Pages

Wednesday, January 19, 2011

නැගෙනහිර විශ්ව විද්‍යාලයට වැස්සෙන් මිලියන 130 ක් පාඩුයි
Jan 19,2011
වර්ෂාව හේතුවෙන් නැගෙනහිර විශ්ව විද්‍යාලයට රුපියල් මිලියන 130 ක පමණ අලාභයක් සිදුව ඇති බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය කේ.ප්‍රේම්කුමාර් මහතා පවසයි.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මඩකළපුව, වන්දාරමුල්ල පීඨයේ සියලු ගොඩනැගිලි වැසි ජලයට යටව තිබුණි.

මේ හේතුවෙන් එහි පරිගණක ඇතුළු උපකරණ සහ ලෙඛන රැසක් ද විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.

මේ අතර ගංවතුර හේතුවෙන් විනාශයට පත්වූ නැගෙනහිර පළාතේ වාකරෙයි ප්‍රදේශයේ මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණ කටයුතු යුද හමුදාවේ මැදිහත් වීමෙන් ආරම්භ කර තිබේ.

පනිච්චන්කර්නි මාර්ගය, නාවල්අඩි - විරුගල් මාර්ගය, කඩ්ඩමුරලිකරම්, කදිරවේලි ඇතුළු මාර්ග රැසක් මේ ය‍ටතේ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව තිබේ
වැඩිම මනාප ගත්තාට ලොකු පුටුව දෙන්නේ නෑ
වැඩිම මනාප ගත්තාට ලොකු පුටුව දෙන්නේ නෑ
Jan 19,2011
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වැඩිම මනාප ලාභියා බවට පත්වීම අදාල පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා හෝ උප සභාපතිවරයා වීමට සුදුසුකමක් නොවන බව විවිධ ක්‍රමෝපායන් මගින් ඇතැමුන් වැඩිම මනාප ලාභීන් බවට පත්වුවත් ඔවුන් පළාත් පාලන ආයතනයේ වගකිව යුතු තනතුරු සඳහා සුදුසු නොවු අවස්ථා ඉතිහාසයේ දැකිය හැකි බව අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙයි.

වැඩිම මනාප ලාභියා සභාපති හෝ උපසභාපති තනතුරට පඅග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගන්නා සෑම පළාත් පාලන ආයතනයක් සඳහාම නිවැරදි සුදුස්සා අදාළ තනතුරු සඳහා පත්කරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ත් කළ යුතු බවට වු යෝජනාව ද වසර ගණනාවකට පෙර තමන් විසින්ම ඉදිරිපත් කරන ලද්දක් බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එහි අසාර්ථක අවස්ථා පසුව අධ්‍යයන කිරීමට හැකි වු බවයි.

ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයේ දී එම අඩුපාඩු හඳුනාගෙන කටයුතු කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් බව මහනුවර මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද(19) ‍එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
 
මාදම්පේ බොරළු කැපීමේ ජාවාරම දරුණුයි 

Jan 19,2011

මාදම්පේ, මැදගම ප්‍රදේශයේ මහා පරිමාණයෙන් බොරළු කැපීම හේතුවෙන් දැඩි පාරිසරික හානියක් සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති.

අදාළ බලධාරීන්ගේ අවසරයකින් තොරව මෙම බොරළු කැපීම සිදුකෙරෙන බව ඔවුන් පවසයි.

මේ නිසා පානීය ජලය ලබාගන්නා ළිං සිඳීයාමේ තත්ත්වයක් උද්ගත ව ඇති බව ඔවුන් කියා සිටියි.

සුළුවෙන් ආරම්භ කළ මෙම ජාවාරම මේ වන විට‍ අක්කරයකට‍ අධික භූමි ප්‍රමාණයක සිදුකෙරෙමින් පවතින අතර අඩි 20 ක පමණ ගැඹුරට බොරළු කැපීම සිදුව ඇති බව පැවසෙයි.

මෙම බොරළු ප්‍රවාහනය කිරීම නිසා ප්‍රදේශයේ මාර්ග බොහොමයක් ද විනාශ වී ඇති බවට ද ප්‍රදේශවාසීහු චෝදනා කරති

එල්.ටී.ටී.ඊ යෙන් ආයුධ අරන් දකුණට විකුණලා

Jan 19,2011

යුද්ධය පැවති සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානය වෙතින් අවි ආයුධ ලබාගෙන ඒවා දකුණේ පුද්ගලයින් වෙත අලෙවි කිරීමේ ජාවාරමක් මෙහෙයවූ පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනෙකු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණේ දකුණු පළාතේ සිදුවූ අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී යුද්ධය පැවති සම‍යේ එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙතින් අවි ආයුධ ලබාගෙන දකුණේ පාතාල කල්ලිවලට අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව රහස් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටින ලදී.

මොවුන් පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පවත්වන බවට රහස් පොලිසිය කළ දැනුම් දීම පිළිගත් අධිකරණය සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කරයි

අසැබි ෆොටෝ අන්තර්ජාල ගත කළ අයට එරෙහිව නීතිපති උපදෙස්

Jan 19,2011

මෙරට සංචාරක ප්‍රවර්ධන කටයුතු කඩාකප්පල් කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි කියන සැකකරුවන් සිව්දෙනෙකුට එරෙහිව නඩු පැවරීම සඳහා නීතිපති උපදෙස් ලබාගැනීමට ක්‍රියා කර ඇතැයි රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

පසුගිය වසරේ හික්කඩුව වෙරළ තීරයේ පැවති සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට අදාළව අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරිමේ චෝදනා මත මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර පසුව ඔවුන් ඇප මත මුදා හැර තිබුණි.

අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලිසිය සඳහන් කර ඇත්තේ අන්තර්ජාලයට මුදාහළ අදාළ අසභ්‍ය ඡායාරූප මෙම සැකකරුවන්ගේ පරිගණක යන්ත්‍රවල සිට ඍජුවම මුදාහැර ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවයි.

මෙම පරීක්ෂණවලට අදාළ සියලු වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව සඳහන් කළ රහස් පොලිසිය, නීතිපති උපදෙස් ලැබීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද අධිකරණයට දැනුම් දී තිබේ
.

 

සත්පුරුෂ සිල්සුවඳ

න පුප්ථගන්ධෝ
පටිවාතමේති
න වන්දනං
තගරමල්ලිකා වා
සතංව ගන්ධෝ
පටිවාතමේති
සබ්බා දිසා
සප්පුරිසෝ පවාති
(ධම්මපදය, පුෂ්පවර්ගය, 11 වැනි ගාථාව)

 
කළුතර - බෙන්තර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අලුත්ගම
කන්දේවිහාරාධිපති
බටුවන්හේනේ බුද්ධරක්ඛිත නාහිමි

පින්වත්නි,

එම ගාථාවේ අර්ථය මෙසේයි.

සාමාන්‍ය මල් සුවඳ සඳුන් තවරලා යන සුවඳ උඩු සුළඟට නොයයි. සත්පුරුෂයන්ගේ සිල් සුවඳ උඩු සුළඟට යයි. සත්පුරුෂයාගේ සිල් සුවඳ සැම දිසාවෙහිම පැතිරෙයි. 2600 සම්බුද්ධ ජයන්තියට පෙළ ගැසෙන මේ මොහොතේ අප හැමදෙනාම පිළිවෙත්වල පිහිටා ඒවා අඛණ්ඩවම පවත්වාගෙන යන්නට උත්සුක වුවහොත් පුද්ගලයා සත්පුරුෂ භාවයට පත්වී ඒ සුවඳ දිසාන්ත කරා විහිදයාම නිරන්තරයෙන්ම සිදුවන්නකි. එවන් තත්ත්වයක් උදාකර ගැනීමට මේ දුරුතු පුන් පොහෝ දා අපි හැමදෙනම අදිටන් කර ගනිමු.

වර්ෂය ආරම්භ වීමේ පොහොය දුරුතු පොහොයයි. දුරු + අතු> දුරුතු ලෙස සැදී ඇත. අර්ථසම්පන්නව දුර බැලීමේ ප්‍රඥාව ඇති කරගැනීම එහි අරුතයි. දොළොස් මසක් ආරම්භ වන අවස්ථාවක දොළොස් මස අර්ථපූර්ණව සපුරා ගැනීමට අප පුළුල් වූ දෘෂ්ටිකෝණයකින් යුක්තව තමා මෙන් සෙස්සන් ගැන ද බැලිය යුතුය. දුරුතු පොහොය අපට සුවිශේෂිත වන්නේ මේ මනරම් දිවයිනට ගෞතම බුදුරදුන්ගේ ප්‍රථම වැඩමවීමයි.

ලොව්තුරා සම්මා සම්බුදු පදවියෙන් අබිසෙස් ලබා නව මසකින් පසු දුරුතු පුන් පෝදා උරුවෙල කාශ්‍යප – නදී කාශ්‍යප – ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් ප්‍රධාන දහසක් සවුවන් මිසදිටු මඟින් සමිදිටු මඟට හරවා ආර්ය සංඝයා බවට පත් කළේය. ජටිලයන් ප්‍රධාන දහසක් සවුවන් මිසදිටු මඟින් සමිදිටු මඟට හරවා ආර්ය සංඝයා බවට පත් කළේය. ජරුතු පුන් පොහෝය ඒ අතින් ද සුවිශේෂිතය.

ඉන් අනතුරුව හෙළදිව මහියංගනයේ මහවැලි ගඟ අසබඩට වැඩමවා පුන්සඳ මඬලක් සේ සවණක් ගන බුදුරැස් විහිදුවා බුදුරදුන් වැඩ සිටියේත් මේ දුරුතු පොහෝදාය. බුද්ධ ධර්මයේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ සත්ත්වයා නිවනට පිවිසවීමයි. දුකෙන් පිරි සත්ත්වයාට සුගති මාර්ගය පෙන්වා සසරින් එතෙර වීමට ප්‍රඥාව උදාකිරීමයි. බුදුසමයෙන් සිදුකරන්නේ ඒ අනුව දුරුතු පොහොය පාදක කරගෙන පිළිවෙතින් පෙළගැසී නිවනට පිවිසීමට අදිටන් කරගනිමු.

සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා !

 

ලිබර්ටි ප්ලාසා ගණිකා නිවසේ හිමිකාරිය තවදුරටත් රිමාන්ඩ්

Jan 19,2011
කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ නිවාස සංකීර්ණයක ගණිකා නිවසක් පවත්වාගෙන ගිය බව කියන ප්‍රධාන සැකකාරිය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප අයදුම ඊයේ (18) ප්‍රතික්‍ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සැකකාරිය ලබන 01 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළාය. රෝස්මරී ජූඩ් පෙරේරා නමැති සැකකාරිය එසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණි.
ගණිකා නිවාසය වැටලීමේදී සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් පස්දෙනෙක් දැනට අධිකරණ ඇප මත මුදාහැර සිටියි. අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත වලාන දූෂණ විමර්ශන ඒකකය මගින් මෙම සුපිරි ගණිකා නිවාසය වටලා සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබුණි. ප්‍රධාන සැකකාරිය පසුව සිදුකළ පරීක්‍ෂණවලදී අත්අඩංගුවට ගෙන තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් වලාන දූෂණ විමර්ශන ඒකකය වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වයි.
හිටිහැටියේ ඇද වැටුණු ගඩලාදෙණිය ඉපැරැණි නුග ගස
Jan 19,2011
ඓතිහාසික ගඩලාදෙණිය රජමහා විහාර භූමියේ පිහිටා තිබූ ඉතා පැරැණි නුග ගස ඊයේ (18) පාන්දර 5 ට පමණ සම්පූර්ණයෙන්ම බිමට ඇද වැටී ඇත. පිළිමතලාව දවුලගල මාර්ගයට ගස පතිතවීම නිසා දවුලගල මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබිණි.
මේ ගස විහාරස්ථානයේ බෝධි වෘක්ෂය තරම්ම පැරැණි බවද යටත් පිරිසෙයින් වසර 700 ක් වත් පැරණි බව ජනප්‍රවාදයේ පවත්නා බවද විහාරාධිකාරී ඇකිරියේ අරියභක්ති හිමියෝ පැවැසූහ. ගස වැටීමෙන් කිසිවකුටවත් අනතුරක් සිදුව නැති අතර දුරකථන සහ විදුලි රැහැන්වලට අලාභහානි සිදු වී තිබේ. ගස ඉවත් කිරීමේ කටයුතු මහාමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සිදුකරමින් සිටිති.

කෝටි 3ක හොර බඩු-මුදල් රේගු දැලේ

Jan 19,2011
ශ්‍රී ලංකා රේගුව ඊයේ (18) සිදුකළ මෙහෙයුම් දෙකකදී රුපියල් කෝටි දෙකකට වඩා වැඩි වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් සහ චීනයට රැගෙන යාමට තැත්කළ රුපියල් කෝටියක මුදලක් අත්අඩංගුවට ගෙන තිබේ.රේගුවට ප්‍රකාශ නොකොට ගෙන ආ භාණ්ඩ තොගයට ජංගම දුරකථන, දුරකථන අමතර කොටස්, අත් ඔරලෝසු, සපත්තු වේ. ශ්‍රී ලංකා රේගුවේ විශේෂ කාර්ය සහ විමර්ශන අංශය මේ භාණ්ඩ තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සුදර්මා කරුණාරත්න මහත්මියගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන මේ අංශය ඩුබායි සිට මෙරට පැමිණි ශ්‍රී ලාංකික මගීන් 13 දෙනකු ළඟ තිබී මේ භාණ්ඩ තොගය අත්අඩංගුවට ගෙන ඇත. මේ භාණ්ඩ රාජසන්තක කර තිබේ.මේ අතර රේගුවට ප්‍රකාශ නොකර චීනයට රැගෙන යාමට තැත්කළ රුපියල් කෝටියකට ආසන්න මුදල සමඟ විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ විදේශිකයන් දෙදෙනා කැතේ ෆැසිපික් 710 ගුවන් යානයෙන් හොංකොං හරහා චීනය බලා ඊයේ (18) අලුයම 12.20 පමණ පිටත්ව යාමට නියම තිබුණි. රේගු අධිකාරි පරාක්‍රම බස්නායකගේ මෙහෙයවීම මත සහකාර රේගු අධිකාරි ජගත් ගුණතිලක මහතා වැටලීම සිදුකර ඇත. කෝටි දෙකක් වටිනා භාණ්ඩ සම්බන්ධ වැටලීම සිදුකරනු ලැබ ඇත්තේ රේගු අධ්‍යක්‍ෂ කේ. රංජන්, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරුන් වන සිසිර ද සිල්වා, සමන් ජයසිංහ, රේගු අධිකාරි නිහාල් ජයසේකර, නිහාල් දිසානායක, සහකාර රේගු අධිකාරි සනත් ප්‍රනාන්දු, උපාලි පෙරේරා, එස්. අතුකෝරළ, එච්. ඩී. දයානන්ද, එන්. පල්ලියගුරු මහත්වරුන් විසිනි.
කණ්ඩලම වැව් ඉස්මත්තේ රිය අනතුරකින් කිරිකැටියෙක් දියේ ගසා ගෙන යයි
ඡායාරූප අනුග‍්‍රහය - ලංකාදීප
Jan,18,2011
අද (18)  උදෑසන කණ්ඩලම වැවේ වානෙන් ගමන් කරමින් තිබූ යතුරු පැදියක් සහ බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, මෙම අනතුරින් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඇයගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.
ඔවුන් සමග ගමන් කළ වයස මාස 9 ක සිඟිති දියණියක  වැවට වැටී ගසා ගෙන ගොස් ඇති අතර මිය ගොස් ඇත්තේ සිඟිති දියණියගේ පියා බව වාර්තා වේ.

යතුරු පැදියේ ගමන් කර ඇත්තේ එම බිළිඳාගේ මව සහ  පියායි. දරුවා සෙවීමේ කටයුතු  ආරම්භ කර ඇති බව දඹුල්ල පොලීසිය සදහන්  කරයි.

No comments:

Post a Comment