Pages

Tuesday, February 15, 2011

Hot & special

දෙවන යුදාධිකරණ නඩුවේ පිටපත් ඉදිරිපත් කරන්නැයි යුද හමුදාපතිට නියෝගයක්
Feb 14,2011
හිටපු යුද හමුදාපති සරත් ෆෙන්සේකා මහතා සම්බන්ධයෙන් දෙවන යුද අධිකරණය මගින් පැවැත්වූ සම්පූර්ණ නඩු විභාගයේ පිටපත් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද(14) යුද හමුදාපතිවරයාට නියෝග කර තිබේ.

හයිකෝප් මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පවරා ඇති නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා මෙම නියෝගය සිදුකර ඇත.

යුදාධිකරණය ආණ්ඩුකම ව්‍යවස්ථාව යටතේ පිළිගත් අධිකරණයක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත්දා තීරණය කර ඇති බව අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සඳහන් කළේය.

එබැවින් යුදාධිකරණය මගින් හයිකෝප් මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විත්තිකාර සරත් ෆොන්සේකා මහතාට වරදකරු කර දඬුවම් ලබාදී ඇති නිසා මහාධිකරණය හමුවෙහි පවරා ඇති මෙම නඩුව විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බව නීතිඥවරයා කියා සිටියේය.

එබැවින් අදාළ චෝදනා වලින් විත්තිකාර සරත් ෆොන්සේකා මහතා නිදහස් කළ යුතු බව විත්තියේ නීතිඥයා අධිකරණයට පෙන්වාදුන්නේය.

එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මේ පිළිබඳව අධ්‍යනයක් සිදුකිරීම සඳහා දෙවන යුදාධිකරණයේ සියලුම සහතික පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස යුදහමුදාපතිවරයාට නියෝග කළේය.

ඒ පිළීබඳව සලකා බැලීමෙන් අනතුරුව සුදුසු නියෝගයක් කරන බව විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව නඩු විභාගය මාර්තු මස 09 වන දිනට කල් තැබිණි.
එළවළු ප්‍රවාහනයට ප්ලාස්ටික් ඇසුරුම් ලක්ෂ 4ක් බෙදාහරියි
Feb 14,2011
එළවළු ප්‍රවාහනය කිරීම සඳහා ප්ලාස්ටික් ඇසුරුම් ලක්ෂ 4ක් අද(14) දින සිට බෙදා හැරීමට කටයුතු යොදා ඇතැයි සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ලබන මාර්තු 1 වැනිදා සිට එළවළු හා පළතුරු ප්‍රවාහනය කිරීම සදහා ප්ලාස්ටික් ඇසුරුම් භාවිත කිරීම අනිවාර්ය කර ඇති බව ඔහු සඳහන් කළේය.

අදාළ ප්ලාස්ටික් ඇසුරුම් රජය මඟින් මිල දී ගෙන ආර්ථික මධ්‍යස්ථාන හරහා බෙදා හැරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

පළතුරු හා එළවළු ප්‍රවාහනයේ දී සිදු වන නාස්තිය අවම කිරීමට මෙම ප්ලාස්ටික් ඇසුරුම් භාවිතයේ මූලික අරමුණ වී තිබේ.
 

No comments:

Post a Comment