් ලබා නොදුන් බව කැනඩා ක්‍රිකට් කණ්ඩායම් පුහුණුකරු පුබුදු දසනායක මහතා පවසයි.

ශ්‍රීලංකාව හා කැනඩාව අතර 2011 ලෝක කුසලානය වෙනුවෙන් අද දින පවත්වන්නට නියමිත තරගයට අදාළව පෙර පුහුණු කටයුතු සිදුකිරීමේදී හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බාධා කිරීම් සිදුකළ බව ඔහු විසින් විදෙස් මාධ්‍යට පවසා තිබේ.

ඒ අනුව පසුගිය සිකුරාදා හා සෙනසුරාදා දිනයන්හි තම පුහුණුවීම් කටයුතු වලට නිසි සහයෝගයක් ලබා ‍නොදුන් බවත්.ඊට බාධා කළ බවත් ඔහු සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව තමන්ගේ මව් රට බවත්,ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය පිළිබද තමන්ගේ ගෞරවයක් පවත්නා බවත්,එසේ හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට එරෙහිව කැනඩා ක්‍රිකට් මණ්ඩලය දැනුවත් කිරීමට සිදුවීම පිළිබඳ කනගාටුවට පත්වන බවත් දසනායක මහතා කියා සිටියි.

කෙසේ වුවද ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රසිද්ධියේ දුක්ගැනවිලි කියන්නට බලාපොරොත්තුවක් තමාට නොමැති බවද කැනඩා ක්‍රිකට් කණ්ඩායම් පුහුණුකරුවා සඳහන් කර ඇත.

කැනඩා කණ්ඩායමට පුහුණු වීම සඳහා ලබා දී තිබුණු නියමිත වේලාවට ක්‍රීඩාංගණයට සහභාගී වුවත් ඒ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම තව දුරටත් පුහුණුවීම් කටයුතු වල නිරත වී සිටි නිසා තමන්ට පැය 2 ක් පමණ ප්‍රමාද වන්නට සිදුවූ බව හෙතෙම අවධාරණය කර ඇත.

ඉක්බිතිව ක්‍රීඩාංගණයට පිවිසුණත් පුහුණුවීම් ‍කරන්නට හැකිවූයේ මිනිත්තු 45 ක් වැනි සුළු වේලාවක් බවද,තමන් තව දුරටත් පුහුණුවීම් කළ යුතු බව දන්වා සිටියත් ක්‍රීඩාංගණයේ බලධාරීන් පුහුණු දැල් හකුළා දැමූ බවටත් ඔහු චෝදනා කරයි.

කෙසේ වුවද පුහුණුවීම් සඳහා වෙන්කෙරුණු දෙවෙනි දිනයේද මේ අයුරින්ම අකටයුතුකම් වලට මුහුණ පාන්නට තමන්ට සිදුවූ බව ඒ.එෆ්.පී පුවත් සේවයට පවසා තිබේ.

කැනඩා ක්‍රිකට් කණ්ඩායම් පුහුණුකරු පුබුදු දසනායක මහතා 90 දශකයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන අතර ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11 ක් හා එක්දින තරග 16 ක් සඳහා සහභාගී වී ඇති බවද .ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සමුගත් පසු කැනඩාවේ කණ්ඩායම් පුහුණුකරු ලෙස පත්වී ආ බවත් ඒ.එෆ්.පී පුවත් සේවය වැඩිදුරටත් උපුටා දක්වයි.

කෙසේ වුවද 2011 ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා කැනඩාව සහභාගී වන තරගය අද ප.ව 2.30 ට හම්බන්තොට, සූරියවැඩ ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ය.
 
පළාත් පාලන ආයතන 60 ක ඡන්දය නෑ
Feb 20,2011 
ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නාම යෝජනා භාර දුන් පළාත් පාලන ආයතන 60ක මැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

සහකාර මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.පී සුමනසිරි මහතා ප්‍රකාශ කර සිටියේ මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

අදාළ පළාත් පාලන ආයතන වල නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන පක්ෂ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් මැතිවරණ කොමසාරිස්වරයා මෙම තීරණය ගෙන තිබේ.

එම අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වන තෙක් අදාළ පළාත් පාලන ආයතන 60 ඡන්දය පැවැත්විය නොහැකි බව සහකාර මැතිවරණ කොමසාරිස් සුමනසිරි මහතා පවසයි.

ඒ අනුව එළඹෙන මාර්තු 17 වැනි දින අදාළ පළාත් පලාන ආයතන වල ඡන්ද විමසීම සිදු නොකරන අතර අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වූ පසු එම පළාත් පාලන ආයතන වල මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව සහකාර මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.පී සුමනසිරි මහතා වැඩිදුරටත් ප්‍රකාශ ක‍ළේය.
කෙන්යාව ලකුණු 69 ට සීමා කරන්නට නවසීලන්තය සමත්වෙයි
කෙන්යාව ලකුණු 69 ට සීමා කරන්නට නවසීලන්තය සමත්වෙයි
Feb 20,2011
2011 ලෝක කුසලාන තරගාවලියේ කෙන්යාව හා නවසීලන්තය අතර පැවති තරගයේදී සියලුදෙනාම දැවී ලකුණු 69 ක් රැස් කිරීමට කෙන්යානු කණ්ඩායම සමත්විය.

ඒ අනුව කෙන්යානු කණ්ඩායම ලකුණු 69 ට සීමා කිරීමට නවසීලන්ත කණ්ඩායමට හැකිවූයේ පන්දුවාර 23 යි පන්දු පහකිනි. ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායමට ලබාගත යුත්තේ ලකුණු 70 ක් පමණි.

ඉන්දියාවේ චෙන්නායි හී දී පෙරවරු 9.30ට මෙම තරගය ආරම්භ වූ අතර එහිදී කාසියේ වාසිය දිනාගනු ලැබුවේ කෙන්යානු කණ්ඩායමේ නායක ජිමී කැමෙන්ඩේ විසිනි.

ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්නට තීරණය කරන ලදී.

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන ප්‍රථම තරගය අද පස්වරුවේ කැනඩාව සමඟ හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනු ඇත.

2011 ලෝක කුසලානයට කෙන්යාව පිතිහරඹයට පණපොවයි
2011 ලෝක කුසලානයට කෙන්යාව පිතිහරඹයට පණපොවයි
 Feb 20,2011
2011 ලෝක කුසලාන තරගාවලියේ කෙන්යාව හා නවසීලන්තය අතර තරගය ඉන්දියාවේ චෙන්නායි හී දී පෙරවරු 9.30ට ආරම්භ වූ අතර එහිදී කාසියේ වාසිය දිනාගනු ලැබුවේ කෙන්යානු කණ්ඩායමේ නායක ජිමී කැමෙන්ඩේ විසිනි.

ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්නට තීරණය කරන ලදී. මෙම තරගයේ තොරතුරු සජීවීව එෆ්.එම් දෙරණ ඔස්සේ ඔබට සවන් දිය හැකියි.

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන ප්‍රථම තරගය අද පස්වරුවේ කැනඩාව සමඟ හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනු ඇත.

එම තොරතුරු ද සජීවීව එෆ්.එම් දෙරණ ඔස්සේ ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබේ. 
ජාතික ඩෙංගු මර්දන සතිය 23 දා ඇරඹෙයි
Feb 20,2011
ජාතික ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. මාර්තු මස 23 වැනි දින සිට 30 වැනි දින දක්වා කාලය ජාතික ඩෙංගු මර්දන සතිය ලෙස නම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

2011 වසරේ ක්‍රියාත්මක කරන පළමු ඩෙංගු මර්දන සතිය මෙයයි. මෙම සතිය තුළ දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පසුගිය කාලයේ ඇති වූ වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගය යළි ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බැවින් මෙසේ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වසරේ ගත වූ කාලය කුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තිබේ. තවත් පුද්ගලයින් 1245 දෙනෙකුට මේ වසරේ ඩෙංගු රෝගය වැළදී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.

No comments:

Post a Comment