Pages

Wednesday, February 9, 2011

Hot

සංගීත සංදර්ශන 2 ක් අවලංගුයි-ජනපතිගෙන් උපදෙස්
සංගීත සංදර්ශන 2 ක් අවලංගුයි-ජනපතිගෙන් උපදෙස්
Feb 08,2011
හම්බන්තොට සහ මහනුවර ප්‍රදේශවල පවත්වන්නට නියමිතව තිබූ සංගීත සංදර්ශන දෙකක් වහාම අවලංගු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට උපදෙස් ලබා දී තිබේ.

ක්‍රීඩා අමාත්‍යංශයේ සම්බන්ධීකරණයෙන් සංවිධානය කර තිබුණු මෙම සංගීත සංදර්ශන වෙනුවෙන් ‍වෙන් කළ මුදල් ගංවතුරෙන් පීඩා විඳින ජනයාට සහන සැලසීම සඳහා යොදවන ලෙස ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල ජයසේකර මහතා  කියා සිටියේය.
මුරලි ඔස්ට්‍රේලියාවට දඟපන්දු උගන්වයි..?
මුරලි ඔස්ට්‍රේලියාවට දඟපන්දු උගන්වයි..?
Feb 08,2011
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන නවක ක්‍රීඩකයින්ගේ පුහුණුකරු ලෙස ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

ඉදිරි සති කිහිපය තුළ දී මුරලිදරන් විසින් තමන්ගේ තීරණය පිළිබඳ නිල වශයෙන් දැනුම්දෙනු ඇතැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම්කාරක නිලධාරී ජොර්ජ් චැපල් මහතා ඩේලි ටෙලිග්‍රාප් මාධ්‍යයට සඳහන් කර ඇත.

මුත්තයියා මුරලිදරන් ලෝකයේ සුපිරිතම දඟ පන්දු යවන්නෙකු බවද,ඔහුගේ සේවය ලබා ගැනීමට හැකිවීමට තරම් තමන් වාසනාවන්ත වී ඇති බවද ජොර්ජ් චැපල් මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

එසේ වුවද මුරලිදරන් යනු පන්දුව දමා ගසන, නෝ බෝල් පන්දු යවන ක්‍රීඩකයෙකු ලෙස වරෙක ප්‍රකාශයට පත් කරන ලද්දේද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ ඩැරල් හෙයා විසින් බවද ඩේලි ටෙලිග්‍රාප් විසින් සිහිපත් කර තිබේ. 
එල්ටීටීඊයෙන් කියා එතෙර සිට මරණ තර්ජන කරලා

‘කෝටි හතේ’ කප්පම්කරුවෝ කප්පම ගනිද්දීම කොටුවෙති

මහ මොළකරු ඉන්දියානු පාතාලයෙක්
Feb 08,2011
විදේශයක සිට මෙරට කෝටිපති ව්‍යාපාරිකයකුට මරණීය තර්ජන එල්ල කර රුපියල් කෝටි හතක කප්පමක් ඉල්ලූ දෙදෙනකු එම මුදල් ලබාගන්නා අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීහු සමත් වෙති.
සැකකරුවන් ඉන්දියානු සහ ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් දෙදෙනෙකි. ප්‍රධාන කප්පම්කරු ඉන්දියාවේ සිටින ප්‍රධාන පෙළේ පාතාලයෙක් බව පැවසේ. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට පොලිසිය ඉන්දියානු ජාත්‍යන්තර පොලීසියේ සහාය ඉල්ලා තිබේ. මෙරට කෝටිපති ව්‍යාපාරිකයා ද්‍රවිඩ ජාතිකයෙකි. ඉන්දියාවේ සිටි කප්පම්කරු එම ව්‍යාපාරිකයාට දුරකතන ඇමතුම් දී තමා කොටි සංවිධානයෙන් බව පවසා කෝටි 7 ක කප්පමක් ඉල්ලා ඇත. එය ලබා නොදුනහොත් සිය පවුලම ඝාතනය කර ව්‍යාපාරික ස්ථානයද පුපුරුවා හරින බවට තර්ජනය කර තිබේ.
පළමුව ලක්ෂ 100ක මුදලක් දීමටත් සතියක් තුළ ඉතිරි ලක්ෂ 600 ලබා දීමටත් ව්‍යාපාරිකයා ඉල්ලීමක් කර ඇත.
ඊට කැමති වූ කප්පම්කරු මුදල් බාර ගැනීම සදහා හෙට්ටිවීදියේ රත්තරන් බඩු සාප්පුවක් හඳුන්වා දී දෙදෙනෙකු එම ස්ථානයට එවන බවද පවසා ඇත. නියමිත වේලාවට ඉන්දියන් ජාතිකයා සහ මුස්ලිම් ජාතිකයා පැමිණ තිබේ. මුදල් ගනුදෙනුව සිදුවන අවස්ථාව් එම ස්ථානය වටලා සිටි කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීහු සැකකරුවන් සමඟ මුදල් අත්අඩංගුවට ගත්හ.
අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයා ප්‍රධාන කප්පම්කරුගේ මස්සිනා බව හෙළිවී ඇත. ද්‍රවිඩ ජාතික කෝටිපති ව්‍යාපරිකයා ළඟ කලක් සේවය කළ තරුණයෙක් ඔහු සමඟ අමනාප වී මීට පෙර ඉන්දියාවට පලා ගොස් තිබිණි. මෙම කෝටිපති ව්‍යාපරිකයා සතුව මුදල් ඇති බවට කප්පම්කරුට තොරතුරු ලබා දී ඇත්තේ එම තරුණයා බවට ද තොරතුරු හෙළිවී තිබේ.
කප්පම් ගනුදෙනුව සිදුවූ රන් ආභරණ වෙළඳ සල් හිමි ඇතුළු සේවකයන්ගෙන් ද ප්‍රශ්න කර ඇත. විදේශයක සිට කප්පම් ඉල්ලා කප්පම්කරුවන් අත්අඩංගුවට පත්වූ ප්‍රථම අවස්ථාවද මෙය වෙයි. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් රඳවා ගැනීමේ නියෝග යටතේ තවදුරටත් ප්‍රශ්න කරගෙන යයි.
කොළඹ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට ලැබුණු තොරතුරක් මත කොළඹ අපරාධ කොට්ඨාසය බාර අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඩී.ආර්.එල්. රණවීර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත දික්ඕවිට, පොලිස් පරීක්ෂකවරුන් වන ජනක කුලරත්න, රත්නායක, බියපාල සැරයන්වරුන් වන හේවානායක , ගුණපාල, පොලිස් කොස්තාපල්වරුන් වන සමීර, ධනුෂ්ක, කුමාර, සහ සාලින්ද යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සැකකරුවන් කොටුකර ගැනීමට හැකිවිය.
එංගලන්තයේදී ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙක් මරුට
එංගලන්තයේදී ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙක් මරුට
Feb 08,2011
එංගලන්තයේ දී ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. එංගලන්ත මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගිනි තැබීමක් හේතුවෙන් සිදු වූ අනතුරකින් මෙම කාන්තාවන් දෙදෙනා ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.

පසුගිය සිකුරාදා දිනයේ එංගලන්තයේ ඇබින්ගර් ග්‍රෝව් හි පිහිටි මෙරීන් මහල් නිවාස සංකීර්ණයේ දී ‍මෙම අනතුර සිදු වී ඇති බව වාර්තා වේ. මෙසේ මිය ගොස් ඇත්තේ 42 හැවිරිදි කුනලිනී අල්ගරත්නම් සහ 59 හැවිරිදි ශාන්ත්‍රිපති ධර්මලිංගම් නැමැති ශ්‍රී ලාංකික දමිල ජාතික කාන්තාවන් දෙදෙනෙකි.

කුනලිනී අල්ගරත්නම් බ්‍රිතාන්‍යයේ පදිංචිව සිට ඇති අතර ඇය බැලීම සඳහා ශාන්ත්‍රිපති ධර්මලිංගම් එරටට ගොස් ඇති බවයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම මහල් නිවාස සංකීර්ණයේ සිටි 49 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන් වේ.

ඇය විසින් මෙම ගිනි තැබීම සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බවත් ඇය එරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් වාර්තා වේ. 

සහල් වල පාලන මිල ඉවත් කළ යුතුයි-මෝල් හිමියෝ පවසති
සහල් වල පාලන මිල ඉවත් කළ යුතුයි-මෝල් හිමියෝ පවසති
Feb 08,2011
 සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීමට රජය පියවර ගත යුතු බව සහල් මෝල් හිමියන් පවසයි.

මධ්‍යම පළාත් සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති එම්.එස්.එන් සනීර් මහතා ප්‍රකාශ කර සිටියේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග වී මිල දී ගැනීමේ දී සහල් මෝල් හිමියන් ගැටලු රැසකට මුහුණ දී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර එහි දී එම අමාත්‍යාංශයේ ලේකම් සුනිල් එස් සිරිසේන මහතාකියා සිටියේ කිසිදු ලෙසකින්වත් සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත් නොකරන බවයි.

මේ අතර මාස අටකට සරිලන ආහාර දැනට ර‍ජයේ ගබඩා වල තිබෙන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. 

No comments:

Post a Comment