Pages

Thursday, February 17, 2011

Nehara

පුංචි තිරයේ පුංචි රුවැත්තිය නෙහාරා පීරිස්

"ෂෝට් පීපල්ස් ආ ස්වීටි කියලයි'' මම නිතරම හිතන්නේ

‘මුතු කිරිල්ලී ‘ ටෙලි සිත්තම හරහා ප්‍රේක්ෂක සිත් සතන් ආකර්ෂණය කරගත් පුංචි තිරයේ පුංචි රුවැත්තිය ඔබට ආගන්තුක චරිතයක් නොවේ. විවිධ චරිත ඔස්සේ සිය අපූර්ව රංගන කුසලතාවන් අප හමුවට ගෙන ආ ඇය ජනතා අභිෂේකයෙන් සම්මානීය වූ නිළියකි.
නෙහාරා පීරිස්
පුංචි තිරයේ ඔබේ ආදරණීය, ජනපි‍්‍රය නිළිය වූ නෙහාරා සමඟින් ‘ සරසවිය ‘ මෙලස සොඳුරු පිළිසඳරකට එක්වන්නේ ද ඔබ වෙනුවෙනි.
එන්න, මෙතැන් සිට අප ඇගෛ් සොඳුරු හදවතට මොහොතක් එබී බලමු.
හරි, නෙහාරා අපි මුලින්ම කතා කරමු මේ දවස්වල ඔයාගේ කලා කටයුතු සිදු වෙන්නේ කොහොමද කියලා....?
මේ දවස්වල සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වෙන ‘රුවන් මාළිගා ‘ ටෙලි නාට්‍යයේ මහීමා කියන චරිතයට රංගනයෙන් දායක වෙනවා. ඒක ‘ සුසිල ‘ නිෂ්පාදනයක්. අධ්‍යක්ෂණය කළේ රවීන්ද්‍ර විජේරත්න, ඒත්තෙක්කම ස්වාධීන රූපවාහිනියේ ‘ අමන්දා ‘ ටෙලි නාට්‍යයේ හිරුණි අමන්දා කියන චරිතයට පණ පොවනවා. එයත් සුසිල් නිෂ්පාදනයක් අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ ලිලන්ත කුමාරසිරි.
මේ දෙකම ‘ මෙගා ‘ කියලා අපි හඳුන්වන වර්ගයේ ටෙලි නාට්‍යය....?
ඔව්.
මම හිතන්නේ ඔයා වැඩිපුරම සම්බන්ධ වුණේ මෙගා ටෙලි නාට්‍යයවලට. නමුත් බොහෝ දෙනෙකු විවේචනය කරන විෂයක් මේක....?
මම හිතන්නේ මම රඟපාන අන්තිම මෙගා ටෙලි නාට්‍යය මේ දෙක වෙනවා වෙනවාමයි. ඒක අනිවාර්යයෙන්ම ෂුවර්. මම ඇත්තටම හිතුවේ. ‘ මුතු කිරිල්ලී ‘ එකෙන් පස්සේ මෙගා ටෙලි නාට්‍යයවල රඟපාන්නේ නෑ කියලයි. නමුත් ‘ රුවන් මලිගා ‘ ටෙලි නාට්‍යයේ චරිතය සහ ඒ කතා මාලාව ගැන සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය මට කිව්වට පස්සේ මට ලෝබකමක් හිතුණ මේ චරිතය වෙන කවුරුවත් රඟපානවාට. ඉතින් මට ඒක කරන්න ඕනෑ වුණා.
එතකොට ‘ අමන්දා ‘ ටෙලි නාට්‍යය.....?
අමන්දා ටෙලි නාට්‍යයේත් මට රඟපාන්න තිබුණේ වෙනස්ම චරිතයක්. ඒක පිරිමියෙක් වගේ හැසිරෙන ටිකක් රැඩිකල් චරිතයක්. මට හිතුණ ඒකෙන් රඟපාන්න ඕනෑයි කියලා. විශේෂයෙන්ම සන්ධ්‍යා ඇන්ටිගේ ඉල්ලීම ප්‍රකික්ෂේප කරන්නත් මට බැරිවුණා.

රසික රසිකාවන් මට මේ තරම්ම ආදරේ ඇයි කියන එක ප්‍රශ්නයක්


අමන්දා වගේ නෙහාරාත් ටිකක් රැඩිකල් චරිතයක්.....?
නෑ. නෑ. නෑ මම එහෙම පිරිමියෙක් වගේ කෙනෙක් නෙවෙයි. සැබෑ ජීවිතයේ දී මම බොහොම අහිංසක කෙනෙක්. ඉතින් මට හිතුණා ඒකාකාරී චරිතවලින් මිදෙන්න මේක හොඳ අවස්ථාවක් කියලා. නමුත් මම හිතන්නේ මේ මගේ අන්තීම මෙගා ටෙලි නාට්‍යය දෙක.
ඇයි ඔයා ඒ වගේ තීරණයකට එළඹුණේ.
නෑ. මම මේ මෙගා ටෙලි නට්‍යවලට විරුද්ධව කතා කරනවා නෙවෙයි. මම හිතන්නේ මේ වැඩේ හරි අමාරුයි. දැන් මේ දෙකම කරන නිසා මට හැමදාම ෂුටිං. උදේ 5.30 ට ගෙදරින් යනවා. සමහර විට රෑ 9.00, 10.00 වෙනවා ආපහු එනකොට.
එහෙමත් දවසක තමයි මම ෆ්‍රී වෙන්නේ.
ඒ වගෙම මට හිතෙනවා හැමදාමත් දකිනකොට පේ‍්‍රක්ෂකයන්ට එපා වෙයි ද කියලත්. සමහරක් වෙලාවට මට හිතෙනවා අපරාදේ මේ දෙකම එකට කරන්නේ කියලා. මොකද මටම තේරෙනවා මම ටී.වී. එකේ ඉන්නවා වැඩියි.
ඒ කියන්නේ ඔයාටම ඔයා එපා වෙනවා.....?
නෑ. නෑ. මට මාව එපා වෙන්නේ නැහැ. මම හරි ආසයි මම කරන දේවල් ටී. වි. එකේ බලන්න. ඒ වුණාට ඒක ලොකු රිස්ක් එකක් අයියා.
ඉතින් හැම දේකටම ක්‍රම සහ විධි තියෙනවනේ. මම කැමැති මම රඟපාන ටෙලි නාට්‍යයක් ඕනෑම වෙලාවක හිට් එකක් වෙනවට. එක තැන පල්වෙනවාට මම කැමැති නැහැ.
නව පරපුරේ නිළියන් අතරේ ලොකු තරගයක් තියෙනවා. ඒ නිසා එයාලා අතරේ එකමුතුකමක්, සහෝදර බැඳීමක් නැහැ කියලා චෝදනාවකුත් තියෙනවා. නෙහාරාට මොකද මේ ගැන හිතෙන්නේ.....?
බොරු කියන්න ඕනෑ නැහැනේ. එහෙම එකමුතුකමක් නම් නැහැ. මූණට ලස්සනට හිනාවෙලා ඉන්නවා. පණ වුණත් දෙන්න වගේ ඉන්නවා. ඒ වුණාට ඉක්මණින්ම වෙනස් වෙනවා. යනකල් ඉඳලා හිනාවෙනවා. මට මේ ක්ෂේත්‍රයේ යාළුවෝ නෑ. එහෙම යාළුවො වැඩක් නෑනේ.
කවුරු හරි ඔයාටත් ඔය චෝදනාවම කළොත්....?
මම කවුද කියලා මම දන්නවා. ඊර්ෂ්‍යාවට මම කාටවත් මොනවත් කියන්නේ නැහැ. මට වැඩකුත් නැහැ. කවුරු හරි ලස්සනට අඳීනව නම්, හොඳට රඟපානවා නම් මම ගිහින් ඒ අය අගය කරනවා.
ඒ තවත් නිළියක් විදිහට නෙවෙයි. රසිකාවක් හැටියට. මොකද මම කාටවත් ඊර්ෂ්‍යා කළා කියලා එතෙන්ට එන්න බැහැනේ.
නෙහාරාව කවුරුත් එහෙම අගය කරලා නැද්ද....?
නෑ. නෑ. නව පරපුරේ ඉඳලා සීනියර් ආටිස්ලා දක්වා එහෙම මාව අගය කරලා තියෙනවා. එහෙම කරලත් සමහරු මාව විවේචනය කරපු අවස්ථා මගෙ කනට ඇහිලා තියෙනවා. මම ආසා නෑ ඒකට. හරි නැත්නම් මූණට හරි නෑ කියන්න ඕනෑ. මම නම් එහෙමයි. මට අර විදිහට කළොත් කවුරු හරි එදායින් පස්සේ මම ඒ අයත් එක්ක තියෙන ආශ්‍රය නවත්වනවා. එතනින්ම මට ඒ පුද්ගලයාව එහෙම්පිටින්ම කාටුන් එකක් වෙනවා.
ඕනෑම ප්‍රශ්නයක දෙපැත්තක් තියෙනවනේ. සමහර විට ඔයා ඒ වගේ දැඩි තීරණයකට එළඹෙන්නේ වැරැදි අවබෝධයකින් වෙන්න පුළුවන්. වඩා හොඳ නැද්ද කතාබහ කරලා ප්‍රශ්නය විසඳ ගන්නවානම්......?
නෙහාරා, ඔයාට අරයා මෙහෙම කිව්වා කියලා කවුරු හරි කිව්ව පලියට මම ඒක විශ්වාස කරන්නේ නැහැ. එහෙම කොටවන අයත් ඉන්නවා. ඒවට මම අහුවෙන්නේ නැහැ. මම සේරම දත්ත අතේ තියාගෙන තමයි තීරණයක් ගන්නේ. සමහර වෙලාවට මම මූණට අහන අවස්ථාත් තියෙනවා. මම ගොඩක්ම කැමැතිත් එහෙම මූණට අහලා ප්‍රශ්න විසඳ ගන්න. එහෙම නැතිව වැරැදි අවබෝධයකින් මම කෙනෙක්ව අතාරින්නේ නැහැ.
නව පරපුරේ බොහෝ නිළියන් තමන්ගේ අඟ පසඟ පෙන්වලා පේ‍්‍රක්ෂක අවධානය දිනා ගන්නට උත්සහ දරන බවකුත් අපට ඇතැම් විට පෙනෙනවා. ඔයා ගැනත් යමෙකුට ඒ විදිහේ චෝදනාවක් නගන්න පුළුවන්....?
මට නම් ඒක අවස්ථානෝචිතව වෙනස් වෙන දෙයක්. උදාහරණයක් හැටියට මට සුමති සම්මාන උළෙලකට හෝ රයිගම් සම්මාන උළෙලකට යන්න බෑ කොටට ඇඳගෙන. ඒ වගේ තැනකට මම හිතන්නේ සුදුසුම ඇඳුම තමයි සාරිය. නැතිනම් ඔසරිය.
තැනට සුදුසු විදිහට අඳින්න, පළදින්න මම දන්නවා. කවුරු මොනවා කිව්වත් මට කමක් නැහැ. මම නම් ඇඟ පෙන්නලා ජනපි‍්‍රය වුණ කෙනෙක් නෙවෙයි. මම කොටට අඳින්නෙත් ගොඩක් කලාතුරකින්. අනෙක කොටට ඇන්දා කියලා ඒකෙන් කෙනෙකුගේ චරිතය මනින්නත් බැහැ. එහෙම නැති අයත් ඕනෑ තරම් වැරැදි කරනවා. සමාජයට පෙන්නන දේ නෙවේ ඇතුලේ තියෙන්නේ.
නෙහාරාට වැඩියෙන්ම ගැළපෙන ඇඳුම මොකක් කියල ද ඔයාට හිතෙන්නේ.....?
මට ඕනෑ දෙයක් සූට් වෙනවා. සාරියත් සූට් වෙනවා. ඔසරියත් ගැළපෙනවා. කලිසමයි, ටොප් එකයි හරියනවා. කොටටත් ලස්සනයි කියලා හැමෝම කියනවා. හැබැයි මම ගොඩක් දිගට නම් අඳින්නේ නැහැ. මොකද මගේ උසත් එක්ක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මම නිකං අගුටු මිට්ටෙක් වගේ.
ඔයා තව ටිකක් උස ගියා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද....?
ඒක ඉතින් මෙහෙමයි. මම ලද දෙයින් සතුටු වෙන කෙනෙක්. මට හිතෙනවා මම උස කෙනෙක් වුණා නම් මේ තරම් දුරක් මේ ක්ෂේත්‍රයේ එන්න ලැබෙන එකක් කියලා. එක්කෝ එහෙම නැති නම් ඊට එහා යන්නත් ඉඩ තිබුණා. මට සතුටුයි. අයියෝ මම තව උස ගියා නම් කියලා හිතලා කවදාවත් ලතවෙන්නේ නැහැ. මම හැම වෙලාවෙම හිතන්නේ, “ෂෝට් පීපල්ස් ආ ස්වීට් “ කියලයි.
අලුත් ටෙලි නාට්‍යයකට ඇරියුම් ලැබුණේ නැද්ද?
මේ අවුරුද්දේ අග වෙනකොට අලුත් ටෙලි නාට්‍යයක රඟපානවා. ඒක කොටස් තිස්පහක, හතළිහක එකක්.
ඔයා ඒ තරම් ටෙලි නාට්‍යය සංඛ්‍යාවක රඟපෑ නිළියක් නෙවේ. ඒත් පේ‍්‍රක්ෂකයෝ අතරේ අතිශයින් ජනපි‍්‍රය නිළියක්. මොකක්ද මේකෙ රහස....?
මටත් ඒක ප්‍රශ්නාර්ථයක්. ඇයි එයාලා මේ තරමටම මට කැමැති. ඇයි මට මේ තරම් ඇළුම් කරන්නේ කියලා. ඒක මට ගැටලුවක්. මම කියන්නේ නැහැ මම ලංකාවේ දක්ෂම නිළිය කියලා. මට වඩා දක්‍ෂ අය ගොඩක් ඉන්නවා. ඒත් මම මගේ ස්ටයිල් එකකින් රඟපානවා. සමහරක් අය ඒකට කැමැතියි. සමහරක් අය කැමැති නැහැ. මගේ රූපේ ගත්තොත් සමහරක් අයට පේනවා මම ලස්සනට. තව කෙනෙකුට කැතයි. ඒ ඒක එක්කෙනා දකින ආකාරය. සමහරක් අය කැමැති රඟපාන චරිතයට. අනේ එයා හරි ෂෝක් කියලා. ඔය සේරම එක එක විදිහට බලපානවා. අනෙක මගේ ගතිගුණවලටත් ගොඩක් අය කැමැති ඇති.
ඔයා කියන විදියට මිනිස්සු හරි විවිධයිනේ. එක එක්කෙනා හිතන ආකාරයත් වෙනස්. එතකොට මේ ලෝකයේ ඔයාව වැඩියෙන්ම තේරුම් ගත්ත කෙනා කවුරු කියල ද හිතෙන්නේ.....
නිර්මාල්. ඒ මගේ සැමියා එච්චරයි, ඒ ගැන වැඩි විස්තර අහන්න එපා.
ඔයා මැරි කරලා දැන් කොච්චර කල්ද?
අවුරුද්දයි, මාස පහක් විතර ඇති.
දැන්ම ජීවිතයේ අලුත් වෙනසක් සිදු වෙයිද?
අපෝ නෑ. ඒකට තව ගොඩක් කල් තියෙනවා. අපි එහෙම හිතමු.

No comments:

Post a Comment