Pages

Sunday, February 20, 2011

Hot


2011 ලෝක කුසලානයට කෙන්යාව පිතිහරඹයට පණපොවයි
2011 ලෝක කුසලානයට කෙන්යාව පිතිහරඹයට පණපොවයි
 Feb 20,2011
2011 ලෝක කුසලාන තරගාවලියේ කෙන්යාව හා නවසීලන්තය අතර තරගය ඉන්දියාවේ චෙන්නායි හී දී පෙරවරු 9.30ට ආරම්භ වූ අතර එහිදී කාසියේ වාසිය දිනාගනු ලැබුවේ කෙන්යානු කණ්ඩායමේ නායක ජිමී කැමෙන්ඩේ විසිනි.

ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්නට තීරණය කරන ලදී. මෙම තරගයේ තොරතුරු සජීවීව එෆ්.එම් දෙරණ ඔස්සේ ඔබට සවන් දිය හැකියි.

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන ප්‍රථම තරගය අද පස්වරුවේ කැනඩාව සමඟ හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනු ඇත.

එම තොරතුරු ද සජීවීව එෆ්.එම් දෙරණ ඔස්සේ ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබේ. 
ජාතික ඩෙංගු මර්දන සතිය 23 දා ඇරඹෙයි
Feb 20,2011
ජාතික ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. මාර්තු මස 23 වැනි දින සිට 30 වැනි දින දක්වා කාලය ජාතික ඩෙංගු මර්දන සතිය ලෙස නම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

2011 වසරේ ක්‍රියාත්මක කරන පළමු ඩෙංගු මර්දන සතිය මෙයයි. මෙම සතිය තුළ දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පසුගිය කාලයේ ඇති වූ වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගය යළි ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බැවින් මෙසේ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වසරේ ගත වූ කාලය කුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තිබේ. තවත් පුද්ගලයින් 1245 දෙනෙකුට මේ වසරේ ඩෙංගු රෝගය වැළදී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.
ප්‍රභාකරන්ගේ මව අවසන් නින්දේ
ප්‍රභාකරන්ගේ මව අවසන් නින්දේ
Feb 20,2011
හිටපු එල්.ටී.ටී.ඊ නායක වෙලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ මව මිය ගොස් තිබේ. අද(20)උදෑසන වැල්වෙටිතුරෙයි රෝහලේ දී ඇය මිය ගිය බව දෙමළ ජාතික විමුක්ති‍ පෙරමුණේ මහලේකම් එම්.කේ සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කළේය.

කලක් රෝගාතුරව සිටි පාර්වතී අම්මාල් මිය යන විට 81 වන වියෙහි පසුවිය. ඇයගේ අවසන් කටයුතු වැල්ලවෙටිතුරෙයි ප්‍රදේශයේ සිදු කිරීමට නියමිත බව සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කළේය.

අවසන් කටයුතු සිදු කරන දිනය ඥාතීන් සමඟ සාකච්ඡා කොට තීරණය කරන බව ද සිවාජිලිංගම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
දඹුුල්ලේ වාහන පහක් එකට ගැටේ
Feb 19,2011
දඹුල්ල ඉබ්බන්කටුව එස් වංගුව අසළදී නියෝජ්‍ය ඇමැති බසීර් සේගුදාවුද් ගේ ජීප් රිය දෙකක්ද සිනමා නිළි මේධා ජයරත්නගේ මෝටර් රථයක්ද හමුදා ට‍්‍රක් රියක්ද බස් රියක්ද අනතුරකට ලක්වීමෙන් නිළියගේ වාහනයේ සිටි තිදෙනෙක් සුළු ත-ුවාල ලදහ.
ජවිපෙ අපේක්ෂකයින් පිරිසකට ප්‍රහාරයක්
ජවිපෙ අපේක්ෂකයින් පිරිසකට ප්‍රහාරයක්
Feb 19,2011
ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයින් තිදෙනකුට මැර ප‍්‍රහාර එල්ල වී ඇති බව එම පෙරමුණ පවසයි.

ඊයේ(18) මධ්‍යම රාත‍්‍රියේදී ඇඹිලිපිටිය නගර සභා අපේක්ෂක කණ්ඩායමේ නායක, හිටපු නාගරික මන්ත‍්‍රී ජී.එස්.කේ. වෙළඳගොඩ මහතාට මෙසේ ප‍්‍රහාරයක් එල්ල වී ඇති බව සඳහන්ය.

ඒ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ද ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

මේ අතර ඊයේ(18) මධ්‍යම රාත‍්‍රියේදී මහනුවර දිස්ත‍්‍රික්කයේ පස්බාගේ කෝරළේ ප‍්‍රාදේශීය සභාවට ඉදිරිපත්ව සිටින කපිල අබේරත්න මහතා සහ එම සභාවටම තරග වදින සුනිල් බණ්ඩාර මහතා යතුරු පැදියකින් පැමිණෙමින් සිටියදී දෙකින්ද පාලම අසලදී මැර ප‍්‍රහාරයකට ලක්ව තිබෙන බව ද එම පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වෑන් රථයකින් පැමිණි පිරිසක් ජවිපෙ අපේක්ෂකයින් ගමන් ගත් යතුරුපැදිය හරස් කොට නවතා, ඔවුන් දෙදෙනාට පහරදී ඇති අතර ඔවුන් සතුව තිබූ රුපියල් 7500ක මුදලද කොල්ලකා තිබෙන බව ඔවුන් පෙන්වාදෙයි.

ප‍්‍රහාරයට ලක් වූ කපිල අබේරත්න මහතා මේ වන විට නාවලපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව ද සඳහන්ය. 
ලෝක කුසලාන තරගාවලිය ඇරඹෙයි -පළමු තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට
ලෝක කුසලාන තරගාවලිය ඇරඹෙයි -පළමු තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට
Feb 19,2011
අද(19) ආරම්භ වූ 2011 ක්‍රිකට් ලෝක කුසලාන පළමු තරගයේ කාසිය වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර තිබේ.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තරග තොරතුරු පන්දුවෙන් පන්දුවට එෆ්.එම්. දෙරණ සජීවීව ඔබ වෙත ගෙනඑයි.

තරගාවලියේ පළමු තරගය ලෙස බී කාණ්ඩය යට‍තේ ඉන්දියාව සහ බංග්ලාදේශය තරග වදියි.

දිවා රාත්‍රී තරගයක් ලෙස මෙම තරගය බංග්ලාදේශයේ මීර්පූර් හි ෂේරේ බංග්ලා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි. මෙවර තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙයි.

ඒ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, පාකිස්ථානය, නවසීලන්තය, කැනඩාව, සිම්බාබ්වේ සහ කෙන්යා කණ්ඩායම් තරග වදියි.

බී කාණ්ඩය යටතේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ අයර්ලන්තය තරග වදියි.

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය හෙට(20) කැනඩා කණ්ඩායම සමග දිවා රාත්‍රී තරගයක් ලෙස සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.
සම්බුද්ධ ජයන්ති චිත්‍රපට උළෙල වෙනුවෙන් විශේෂ ගුවන් ගමන් පැකේජයක්
සම්බුද්ධ ජයන්ති චිත්‍රපට උළෙල වෙනුවෙන් විශේෂ ගුවන් ගමන් පැකේජයක්
Feb 19,2011
2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට සමගාමීව විදෙස් සංචාරකයින් මෙරටට ආකර්ශනය කරගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවෙයි.

චිත්‍රපට උළෙලට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් විශේෂ ගුවන් ගමන් පැකේජයක් ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පැවසීය.

සම්බුද්ධත්ව ජයන්තිය පැවැත්වෙන කාලසීමාව තුළ සංචාරකයින් විශාල පිරිසක් මෙරටට ගෙන්වා ගැනීම ද මෙහි එක් අරමුණක් බව එම කා‍ර්යාංශය සඳහන් කරයි.

මෙම චිත්‍රපට උළෙල සඳහා ජපානය, චීනය, කොරියාව, තායිලන්තය, ඉන්දියාව, සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක නිර්මාණ ඉදිරිපත් කිරීමට නියමිතය. 
වසර 17 ක් සෞදියේ වහල් සේවයේ යෙදුණු මෙරට කතක් මුදවාගනියි
Feb 19,2011
වසර 17 ක කාලයක් සෞදි අරාබියානු නිවසක වහල් සේවයේ නියැලී සිටි ශ්‍රී ලාංකික කාන්කාවක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මුදවාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1994 වර්ෂයේදී රියාද්හි ගෘහ සේවිකාවක ලෙස සේවයට ගොස් ඇති කුසුමා නන්දිනී නැමති මෙම 56 හැවිරිදි කාන්තාව එතැන් සිට එම නිවසෙහි සිරකාරියක බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ වෙසෙන ඇයගේ ඥාතීන් සමග සන්නිවේදන කටයුතු ද ඇයට මෙම නිවසේ ස්වාමියා විසින් තහනම් කර ඇති අතර වසර 15 ක් පමණ ඇයට කිසිදු වැටුප් ගෙවීමක් සිදුකර නොමැති බව ද සඳහන්ය.

වසර 15 ක කාලයක් මෙම කාන්තාව අදාළ නිවසෙහි වහලියක ලෙස සේවය කළ පසුව එම නිවෙස් හිමිකරුගේ සොහොයුරාගේ නිවසෙහි සේවය කිරීම සඳහා ඇය පිටත් කර යවා තිබේ.

සෞදි අරාබියේ ගෘහ සේවිකා වෘත්තීය ඉතිහාසය තුළ වාර්තා බිඳදමන ලද සිදුවීමක් ලෙස මෙම සිදුවීම වාර්තා වන බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙහි කම්කරු සුබසාධන නිලධාරී සුනිල් විජේසිංහ මහතා පවසයි.

තානාපති කාර්යාල නිලධාරීන්ට නන්දිනී හමුවන විට ඇය සිය මව්බස මෙන්ම ඇයගේ ශ්‍රී ලාංකික ඥාතීන් පිළිබඳව ද අමතකව තිබූ බව ඔහු සඳහන් කරයි. 

මෙරට මුහුදු සීමාවෙන් ඈත්වන්නැයි ඉන්දීය ධීවරයින්ට උපදෙස්
මෙරට මුහුදු සීමාවෙන් ඈත්වන්නැයි ඉන්දීය ධීවරයින්ට උපදෙස්
Feb 19,2011
ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඈත්ව කටයුතු කරන ලෙස ඉන්දියානු විදේශ අමාත්‍ය එස්. එම්. ක්‍රිෂ්ණා මහතා විසින් තමිල්නාඩු ධීවරයින් වෙත දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව විසින් රිමාන්ඩ් භාරයේ සිටි ඉන්දීය ධීවරයින් 136 දෙනෙකු නිදහස් කිරීමෙන් පසු අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවීමෙන් වැළකීමට කටයුතු කරන ලෙස මෙසේ ධීවරයින්ට අවවාද කර තිබේ.

නොදැනුවත්ව හෝ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවීමෙන් වැළකී ඉන්දීය මුහුදු සීමාව තුළ මසුන් ඇල්ලීමේ යෙදෙන ලෙස තමිල්නාඩුවේ මෙන්ම වෙනත් ප්‍රදේශ වල ධීවරයින්ගෙන්ද විශේෂ ඉල්ලීමක් කරන බව ඔහු මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත.

ශ්‍රී ලාංකික මුහුදු සීමාවට පැමිණීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ ඉන්දීය ධීවරයින් 136 දෙනෙකු ඊයේ(18) ‍අධිකරණය මගින් මුදා හැරුණි.

ඔවුන් නිදහස් කරන ලෙස ඉන්දීය විදේශ අමාත්‍යවරයා, මෙරට විදේශ අමාත්‍යවරයාගෙන් ඍජුව ඉල්ලා සිටි අතර ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම අනුමත කළ ‍නොහැකි බව ඉන්දීය අගමැතිවරයා ද ප්‍රකාශ කර තිබුණි

ශ්‍රී ලංකා පිල ගුවනින් හම්බන්තොටට...

 
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගමාලාවේ ෙඓතිහාසික තරගය සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (18) කොළඹ ගුවන් හමුදා පිටියේදී ගුවන් හමුදා නිළධාරීන්ගේ ජය ඝෝෂා මධ්‍යයේ හෙලිකොප්ටර් යානයට ගොඩ වීමට පැමිණි අයුරු.
ආහාර හිඟයට කඩිනම් පිළියම් නොයෙදුවොත්
ලොව පුරා ආහාර අරගල පැතිරීමේ අවදානමක්

Feb 19,2011

ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළයාමෙන් ලොව පුරා ආහාර අරගල ඇතිවීමේ අවදානමක් පවතින බවට ප්‍රංශ කෘෂි ඇමැති බෲනෝ ලා මායිරේ පෙරේදා අනතුරු ඇඟවීය. එ. ජා. මහ ලේකම් බැන් කී මූන් හමුවීමකින් පසු මේ බව ප්‍රකාශ කළ ඔහු ලෝක ආහාර අර්බූදයෙන් මතුව ඇති අවදානම ගැන සේම කෘෂිබෝග මිල ඉහළ යාම ගැන සියල්ලන්ම කණස්සල්ලෙන් පසුවන බවත් කියා සිටියේය.
මෙහිදී තිරුඟු මිල ගැන විශේෂයෙන් සඳහන් කළ ඔහු ඉකුත් ජූලි මස තිරිඟු ටොං එකක් යුරෝ 100 සිට 115 දක්වා ඉහළ ගිය අතර දැන් එය යුරෝ 260 දක්වා වැඩිවී ඇතැයි කීවේය. මේ නිසා ලෝක ආහාර අර්බූදය හමුවේ සටන් වැදීමට හා ආහාර අරගල අවදානමට එරෙහිව සටනට පිවිසීම සඳහා ආහාර මිල ප්‍රශ්නයට වහා ස්ථාවර පිළියම් යෙදිය යුතු බව ඔහු කීය.
“2008 දී මෙවන් අරගල අත්දුටු අප අලුත් තත්ත්වයට වහා ස්ථිරසාර විසඳුම් ලබා නුදුන්නොත් යළිත් අලුත් ආහාර අරගල අත්දකිනු ඇතැයි ද ඔහු පැවසීය. මේ සඳහා කෘෂි අංශයේ ආයෝජන වැඩි කිරීම, කෘෂි සංචිත පිළිබඳ විනිවිද භාවයක් ඇති කිරීම, රටවල් අතර සහයෝගීතාව නගාලීම හා ආහාර වෙළෙඳ පොළ හා බැඳුණු මූල්‍ය ආයතන පාලනයකට යටත් කිරීම ආදිය ප්‍රංශයෙන් මේ සඳහා ඉදිරිපත්ව ඇති යෝජනාය.
හිස මතට පොල් ගෙඩියක් වැටී අවුරුදු 2ක ළදැරිය මරු දකී

පොල් ගෙඩියක් හිස මත වැටී අවුරුදු දෙකයි මාස දෙකක ළැදැරියක් මිය ගොස් ඇත. මේ බව අනාවරණය වූයේ කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියේ පැවැති සාක්ෂි විභාගයකදීය. මෙසේ මියගොස් ඇත්තේ 411 - බී, අක්බාර් ටවුන්, වත්තල පදිංචිව සිටි වනිගසේකර ආරච්චිගේ නිතුමි අචේනා සඳමි ළදැරියයි. මේ පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂක එඩ්වඩ් අහංගම මහතා ඉදිරියේ ඉකුත් 16 දින පැවැත්විණි. එහිදී සාක්කි දුන් මියගිය දරුවාගේ මව වන කාන්ති රිචඩ් (23) යන අය මෙසේ කීවාය. මේ මගේ පළමු වන දරුවා සිද්ධිය වු දින (14) සවස 6.30 ට පමණ නිදාගෙන සිට අවදිවුණා. මට ශබ්දයක් ඇසුනා. පොල් ගෙඩියක් වහලය මතට වැටුනා.  එය පොල් ගසේ වැදී දුවගේ හිසට වැටුනා. එවිට ළමයා බිම වැටුනා. දරුවා රැගෙන රාගම රෝහලට ගෙන ගියා. එහිදී ප්‍රතිකාර ලබාදි කොළඹ ජාතික රෝහලට මාරු කළා. එහිදී මිය ගියා.වෛද්‍ය වාර්තා සහ සාක්ෂි සටහන් කරගත් මරණ පරීක්ෂකවරයා මෙම මරණය පොල් ගෙඩියක් හිස මත වැටීමෙන් මොළය තුවාල වී මෙන් සිදුව ඇති බවත් එය හදිසි අනතුරක් බවත් නිගමනය කෙළේය. කඩවත පොලීසියේ පොලිස් සැරයන් 48931 ජයවික්‍රම, මරදාන පොලීසියේ පොලිස් සැරයන් ලාල් පතිරණ මහත්වරු සාක්කි මෙහෙය වූහ.

හදිසි ගින්නකින් කොට්ටාවේ ගොඩනැගිලි 2ක් ගිනිබත්

Feb 19,2011
හෝමාගම සංචාරක මංජුල හිරිපිටිය සහ මහරගම විශේෂ වේහැල්ලේ පියතිලක
කොට්ටාව නගරයේ ඊයේ (18) උදේ ඇතිවූ හදිසි ගින්නකින් තට්ටු ගොඩනැගිලි දෙකක් සම්පූර්ණයෙන්ම ගිනිබත් විය. මෙසේ ගිනිබත් වූ ගොඩනැගිලි දෙකේ පවත්වා ගෙන ගියේ සපත්තු ගබඩාවක් හා තවත් ජනප්‍රිය සපත්තු ප්‍රදර්ශනාගාරයකි. මේ ගොඩනැගිලි දෙකට යාබදව තිබුණු ග්‍රන්තාලෝක මුද්‍රණාලයටද අලාභ සිදුවී ඇත. ගින්න ඇතිවූ අවස්ථාවේදීම කොට්ටාව පොලීසිය කෝට්ටේ නගර සභාවේ, දෙහිවල ගල්කිස්ස නගර සභාවේ සහ කොළඹ නගර සභාවේ ගිනි නිවීම් ඒකකවලට දන්වා ඇතත් ගිනි නිවන රථ පැමිණ ඇත්තේ පැය එක හමාරකට පමණ පසුවය.
ඒ වන විට වෙළෙඳ මධ්‍යස්ථාන දෙක මුළුමනින් දැවී ගොස් තිබිණි. ගිනි නිවන ඒකක ප්‍රමාදය නිසා ප්‍රදේශ වාසීන් ජල බවුසරවලින් ජලය ගෙනැවිත් ගින්න පාලනය කිරීමට කටයුතු කිරීම නිසා ගින්න අනෙක් ගොඩනැගිලිවලට පැතිර යෑම පාලනය වී ඇත. ගිනි ගෙන දැවුණු ගොඩනැගිල්ල අසල තිබුණු කොට්ටාව නගරයේ වර්ණ සංඥා පද්ධතියද විනාශ වී ඇත.
මේ ගින්නෙන් සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි දෙකක් පමණ වෙතැයි පැවසේ. ගිනි නිවන රථ කල්වේලා ඇතිව පැමිණියේ නම් දෙවන ගොඩනැගිල්ල ගින්නෙන් බේරාගත හැකිව තිබුණු බව කොට්ටාව පොලීසිය පැවසීය. වෙළෙඳ සැල් දෙකේ සිටි 20 ක් පමණ වූ සේවකයන් ගින්න පැතිරීමත් සමග ඉවත්වීම නිසා ජීවිත හානියක් සිදුවී නැත.
 
වෙළෙඳ සංකීර්ණ දැවෙන අයුරු
ඡායාරූප - හෝමාගම සංචාරක
.


Feb 18,2011
(කොළඹ-ලංකාපුවත්) මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්ව ඇති සූර්යාගේ සිදුවී ඇති විශාල පිපිරීම සමඟ ඇතිවූ භූගෝලීය චුම්බක කැළඹීම රේඩාර් සන්නිවේදනයටත්, විදුලි බලාගාරවලටත්, චන්ද්‍රිකා තාක්ෂණයටත් බලපාන බව නාසා ආයතනය ප්‍රකාශ කළ බව ඒ.එෆ්.පී පුවත් සේවය පවසයි.
කෙසේ වෙතත් ආතර් සී. ක්ලාක් ආයතනයේ ප්‍රකාශකයෙක් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්‍රියාවලියට මෙය කිසිසේත්ම බලපෑමක් ඇති නොකරන බවයි.
එහි බලපෑම ඇති වන්නේ ස්කැන්ඩිනේවියානු රටවලට හා උත්තර ධ්‍රැවය ආසන්නයේ පිහිටි රටවලට බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

විශාල සුළඟක් හේතුවෙන් හිරුගේ ප්ලාස්මා පටලයෙන් නික්මුනු බ්‍රහස්පති ග්‍රහලෝකය තරම් වූ විශාලත්වයකින් යුතු කොටසක් මඟින් මෙම බලපෑම ඇතිවී තිබේ.
මෙම තත්වය හේතුවෙන් දැනටමත් චීනයේ දකුණු ප්‍රදේශයේ සන්නිවේදන කටයුතු අඩාල වී ඇත.
සූර්යාගෙන් වෙන් වී ගිය මෙම කොටස පසුගිය අගහරුවාදා ග්‍රිනීච් වේලාවෙන් අළුයම 01.56ට සිදුවූ බව ඇමරිකානු අජටාකාශ ආයතනය විසින් දැනුම් දී තිබේ.
මෙසේ හටගන්නා භූ චුම්බක කැළඹීම සාමාන්‍යයෙන් පැය 24 සිට 48 දක්වා කාලයක් පවතින බවත් සමහරක් අවස්ථාවලදී එය දින කිහිපයක් පවතින බවත් ඇමරිකානු ජාතික දේශගුණික ආයතනය සඳහන් ක‍රයි.
මේ හේතුවෙන් ගුවන් ගමන්, නාවික ගමන්, කෙටි තරංග රේඩියෝ සේවාවන්ටද බලපෑම් ඇතිව තිබේ.


No comments:

Post a Comment