Pages

Thursday, February 3, 2011

Hot

Sri Lanka News Last update 02/02/2011 - 1:00pm
වෛද්‍ය නිර්දේශ නොතකා ෆොන්සේකාට කෙනෙහිලි-උණුවතුර පහසුකම් දෙන්නැයි අධිකරණයෙන් තීන්දුවක්..!
වෛද්‍ය නිර්දේශ නොතකා ෆොන්සේකාට කෙනෙහිලි-උණුවතුර පහසුකම් දෙන්නැයි අධිකරණයෙන් තීන්දුවක්..!
ශ්වසනාබාධයකින් පෙළෙන සරත් ෆොන්සේකා මහතාට පරිහරණය සඳහා උණුවතුර පහසුකම් ලබාදිමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය විසින් අද (02)බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් සේවයේ යොදවා මොවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සහ ඔහුගේ ලේකම් සේනකද සිල්වා යන අයට එරෙහිව පවරා ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදි මෙම නියෝගය කළ බව  පවසයි.

මුලින්ම අධිකරණයට කරුණු දැක්වූ සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සරත් ෆොන්සේකා මහතා සති 2 ක කාලයක් තිස්සේ ශ්වසනාබාධයකින්පෙළෙන බවයි.

ෆොන්බන්ධනාගාර වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇත්නම් උණුවතුර පහසුකම් ලබා නොදෙන්නේ මන්දැයි මෙහිදී මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර සේකා මහතාට පරිහරණය සඳහා උණුවතුර පහසුකම් ලබාදෙන ලෙස බන්ධනාගාර වෛද්‍යවරයා විසින් නිර්දේශ කර තිබුණ ද එකී පහසුකම් මෙතෙක් ලබාදිමට කටයුතු කර නැතැයි නීතිඥවරයා පෙන්වාදී තිබේ.

මහත්මිය බන්ධනාගාර නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියාය.

ඊට ප්‍රතිචාර දක්වමින බන්ධනාගාර නිලධාරීන් කියා සිටියේ මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් විත්තිකාර සරත් ෆොන්සේකා මහතාට පරිහරණය සඳහා උණුවතුර පහසුකම් වහා ලබාදීමට පියවර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය නියෝග කර තිබේ.

අනතුරුව දෙවෙනි විත්තිකර සේනකද සිල්වා ට ඇප ලබාදෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටින විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඊට එරෙහිව කරුණු දක්වමින් රජයේ නීතිඥවරයා කියා සිටියේ විත්තිකරුට ඇප ලබාදුනහොත් අධිකරණය මගහැර පලායන්නට ඉඩඇති බවයි.

කෙසේ වෙතත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්විත්තිකරු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය. අනතුරුව මෙම නඩුවේ වැඩිදුර විභාගය මැයි මස 03 වන දින ට කල්තබන ලදී.


බස් රිය ඇළට පෙරළී ඇඟලුම් සේවිකාවන් 20 ට තුවාලයි
බස් රිය ඇළට පෙරළී ඇඟලුම් සේවිකාවන් 20 ට තුවාලයි
Feb 02,2011
අම්පාර , තැපැල් හන්දිය ප්‍රදේශයේ දී ඇඟලුම් සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් ඇළකට පෙරළීමෙන් ඇඟලුම් සේවිකාවන් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද(02) පෙරවරු 6.30ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරයි. අනතුර සිදු වන අවස්ථාවේ බස් රථය තුළ ඇඟලුම් සේවිකාවන් 65 දෙනෙකු පමණ ගමන් ගනිමින් සිට තිබේ.

අනතුරින් තුවාල ලැබූ ඇඟලුම් සේවිකාවන් අම්පාර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි. 

වව්නියාවේ වෙළඳ විරෝධතාවයට තිත
Feb 02,2011
වව්නියාව බස් නැවතුම්පොළේ පිහිටි වෙළඳ සංකීර්ණයක වාහන ඇතුළු කිරීම තහනම් කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පවත්වා ‍ඇති බව සඳහන් වේ.

ඔවුන් වෙළඳසැල් වසා දමා මෙම විරෝධතාවයේ නිරත වූ බව වාර්තා වේ.

පසුව වව්නියාව නගර සභාවේ සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් පොලිසිය සහ ව්‍යාපාරිකයින් සමඟ සාකච්ඡා කර තත්ත්වය සමථයකට පත් කර තිබේ.

ඒ අනුව වෙළඳ සංකීර්ණය තුළට වාහන ඇතුළු කිරීමට පොලිසිය අවසර ලබා දුන් බව සඳහන් වේ.

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද මාර්තු 8-9
Feb 02,2011
පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සළකුණු කිරීම මාර්තු මස 8 හා 9 යන දිනවල සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය කියයි. තැපැල් ඡන්ද අයදුම් කිරීම පෙරේදා (31) අවසන් විය.
ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණයේදී තැපැල් ඡන්ද අයදුම් කළ පිරිසට වඩා අඩු පිරිසක් මෙවර අයදුම්කර ඇති බව පෙනීයන නමුත් තවම එම සංඛ්‍යාව ප්‍රකාශ කළ නොහැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලයීය ප්‍රකාශකයෙක් කීවේය.
ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්
Feb 02,2011
රට පුරා පවතින වර්ෂාව නිසා ඩෙංගු රෝගය යළිත් හිස එසවීමේ අවදානමක් පවතියි. පසුගිය ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් 620 දෙනකු වාර්තා වී තිබෙන අතර ඉන් අටදෙනෙකු මරණයට පත්වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 214 ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 87 ක්ද ලෙස වාර්තා වී තිබේ. ඩෙංගු රෝගය වැළඳුණු ළමයින් 155 දෙනෙකු ඉකුත් ජනවාරි මාසයේ දී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත්ව තිබේ. ඉන් එක් ළමයෙකු මරණයට පත්ව ඇත.
මැතිවරණ සමයට සමගාමීව ඩෙංගු රෝගය පිළිබඳව ද වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් නොඑසේ නම් ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම ඉහළ යා හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු පැවැසීය. විශේෂයෙන්ම කැළිකසළ නිසිලෙස බැහැර කර තමන් ජීවත්වන අවට පරිසරය පිරිසුදුව තබා ගන්නේ නම් ඩෙංගු උවදුරෙන් ජනතාවට මිදිය හැකි යැයි වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දෙයි. මේ අතර කොළඹ නගරයේ ඩෙංගු රෝගයේ ගණත්වය වැඩිවී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා පවසයි.
මැද කොළඹ ප්‍රදේශයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර, එය 69 කි. ජනවාරි මාසයේ වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 159 ක් වන බවත් එය ගිය වසරේ (2010) ජනවාරි මාසය හා සැසඳීමේදී අඩුවීමක් දක්නට ලැබෙන බවත් වෛද්‍ය කාරියවසම් මහතා පවසයි. ගිය වසරේ ජනවාරි මාසයේ දී කොළඹ නගරයෙන් පමණක් ඩෙංගු රෝගීන් 246 දෙනෙක් වාර්තා වී තිබේ.
විශේෂයෙන් වෙනත් දිනවල වාර්තා නොවූ ප්‍රදේශවලින්ද ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අතර, පාමංකඩ, කිරුළපන, කොටහේන, කොච්චිකඩේ හා අලුත්කඩේ යන ප්‍රදේශ ඒ අතර වේ. ජලය බැස යන අක්‍රමවත් කාණු පද්ධතිය, අපිරිසුදු පරිසරය, වැහි පීලි ඛ්ා අපද්‍රව්‍ය කළමනාකරණයක් නොවීම හේතුවෙනි. කොළඹ නගරයේ ඩෙංගු රෝගය ක්‍රමිකව වර්ධනය වෙමින් පවතින බවද වෛද්‍ය කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ගංවතුර තර්ජන තව තවත් දරුණු වෙයි
Feb 02,2011
මහවැලි ගඟ පිටාර ගැලීමෙන් ජලයෙන් යටවී ඇති මාවඩිචේන ප්‍රදේශයේ ජල මට්ටම තව තවත් වැඩිවෙමින් පවතින අතර ඊයේ (01) වන විට අවතැන් පවුල් සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වෙරුගල් ප්‍රාදේශීය ලේකම් පී. ධනේෂ්වරන් මහතා පැවසීය. වෙරුගල් ප්‍රදේශයේ ප්‍රවාහන කටයුතු බෝට්ටු වලට හා ඔරු වලට සීමා වී ඇතැයි කී ප්‍රාදේශීය ලේකම්වරයා අවතැන් පිරිස් මාවඩිචේන විද්‍යාලයේ රඳවා සිටිති.
මේ අතර කන්තලේ ජලාශයේ ජල මට්ටම අක්කර අඩි 118000 දක්වා ඉහළ ගොස් ඇති අතර ජලාශයේ තිබිය යුතු උපරිම ජල ධාරිතාව අක්කර අඩි 114000 අභිභවා ගොස් ඇතැයි කන්තලේ වාරිමාර්ග ඉංජිනේරු අයි. කනංකගේ මහතා පැවසීය. මේ නිසා ජලාශයේ විවෘත කර තිබූ වාන් දොරටු අඟල් නවයේ සිට අඩි එකහමාර දක්වා විවෘත කළ බව කීය. වාන් ඇළේ ඉවුරු ඛාදනය වැළැක්වීමට ආරක්ෂිත පියවර ගැනීමට කටයුතු කෙරේ.
ඊ නිව්ස් කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධියට සැක අයෙක් රිමාන්ඩ්
Feb 02,2011
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පවත්වාගෙන ගිය කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ,ඊයේ (1) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් ජයකී අල්විස් මහත්මිය විසින් ලබන 15 දා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.
මාලබේ දහම් මාවතේ පවත්වාගෙන ගිය ඊ නිව්ස් වෙබ් අඩවි කාර්යාලය පෙරේදා (31) අලුයම 2.00ට පමණ ගින්නෙන් විනාශ වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් තලංගම පොලිසිය පෙරේදා දිනයදීම මේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි මේ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි පොලිසිය පවසයි. ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව මේ ගිනි තැබීම සම්බන්ධ සම්පූර්ණ තොරතුරු අනාවරණය කරගත හැකි වේ යැයි පොලිසිය විශ්වාස කරයි.

කැලණි ගඟේ මීටර් 1000ක් පිහිනා වාර්තාවක් තැබූ මාලිගාවත්ත කාල්ටන් පෙර පාසලේ ඉගෙනුම ලබන වැල්ලම්පිටියේ සේදවත්තේ පදිංචි වියාමා ඕෂදී සිඟිති දැරිය ඊයේ (2) අරලියගහ මන්දිරයට කැඳවූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එම දැරියගේ දස්කම් අගය කරමින් ඇයට සුබ පැතුවේ මේ අයුරිනි.

No comments:

Post a Comment