Pages

Tuesday, February 8, 2011

Sri Lanka Hot News

ගංවතුරින් විනාශ වූ ප්‍රදේශ නැඟිටුවන්නට ජනපති කාර්ය සාධක බලකායක්ගංවතුරින් විනාශ වූ ප්‍රදේශ නැඟිටුවන්නට ජනපති කාර්ය සාධක බලකායක්
ගංවතුරින් විනාශයට පත් වූ ප්‍රදේශ යළි නඟා සිටුවීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණයට එළඹුණි.

පසුගිය දින වල ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර හා වෙනත් ආපදාවන්ට ලක් වූ ප්‍රදේශ‍ යළි යථා තත්ත්වයට පත් කිරීම මෙහි අරමුණ වේ.

ආපදාවන්ට ලක් වූ ජනතාවගේ ජන ජීවිතය නංවා ලීමට අදාළ සියලුම අමාත්‍යාංශ වලින් මෙම ජනාධිපති කාර්යය සාධක බලකාය සමන්විත වන බව පැවසෙයි.

එම බලකාය ඉදිරි දින කිහිපය තුළ පිහිටුවීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ම්‍රෛතීපාල සිරිසේන මහතා පවසයි. 
මාතරින් හොර කච්චේරියක් හමුවෙයි
Feb 07,2011
රාජ්‍ය ආයතන වලට අයත් ලිපි ලේඛන ව්‍යාජ ලෙස සකස් කළ කච්චේරියක් මාතර ප්‍රදේශයේ දී වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කච්චේරියෙහි ව්‍යාජ ලෙස සකස් කරන ලද ග්‍රාම සේවා සහතික , පුද්ගල හැඳුනුම්පත් , විවාහ සහ මරණ සහතික ඇතුළු ලිපි ලේඛන රැසක් සොයා ගැනීමට හැකි වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

හම්බන්තොට , වලස්මුල්ල , කුරුණෑගල , මාතර වැනි ප්‍රදේශ වල රාජ්‍ය නිලධාරීන්ගේ නම් යොදා ගනිමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද නිල මුද්‍රා රැසක් ද මෙහි දී සොයා ගෙන ඇති බව සඳහන් වේ. 
ඇමති ඩලස්ගේ පියා අභාවප‍්‍රාප්ත වෙයි
Feb 07,2011
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමති ඩලස් අලහප්පෙරුම මහතාගේ පියාණන් වූ විශ‍්‍රාමික විදුහල්පති සී. අලහප්පෙරුම මහතා ඊයේ (06) අභාවප‍්‍රාප්ත විය.
ඒ මහතා කලක් අසනීපයෙන් පසුවූ අතර, මාතර, ඌරුගමුව, රදම්පොළ ‘රුහුණු පාය’ නිවසෙහි දේහය තැන්පත් කර ඇති අතර, දේහය වෛද්‍ය විද්‍යාලයට භාරදීම අද (07) සිදු කිරීමට නියමිතය.

අද ලෝක කුසලානයට ප්‍රවේශපත්‍ර අලෙවි කරන්නේ නෑ
Feb 07,2011

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා අද(07) දිනය තුළ ප්‍රවේශපත්‍ර අලෙවි නොකරන බව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ සුරාජ් දන්දෙනිය මහතා පවසයි.

මීට පෙර ප්‍රවේශපත් වෙන්කරගත් පිරිස් වෙත පමණක් අද දිනය තුළ ප්‍රවේශපත්‍ර නිකුත්කරන බව ඒ මහතා සඳහන් කරයි.
 

අනුරපුර ජල ගැලීම් හා ගංවතුරින් පුද්ගලයන් 1,70000ක් අවතැන්

සඳමල්එළියත් ජලයෙන් යටවෙයි
අනුරාධපුර අධිකරණ අතිරේක දිස්ත්‍රික් සමූහ සහ අනුරාධපුර සමූහ
ජල ගැලීම් හා ගංවතුර හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් පනස් එක්දාස් හත්සිය පනහකට (51750) අයත් පුද්ගලයින් එක්ලක්ෂ හැත්තෑ හය දාස් එකසිය දෙනෙක් පීඩාවට පත්ව ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආපදා කළමනාකරණ අංශය කියයි.
ජල ගැලීම් සහ ගංවතුර නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විසි තුනක (23) ක පවුල් 4397 කට අයත් පුද්ගලයින් පහළොස්දාස් පන්සිය හැත්තෑ අට දෙනෙක් කඳවුරු 96 ක රඳවා සිටිති.
හොරොව්පොතාන රාජාංගනය පලාගල සහ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට වැඩිම හානි සිදුව තිබේ. දිස්ත්‍රික්කයේ වැඩිම පිරිසක් අවතැන්ව ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස කැකිරාව නාච්චාදුව හඳුනාගෙන තිබේ.
මේ අතර අනුරාධපුර මල්වතුඔයේ ජලය බැස යාමෙන් තන්තිරිමලේ සඳමල්එළිය ගම්මානය යටවී ඇති බව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආපදා කළමනාකරණ අංශය කියයි.
ඊයේ (6) දහවල් 11 පමණ වන විට පවුල් 45 ක් බේරා ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති අතර සෙසු පවුල් ද බේරා ගැනීමට බෝට්ටු සේවා යොදවා ඇත. තවද මේ වන විට එක් කඳවුරක් ආරම්භ කළ අතර ජල ගැලීම් තත්ත්වය වර්ධනය වීමත් සමග තවත් කඳවුරු කිහිපයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
මල්වතු ඔයේ ඉහළ ප්‍රදේශ වලින් ජලය බැස යාමත් සමග තන්තිරිමලේ ප්‍රදේශය යටවීමට පටන් ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේදී නව මුදල් නෝට්ටු හදුන්වා දීම
දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේදී රුපියල් 20, 50, 100, 500, 1000 සහ නව 5000 මුදල් නෝට්ටු හදුන්වා දීමට මහ බැංකුව කටයුතු යොදා තිබිණි. දේශීය සංස්කෘතික අංශ සහ සංවර්ධනයේ ඡායාරූප මුදල් නෝට්ටු සඳහා යොදාගෙන තිබේ. මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නව මුදල් නෝට්ටු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පිළිගන්වන අයුරු.
ඡායාරූපය - ඌව පළාත් සමූහ මාපා බණ්ඩාර
 

මැ.කො පක්ෂ මහ ලේකම්වරුන්ගේ හමුවක් කැඳවයි
මැ.කො පක්ෂ මහ ලේකම්වරුන්ගේ හමුවක් කැඳවයි
Feb 07,2011
සියලු දේශපාලන පක්ෂවල මහ ලේකම්වරුන්ගේ හමුවක් කැඳවීමට මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා තීරණය කර තිබේ.

මේ සතිය තුළ අදාළ හමුව පැවැත්වීමට නියමිතය.

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක් පීඩාවට පත්වීම මැතිවරණයට බලපාන ආකාරය පිළිබඳ මෙහිදි වැඩි අවධානය යොමුකිරීමට නියමිතව ඇත.

විපතට පත් ප්‍රදේශවල මැතිවරණ කටයුතු සඳහා මේ වන විටත් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල මැතිවරණය කල් දමන ලෙස ද ඇතැම් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් ද කර තිබුණි. 

ඩීසල් මිල ඉහළ දැමීමට සංස්ථාව තීරණය කර නෑ
ඩීසල් මිල ඉහළ දැමීමට සංස්ථාව තීරණය කර නෑ
Feb 07,2011
 ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඩීසල් මිල ඉහළ දැමීමේ තීරණයකට එළඹ නොමැති බව ඛනිජ තෙල් අමාත්‍යාංශය පවසයි.

ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් ලීටරයක මිල රුපියල් 5 න් ඉහළ නැංවුව ද ඛනිජ තෙල් සංස්ථාවට එමගින් බලපෑමක් නොමැති බව අමාත්‍යාංශය සඳහන් කරයි.

එබැවින් ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන තොග සැඟවීමට කටයුතු නොකළ යුතු බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නිකුත් කිරීම සීමා කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

අවශ්‍ය තරම් ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින බැවින් කිසිදු හිඟයකින් තොරව ඉන්ධන සැපයීම සිදුකරන බව ද අමාත්‍යාංශය සඳහන් කරනු ලැබීය.


No comments:

Post a Comment