Pages

Tuesday, February 22, 2011

Sri Lanka Hot News Last update 22/02/2011


රනිල් රට ගියේ සජිත්ට කනේ පාරක් ගහලයි
රනිල් රට ගියේ සජිත්ට කනේ පාරක් ගහලයි
Feb 22,2011
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විදේශගත වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා වෙත කනේ පහරක් එල්ල කර මහ ලේකම් තිස්ස අත්තනායක හා නියෝජ්‍ය නායක කරූ ජයසූරිය යන මහත්වරුන්ට එක්සත් ජාතික පක්ෂය බාර දී බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

එමෙන්ම මැතිවරණ නීති පිළීබඳව රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය හා ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වෙත පන්තියක් පැවැත්විය යුතු බව ද ඔහු සඳහන් කරයි.

එමෙන්ම ඉන්දීය ධීවර ජනතාව පිළිබඳව පවතින ගැටලුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගැටලුවක් නොවන බවත්, එය දෙරටේ ධීවර ජනතාව අතර ගැටලුවක් පමණක් බවත් හෙතෙම පෙන්වාදෙයි.

ඒ ගැටලුව සුහදව සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීමට කටයුතු කරන බවත් අද(22) කොළඹ, මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේය. 
යුද්ධයෙන් ඉල්ලූ දෙය කුමන පදනමකින්වත් ලබාදීමට සූදානම් නෑ
යුද්ධයෙන් ඉල්ලූ දෙය කුමන පදනමකින්වත් ලබාදීමට සූදානම් නෑ
එල්. ටී. ටී. ඊ සංවිධානය යුද්ධයෙන් ඉල්ලූ දෙය සාකච්ඡා හෝ කුමන පදනමකින්වත් ලබාදීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍ය ආයතන වල ප්‍රවෘත්ති කර්තෘවරුන් හා ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග පැවති අද(22) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

ඉන්දීය ධීවරයින් සම්බන්ධ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හවුල් ක්‍රියාකාරී කණ්ඩායමක් පවතින බවත්, ඒ පිළිබඳව සාකච්ඡා කර ඉක්මනින් තීරණයකට එළඹීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුව සම්බන්ධව විමසා බැලීම සඳහා උප කමිටුවක් පත්කර ඇති බවත්, ඒ සම්බන්ධව ඔවුන්ගේ නිර්දේශයන් පිළිබඳව විමසා බලන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ සේවය පිළිබඳව පැමිණිලි පවතී නම් ඒවා ඉදිරිපත් කරන ලෙස ද මහින්ද රාජපක්ෂ මහතා මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නමුත් පසුගිය ආපදා කාලය තුළ බහුතර රාජ්‍ය සේවකයින් පිරිසක් මහත් කැපවීමෙන් කටයුතු කළ බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදුන්නේය.

ද්‍රවිඩ ජාතික සන්ධානය සමග මේ වනවිට සාකච්ඡා වට 02 ක් පවත්වා ඇති බවත්, මාර්තු 01 වන දින තවත් සාකච්ඡා වටයක් පැවැත්වෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා කියාසිටියේය.

ආර්ථික කරුණු සහ උතුරු නැගෙනහිර ජනතාව පිළිබඳ අනාගත සැලසුම් කෙරෙහි මෙම සාකච්ඡා වලදී මූලික අවධානය යොමුකරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය. 
ප්‍රභාගේ මවගේ අවමංගල්‍යයට ආ තමිල්නාඩු දේශපාලඥයින් හරවා යවලා
ප්‍රභාගේ මවගේ අවමංගල්‍යයට ආ තමිල්නාඩු දේශපාලඥයින් හරවා යවලා
එල්. ටී. ටී. ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ මවගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීම සඳහා පැමිණි තමිල්නාඩු දේශපාලඥයින් තිදෙනෙකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර දී නොමැති බව ද්‍රවිඩ ජාතික නිදහස් සන්ධානයේ ලේකම් ශිවාජිලිංගම් මහතා පවසයි.

ප්‍රභාකරන්ගේ මවගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීම සඳහා පැමිණි තමිල්නාඩු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. තිරුමාවලවන් සහ තවත් දේශපාලඥයින් දෙදෙනෙකු අද(22) පෙරවරු 2 ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වූ බව  අදහස් දක්වමින් ශිවාජිලිංගම් මහතා සඳහන් කළේය.

එහිදී ඔවුන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලබා දී නොමැති බවත්, ඔවුන් නැවත ඉන්දියාව වෙත හරවා යවා ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

හිටපු එල්. ටී. ටී. ඊ නායකයාගේ මව වන පාර්වතී අම්මාන්ගේ අවමංගල්‍ය උත්සවය අද පස්වරුවෙහි යාපනය නගරයේදී පැවැත්වීමට නියමිතව ඇත. 
කේක් ගෙඩියේ හෙරොයින් සඟවා බන්ධනාගාරයට ගෙන ගිහින්
Feb 22,2011
කේක් ගෙඩියක් ඇතුළට හෙරොයින් දමා මීගමුව බන්ධනාගාරයේ රැඳවියකුට දීමට රැගෙන ආ සැකකරු රිමාන්ඩ් භාරේ තැබීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේ ය.
කොච්චිකඩේ සෝරුතොට පදිංචි මොහොමඩ් ලුතිපි නමැත්තා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මේ සැකකරු මීගමුව බන්ධනාගාරයේ නේවාසිකයකුට දීම සඳහා කේක් ගෙඩියක හෙරොයින් ග්‍රෑම් 8ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු බන්ධනාගාර නිලධාරින් මීගමුව පොලිසියට බාර දී තිබේ.
මීගමුව පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේ ය.

සරසවි සිසුන්ට 10,200කට  අමෙරිකාවෙන් ඉංග්‍රීසි ශිෂ්‍යත්ව
Feb 22,2011
ශ්‍රීලංකාවේ සරසවි සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා වර්ධනය කිරීම සඳහා ශිෂ්‍යත්ව 10200 ක් ලබාදීමට අමෙරිකානු තානාපති කාර්යාලය එකඟතාව පළ කර ඇත.
උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා සහ අමෙරිකානු තානාපති පැට්ට්‍රිෂියා ඒ බුටෙනිස් මහත්මිය මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට සිනමන් ලේක් හෝටලයේ දී අද (22) සවස අස්සන් තැබීමට නියමිතය. ලබන වසරේ සිට විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට අපේක්ෂා කරන සෑම සිසුවෙකුම උසස් පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පෙනී සිටිය යුතු බවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ. විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමෙන් පසු අදාළ විශ්වවිද්‍යාල මගින් ද ඉංග්‍රීසි පාඨමාලාවක් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරේ. එහිදී පවත්වන විභාගයෙන් තෝරාගනු ලබන සිසු සිසුවියන් සඳහා මේ ශිෂ්‍යත්ව පාඨමාලාව ක්‍රියාත්මක කෙරේ.
ඇමෙරිකාවේ ප්‍රසිද්ධ දුරස්ථ ඉංග්‍රීසි අධ්‍යාපන ආයතනයක් වන English first English Town ආයතනය මගින් මේ ශිෂ්‍යත්ව පිරිනමනු ඇත.
සෑම විශ්වවිද්‍යාලයකම හා උසස් අධ්‍යාපන ආයතනයකම ඉංග්‍රීසි භාෂා අධ්‍යයන අංශයන්හි තෝරාගත් ආචාර්යවරුන් කිහිපදෙනෙකු සඳහා අමෙරිකානු දුරස්ථ ඉංග්‍රීසි අධ්‍යාපන ආයතනයේ නියෝජිතයෝ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරති. පසුව එම පුහුණුවට සහභාගි වූ ආචාර්යවරුන්ගේ මඟපෙන්වීම යටතේ සිසුන් මේ පාඨමාලාව සඳහා යොමු කෙරේ.
අමෙරිකානු තානාපති කාර්යාලය හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ “විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන් විශ්ව දරුවන් ලෙස සමාජයට එක්විය යුතුය” යන පරමාර්ථයෙන් ක්‍රියාත්මක කෙරේ.
සිම්බාබ්වේ පරදවා ඕස්ට්‍රේලියාව ඉදිරියෙන්
Feb 21,2011
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර අද(21) ඉන්දියාවේ අහමදාබාද් සර්දාර් පටෙල් ක්‍රිඩාංගණයේ දි පැවති තරගයෙන් ලකුණු 91 ක ජයක් වාර්තා කරන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

කාසිය වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්නට තීරණය කළ අතර නියමිත පන්දුවාර අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 262 ක් රැස් කරන ලදී.

ඊට පිළිතුරු ලෙස පිටියට පිවිසුණු සිම්බාබ්වේ කණ්ඩායමට සියලුදෙනාම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 171 ක් පමණි. 

No comments:

Post a Comment