Pages

Wednesday, February 16, 2011

Hot

ඉල්ලීම් වලට විසඳුම් නැත්නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක්
ඉල්ලීම් වලට විසඳුම් නැත්නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක්
Feb 15,2011
සිය ඉල්ලීම් වෙනුවෙන් නිසි විසඳුමක් ලබා නොදුනහොත් ලබන 23 වැනිදා සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

මේ වන විට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හෙට(16) උදෑසන 8 දක්වා පැවැත්වෙන බව එහි ලේකම් හරේන්ද්‍ර කුරුප්පු මහතා සඳහන් කළේය.

දිවයින පුරා සිටින වෛද්‍ය පර්යේෂණ තාක්ෂණ නිලධාරීන්, ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්, භෞත චිකිත්සක හා වෘත්තීය චිකිත්සක නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් මෙම සංකේත වර්ජනයට එක්ව සිටින බව ඔහු කියා සිටියේය.

වි‍ශේෂයෙන්ම වසර 14 ක් ප්‍රමාද කළ පරිපූරක වෛද්‍ය සේවාවේ උසස්වීම් ලබාදීම, 25% ක වෘත්තීය දීමනා පිළිබඳ එකඟවූ පරිදි ක්‍රියා නොකිරීම, වැනි ඉල්ලීම් 5ක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකෙරෙයි.
මිලියන 5.8 ක වියදමින් පීඩාවට පත් පවුල් 1,500 ට ආධාර සැපයෙයි
මිලියන 5.8 ක වියදමින් පීඩාවට පත් පවුල් 1,500 ට ආධාර සැපයෙයි
 Feb 15,2011
ගංවතුරින් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තවත් රැගත් ලොරි රථ කිහිපයක් අද(15) පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්කවලට‍ පිටත් කර යවා තිබේ.

ගංවතුරින් පීඩාවට පත් පවුල් 1,500 ට අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර මෙම ලොරි රථවල අන්තර්ගත බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පවසයි.

හාල්, තිරිඟු පිටි, සීනි, තේකොළ, පරිප්පු, සැමන්, කිරිපිටි වැනි ආහාර ද්‍රව්‍ය ඇතුළු එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය ද්‍රව්‍ය රැසක් මෙමගින් ලබාදීමට කටයුතු යොදා ඇත.

මේ සඳහා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය වැය කර ඇති මුදල රුපියල් මිලියන 5.8 කි. 

මුළු මහත් ජනතාවට එදිනෙදා වේල් තුන පිරිමහගන්න හැකියාවක් නෑ
මුළු මහත් ජනතාවට එදිනෙදා වේල් තුන පිරිමහගන්න හැකියාවක් නෑ
Feb 15,2011
ගංවතුරෙන් පීඩාවට පත්වූ ජනතාවට පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකාවේම වෙසෙන ජනතාවට එදිනෙදා වේල් තුන පිරිමසාගැනීමේ හැකියාව නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මැතිවරණයක් පාසා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් ජනතාව රැකගන්නා බවට පොරොන්දු දෙමින් ජන වරම ඉල්ලා සිටි නමුත් අද මහා ගංවතුර උවදුරට මුහුණ දී සිටින අපේ රටේ සහෝදර ජනතාවට අන්ත දුක්ඛිතභාවයට පත්වීමට සිදුව ඇති බව ඔහු පෙන්වාදෙයි.

එම ජනතාව රැකගැනීමට සිටින ආණ්ඩුව විසින් එම වගකීම පැහැරහරින යුගයක් උදාවී ඇති බව අද(15) හම්බන්තොට, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම පෙන්වාදුන්නේය. 

උගුලකට හසු වී සිටි හඳුන් දිවියා
Feb 15,2011
අම්පාර හිඟුරාණ පැරැණිගම ප්‍රදේශයේ ඇළ ඉවුරක අටවා තිබූ උගුලකට හසු වී සිටි හඳුන් දිවියකුගේ දිවි ගලවා ගැනීමට අම්පාර වන සංරක්ෂණ නිලධාරිහු සමත් වෙති. දිගින් අඩි හතරක් පමණ වූ මේ හඳුන් දිවියා වයස අවුරුදු හතරක් පමණ වන බව පශු වෛද්‍ය නිලධාරි ප්‍රමුදිත දේව සුරේන්ද්‍ර මහතා පැවසී ය. යථා තත්ත්වයට පත් වූ විගස එම සතා එග්ගල්ඔය ප්‍රදේශයේ වනයට මුදා හැරීම කිරීමට නියමිතය.
ඡායාරූප - චන්දන ලියනාරච්ච්

අන්තරේ දෙන්නාට ඇප ලැබෙයි
අන්තරේ දෙන්නාට ඇප ලැබෙයි
Feb 15,2011
අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබා සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහ රුහුණ කෘෂී පීඨයේ සභාපති අමිල ප‍්‍රසාද් යන සිසුන් ඇප පිට නිදහස් වී තිබේ.

අද(14) දින මාතර මහේස්ත‍්‍රාත් උසාවිය විසින් 75000 ක ශරීර ඇප 3 ට යටත්ව මොවුන් නිදහස් කළ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර, මාතර තිහගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 02 වන දින රාත්‍රීයේදීය.

මොහු රුහුණු සරසවියේ කෘෂි විද්‍යාපීඨයේ පැවති උත්සවයකට සහභාගී වී පැමිණෙමින් සිටිය දී තිහගොඩ ප‍්‍රදේශයේ දී පොලීසිය විසින් යොදන ලද මාර්ග බාධකයක් අසල දී සංජීව බණ්ඩාර පැමිණි පාපැදිය නවතා ප‍්‍රශ්නකොට ඇති බවත්, ඉන් අනතුරුව කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොරව සංජීව බණ්ඩාර සහ ඔහු සමග යතුරුපැදියේ පැමිණි කෘෂි පීඨයේ සභාපති ලෙස කටයුතු කරන අමිල ප්‍රසාද් යන සිසුවාද තිහගොඩ පොලීසියට රැගෙන ගොස් තිබුණි.

කෙසේ වුවද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සිසුවා අත්අඩංගුවට ගනු ලැබුවේ රුහුණු විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකුට කරන ලද පහරදීමක් සම්බන්ධයෙන් වන චෝදනාවකට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පසු දින අද දෙරණට කියා සිටියේය..
ඉන්දීය අත්අඩංගුවේ සිටි ධීවර පිරිස නිදහස ලබයි
ඉන්දීය අත්අඩංගුවේ සිටි ධීවර පිරිස නිදහස ලබයි
Feb 15,2011
ඉන්දියාව විසින් අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලාංකික ධීවරයින් පිරිස නිදහස් කර තිබේ. ධීවරයින් 94 දෙනෙක් මෙලෙස නිදහස ලබා ඇති බව සඳහන්ය.

පසුගිය වසරේ අග භාගයේ සහ මෙම වසරේ මුල් භාගයේ දී මෙම ධීවරයින් පිරිස ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇත.

ඉන්දීය මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙම ධීවරයින් පිරිස එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්විය.

නිදහස ලැබූ ධීවරයින් 94 දෙනාට අමතරව ධීවර යාත්‍රා 20ක් ද මුදා හැර ඇති බව සඳහන්ය.

නිදහස් කෙරුණු ධීවරයින් සහ යාත්‍රා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කෙරෙන පිටත් කර හැරීමේ නියෝගය ලද වහාම ඔවුන් මෙරටට‍ ගෙන්වා ගන්නා බව ධීවර අමාත්‍යාංශය පවසයි.

පාරිභෝගික සේවා වැටලීම් වසරකට ලක්ෂ 7ක් දක්වා ඉහළට
පාරිභෝගික සේවා වැටලීම් වසරකට ලක්ෂ 7ක් දක්වා ඉහළට
Feb 15,2011
පාරිභෝගික සේවා අධිකාරිය මගින් සිදු කරන වැටලීම් සංඛ්‍යාව වාර්ෂිකව ලක්ෂ 7ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

එම වැටලීම් සඳහා සහභාගී වන විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ද ඉහළ නංවා ඇති බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය පවසයි.

ඊට අමතරව විමර්ශන නිලධාරීන් දිරි ගැන්වීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියට එන මුදලින්10%ක මුදලක් ලබා දීමට ද තීරණය කර ඇති බව සඳහන්ය.

සාධාරණ වෙළඳපළක් මෙන්ම විනය ගරුක ව්‍යාපාරික ප්‍රජාවක් බිහි කිරීමේ අරමුණින් ‍මෙය ක්‍රියාත්මක කරන බව එම අමාත්‍යාංශය පවසයි.

සහල් තොග සඟවා දිවයින පුරා ව්‍යාජ සහල් හිඟයක් මවා පාමින් කූට ලෙස ලාභ ඉපැයීමට ක්‍රියා කරන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ද එම අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.

දැනටමත් එවැනි ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය කියා සිටියි.
එක්කෝටි අසූලක්‍ෂයක නිමි ඇඳුම් කන්ටේනර් 2ක් රාජසන්තකයි
Feb 15,2011
පුණ්‍ය කටයුතු සඳහා භාවිතා කිරීමට යැයි පවසමින් එංගලන්තයේ සිට මෙරටට රැගෙන ආ රුපියල් එක්කෝටි අසූහත්ලක්‍ෂයක නිමි ඇඳුම් කන්ටේනර් 2ක් ඊයේ (14) ශ්‍රී ලංකා රේගුව රාජසන්තක කර තිබේ.
ආයෝජන මණ්ඩලයේ අනුමත පෞද්ගලික නිමි ඇඳුම් ආයතනයක් මේ ඇඳුම් ගෙන්වා තිබෙන අතර පුණ්‍ය කටයුතු වෙනුවෙන් යැයි පවසමින් ගෙන්වා තිබූ මේ කන්ටේනර් දෙක ඇඳුම් නැවත සකස් කරන බව රේගුවට පවසා තිබේ. මීට මාස කීපයකට පෙර ගෙන්වා තිබෙන මේ කන්ටේනර් දෙක පිළිබඳව රේගුව සිදුකළ පරීක්‍ෂණවලින් අනතුරුව රාජසන්තක කිරීමට තීරණය කර ඇති අතර මේ කන්ටේනර් දෙක පිළිබඳ වැටලීම් රේගු නිවාරණ අංශය සිදුකර තිබේ.ප්ලාස්ටික් ඇසුරුම් නීතිය මාර්තු 1දා සිට අනිවාර්යයි
Feb 15,2011
එළවළු පලතුරු ප්‍රවාහනය කිරීම සඳහා මාර්තු පළමුවනදා සිට ප්ලාස්ටික් ඇසුරුම් අනිවාර්යය කෙරේ. ඒ සඳහා අවශ්‍ය ප්ලාස්ටික් ඇසුරුම් ලක්ෂ හතරක් ඊයේ (14) සිට බෙදාහැරීමට ආරම්භ කළ බව වෙළෙඳ හා සමූපකාර ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
අමාත්‍යවරයා පසුගිය 13 දා රාත්‍රී 8.45 ට පමණ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේ ය.
.

No comments:

Post a Comment