Pages

Sunday, February 13, 2011

Hot

වව්නියාවේ 10,000 ට ඡන්දය අහිමියි
Feb 13,2011
වව්නියාව දිස්ත්‍රික්කයේ යළි පදිංචි කළ පුද්ගලයින් දස දහසකට පමණ පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දය අහිමි වී ඇති බව වාර්තා වේ.

මැණික් ෆාම් සහන ගම්මානයේ ද පුද්ගලයින් 1200කට පමණ ඡන්දය අහිමි වී ඇති බව මැතිවරණ නීරීක්ෂණ කණ්ඩායම් පවසයි.

එයින් වැඩි පිරිසකට ඡන්දය අහිමි වී ඇත්තේ නියමිත කාල වල දී ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනය නොකිරීම හේතුවෙන් බව සඳහන්වේ.

යුද සමයේ දී එම පළාත් වල ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනයක් නොවීම හේතුවෙන් තමන්ට ඡන්දය අහිමි වී ඇති බව ඡන්දය අහිමි වූ පුද්ගලයින් පෙන්වා දෙයි.

තමන්ට ඡන්දයක අවශ්‍යතාවයක් හෝ ඡන්දයක වටිනාකමක් අතීතයේ දී නොතිබූ බව ඔවුහු පවසති.

පැන ගිය සෙබළුන් 4630 ක් අත්අඩංගුවට-4816 ක් යළි භාර වෙයි
Feb 13,2011
යුද හමුදාවෙන් පලා ගිය සෙබළුන්ට යළි භාර වීමට ලබා දී තිබූ කාල සීමාව තුළ සෙබළුන් 4816 දෙනෙකු භාර වී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් උභය මැදවල මහතා ප්‍රකාශ කරයි.

පසුගිය 4 වැනිදා ආරම්භ වූ හමුදාවට භාර වීමට ලබා දී තිබූ කාල සීමාව ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

එම කාල සීමාව තුළ දී නිලධාරීන් 11 දෙනෙකු ද හමුදාවට භාර වූ බව මේජර් ජෙනරාල් උභය මැදවල මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පසුගිය නොවැම්බර් මාසයේ සිට මේ දක්වා හමුදාවෙන් පලා ගිය සෙබළුන් 4630 දෙනෙකු අත්අංඩගුවට ගෙන තිබේ.

තවත් නිලධාරීන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව උභය මැදවල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 
මීගමුවේ හදිසි ගින්නක්..!
මීගමුවේ හදිසි ගින්නක්..!
Feb 13,2011
මීගමුව නගරයේ වෙළඳ සංකීර්ණයක අද(13) අලුයම හදිසි ගින්නක් හට ගෙන තිබේ. ගින්නෙන් වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් 3කට හානි සිදු වී ඇති බව මීගමුව පොලිසිය පවසයි.

මීගමුව පොලිසිය සහ මීගමුව නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ‍ගින්න මැඩපවත්වා තිබේ. ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මීගමුව පොලිසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අධි බලැති පුපරණ ද්‍රව්‍ය සමග අයෙක් ගලගෙදරින් මාට්ටු
Feb 13,2011
අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුධ උපකරණ තොගයක් ළඟ තබා ගත් පුද්ගලයෙකු ගලගෙදර , බරිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ‍ගෙන තිබේ.

ගලගෙදර පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසේ තිබී සී ෆෝ වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් , ටී56 ජීව උණ්ඩ 2ක් , මිලි මීටර 5.6 වර්ගයේ ජීව උණ්ඩ 25ක් , මිලි මීටර 41 වර්ගයේ ජීව උණ්ඩයක් , ජීව අත්බෝම්බයක් , දුම් බෝම්බ 2ක් සහ යුද හමුදා නිල ඇඳුම් කට්ටලයක් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කටුගස්තොට පොලිසියට භාර දී ඇති බව සඳහන් වේ.

මේ අතර නාරම්මල කොස්ගොල්ල ප්‍රදේ‍ශයේ දී ජෙලට් නයිට් කූරු 193ක් සමඟ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

No comments:

Post a Comment