Pages

Monday, February 28, 2011

Sri Lanka Hot News Last update 28/02/2011



හර්ෂ අබේවික්‍රම නව ගුවන් හමුදාපති ධුරයේ වැඩ බාරගනියි
හර්ෂ අබේවික්‍රම නව ගුවන් හමුදාපති ධුරයේ වැඩ බාරගනියි
එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා සුළු මොහොතකට පෙර 13 වන නව ගුවන් හමුදාපතිවරයා ලෙස නිල වශයෙන් සිය ධුරයේ වැඩ බාර ගනු ලැබීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 13 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා පසුගිය දා පත්කරනු ලැබීය.

විශ්‍රාම ලබන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතාට සුබ පැතීම සඳහා කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ දී ඊයේ(07) උත්සවයක් පැවැත්වුණි.

එහිදි ගුවන් හමුදාපතිවරයාට අයත් නිල යෂ්ටිය නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාට පිරිනැමීම සිදුවිය.

ගුවන් හමුදාපතිධුරයෙන් විශ්‍රාම ලැබීමෙන් අනතුරුව එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා මෙතෙක් වැඩ බැලූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ පිහිටුවීමට රජය තීරණය කර තිබේ. 
මුරලිගෙන් තවත් වාර්තාවක්
මුත්තයියා මුරලිදරන් ලෝක කුසලාන ක්‍රිකට් තරගවල වැඩිම දෙවැනි කඩුලු ලාභියා ලෙස වාර්තා පොතට එක්විය. පෙරේදා පාකිස්තානය සමග පැවැති තරගයේ දී මුරලිගේ පන්දුවකට උමාර් අක්මාල් දැවීයෑම ලෝක කුසලාන තරගවලදී ඔහු වාර්තා කළ 56වැනි කඩුල්ල විය.
මෙයට පෙර මුරලි විසින් කඩුලු 55ක් දවාගෙන පාකිස්තානයේ වසීම් අක්‍රම් තබා තිබූ වාර්තාව සමකර සිටියේය.
දැනට ක්‍රිකට් ලෝක කුසලාන තරගවලදී වැඩිම කඩුලු ලාභියා ලෙස ඔස්ටේ‍්‍රලියාවේ ග්ලේන් මැග්‍රා (කඩුලු 71ක්) වාර්තාව පිහිටුවා ඇත.
මුරලි ලෝක කුසලාන තරග 33 කදී ලකුණු 1117 කට කඩුලු 56ක් ලබා සිටී. ඔහු එක්දින හා ටෙස්ට් තරගවල ලොව වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නාද වේ.
මුරලි මේ තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටයෙන් සමුගැනීමට නියමිතය.
.
කොට්ටයක් බඩේ බැඳගෙන දරු ප්‍රසූතියට රෝහල් ගත වෙලා
Feb 28,2011
ගැබිනි මාතාවක් වෙසින් උදරයේ කොට්ටයක් සඟවා ගෙන කළුබෝවිල රෝහලට ඇතුළු වූ කාන්තාවක් හා ඇයගේ මව යැයි කියන වයොවෘද්ධ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.
පෙරේදා (26) දහවල් සායන කාඩ්පත් ද රැගෙන 21 වැනි වාට්ටුවට ඇතුළු වූ මේ කාන්තාව ඇඳ මත හොවා පරීක්ෂා කිරීමේදී උදරයේ සඟවා තිබූ කොට්ටය හමු වී ඇතැයි පොලිසිය කියයි. සැකකාර කාන්තාව අලුත උපන් දරුවකු සොරා ගැනීම සඳහා පැමිණියේ යැයි සැක කරන බව පොලිසිය කියයි.
මෙම කාන්තාව සතුව තිබූ පූර්ව ප්‍රසව ක්ෂේත්‍ර සටහන් පත්‍රකාවද ව්‍යාජ ලෙස පවුල් සෞඛ්‍ය නිලධාරිනියක් සටහන් තබන ආකාරයෙන් සටහන් තබා ඇති බව කළුබෝවිල රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ දොස්තර අනිල් ජයසිංහ මහතා පැවැසීය.
කාර්ය මණ්ඩලයේ කාර්්‍යක්ෂම බව හා විමසිලිමත් බව හේතුවෙන් සිදු වීමට ගිය දරු සොරකමක් වැළකී ගිය බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
විවාහ වී වසර දෙකකට ආසන්න වුවත් සැමියාගෙන් දරුවකු නොමැති හෙයින් ඥාතීන්ගෙන් හා ගම්මුන්ගෙන් එල්ලවන අවලාද හේතුවෙන් ගැබිනියක් ලෙස රඟ පෑ බව සැකකාර කාන්තාව පොලිසිය කළ ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත.
සැකකාරිය, බණ්ඩාරගම කිෙඳල්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 කාන්තාවකි.
කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝෂාන් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්්‍යාංශයේ උප පොලිස් පරීක්ෂක ගයනි, උප පොලිස් පරීක්ෂක සුජීව මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වයි.
මහින්ද සමරසිංහ අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අමතයි
මහින්ද සමරසිංහ අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අමතයි
Feb 28,2011
අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද(28) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ කොමිසමේ 16 වන සැසිවාරය ඇමතීමට නියමිතය.

එම සැසිවාරය මේ දිනවල ජිනිවාහිදි පැවැත්වෙයි.

මෙම සැසිවාරය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් නියෝජිත පිරිසක් පසුගියදා පිටත්ව ගියේය.

නීතිපති මොහාන් පීරිස් මහතා ඇතුළු නියෝජිත පිරිසක් මීට සහභාගී වී සිටින අතර එක්සත් ජාතීන්ගේ ජිනිවා කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ෂෙනුකා සෙනවිරත්න මහත්මිය ද සමුළුවට එක්ව සිටියි.

ශ්‍රී ලංකා දූත පිරිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලෙයි සමඟ මෙරට වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර ඇති බව ද සඳහන්ය.

ඡන්ද කටයුතු වලට රාජ්‍ය දේපළ දුන්නොත් ගාස්තුවක් අය කළ යුතුයි
ඡන්ද කටයුතු වලට රාජ්‍ය දේපළ දුන්නොත් ගාස්තුවක් අය කළ යුතුයි
Feb 28,2011
කිසියම් දේශපාලන පක්ෂයක මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ ලබාදෙන්නේ නම් ඒ සඳහා අනිවාර්යෙන්ම ගාස්තුවක් අය කළ යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ති‍බේ.

අදාළ දේපළ ලබාදිය යුත්තේ දේශපාලන පක්ෂ විසින් ඒවා ඉල්ලුම් කරණු ලබන අනුපිළිවෙල අනුව බව ද මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.

මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සඳහා රාජ්‍ය දේපළ ඉල්ලා සිටිය ද එය ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඊට හේතුව ලේඛනගත කර ඉදිරිපත් කළ යුතු බව ද එමගින් දැනුම් දී ඇති බව සඳහන්ය.

කිසියම් දේශපාලන පක්ෂයක මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රජයේ දේපළ නොමිලයේ ලබාදීම රාජ්‍ය දේපල අයථා ලෙස පරිහරණය කිරීමක් ලෙස සලකනු ලබන බව ද මැතිවරණ කොමසාරිස්වරයා පවසයි. 

No comments:

Post a Comment