Pages

Saturday, January 8, 2011

  පාසල් සිසුන්ට දිවා ආහාර ලබාදීම සඳුදා සිට ක්‍රියාත්මකයි

පාසල් සිසුන්ට දිවා ආහාර ලබාදීම සඳුදා සිට ක්‍රියාත්මකයි

Jan 08,2011

පාසල් සිසුන් සඳහා දිවා ආහාර ලබාදීමේ වැඩසටහන එළඹෙන සඳුදා සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිරෝගී හා ක්‍රියාශීලී දරු පරපුරක් දැයට දායාද කිරීමේ අරමුණින් මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ දිවයිනේ පාසල් 7000 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

හමුදාවෙන් ලාබෙට එළවළු ගන්න මහ සෙනඟක්

වෙළෙඳ පොළේ මිලට වඩා 50%ක් අඩුවෙන්

Jan 08,2011
සාමාන්‍ය වෙළෙඳපොළේ මිලට වඩා සියයට පනහක් අඩු මුදලට ජනතාවට එළවළු ලබා දීමට යුද හමුදාවට ඊයේ (07) හැකි වී තිබේ. යුද හමුදාව විසින් කොළඹ නගරය සහ ඒ අවට ඊයේ (07) විවෘත කළ එළවළු වෙළෙඳසල් වෙත පාරිභෝගික ජනතාව වැල නොකැඩී පැමිණි අතර යුද හමුදාවට සිය කෘතවේදීත්වය පුද කළ ජනතාව මහත් සතුටින් එළවළු අඩු මිලට ලබාගෙන නිවෙස් වෙත යනු දැකගත හැකි විය.
පාරිභෝගික ජනතාවට ඇදහිය නොහැකි මුදලකට එළවළු මෙහිදී ලබාගත හැකි වූ අතර එම එළවළු ඉතා නැවුම් තත්ත්වයෙන් ඇති බව ඔවුහු සඳහන් කළහ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව යුද හමුදාව ක්‍රියාත්මක කළ මේ වැඩසටහන ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට යුද හමුදාව බලාපොරොත්තු වෙයි.
මේ සංකල්පය තුළින් ජනතාවට මෙන්ම ගොවියාටද සහන සැලැස්වීමට හැකි වන බව යුද හමුදාව පවසයි. ගොවියාගේ නිෂ්පාදන අතරට පැමිණ ගොවියා ගසා කෑ අතරමැදි පුද්ගලයන්ට මින් ඉදිරියට එම වංචාව සිදුකළ නොහැකි බව පාරිභෝගිකයන් පෙන්වා දෙයි.

 

ත්‍රස්ත ප්‍රහාර බියෙන් ලන්ඩනය සීරුවෙන්

Jan 08,2011

ත්‍රස්ත ප්‍රහාර බියක් හේතුකොටගෙන බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනගරය ඊයේ සීරුවෙන් තැබීමත් සමඟ ලන්ඩන් ප්‍රවාහන මර්මස්ථානයන්හි අතිරේක පොලිස් බල ඇණි යොදවා තිබුණු බව වාර්තා වේ. ස්කයි රූපවාහිනී පුවත් සේවය හා ඩේලි ටෙලි ග්‍රාෆ් පුවත් පත වාර්තා කර ඇති පරිදි අගනගරයේ හා හීත්‍රෝගුවන් තොටුපළ ආදී ස්ථානවල ආරක්ෂාව තර කර තිබී ඇත.
ප්‍රවාහන පොලිසියේ සියලු නිවාඩු අවලංගු කොට අතිරේක පොලිස් නිලධාරීන්ද කැඳවා තිබිණ. ආරක්ෂක මූලාශ්‍රයන්ගෙන් පැවසුනේ ත්‍රස්ත ප්‍රහාරයක ක්ෂණික තර්ජනයක් නැතත් අවධානය යොමා ඇති අන්තවාදී කණ්ඩායමක ක්‍රියාත්මක වීම් දක්නට ලැබෙන බවය.  අග නගරයේ ප්‍රවාහන කේන්ද්‍ර ඔවුනට ඉලක්ක විය හැකි බවට සැක සංකා මතුවීම හේතු කොට ගෙන ආරක්ෂක විධි විධාන ඊට අනුගත වන පරිදි සකස් කළ බව පැවසී තිබේ.
බ්‍රිතාන්‍යයට ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමේ තර්ජනයේ වෙනසක් සිදුව නැති අතර එය දරුණු තත්ත්වයක පවතින බවත් ඒ අනුව එල්ල විය හැකි ප්‍රහාර ඉතා දරුණු ස්වරූපයක් ගනුඇති බවත් විශ්වාස කෙරී තිබේ. දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් සැක කටයුතු ක්‍රියාදාමයක් වෙතොත් වහා පොලිසියට දන්වන ලෙසත් ජනතාවටද අවවාද කෙරී තිබේ.

සනත්, වාස් නෑ.. ලෝක කුසලාන කණ්ඩායමට ඇමති අනුමැතිය


2011 ක‍්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය සඳහා නම් කරන ලද අවසන් ක‍්‍රීඩකයන් 15 දෙනා ඇතුලත් ලේඛනයට ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ අනුමැතිය හිමිවී තිබේ. එසේ නම් කරන ලද කණ්ඩයමට සනත් ජයසූරිය සහ චමින්ද වාස් ඇතුලත්ව නැත. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය. නායක කුමාර් සංගක්කාර, උප නායක මහේල ජයවර්ධන, ටී.එම්.ඩිල්ෂාන්, උපුල් තරංග, තිලාන් සමරවීර, චාමර සිල්වා, චාමර කපුගෙදර, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, දිල්හාර ප්‍රනාන්දු, මුත්තයියා මුරලිදරන්, අජන්ත මෙන්ඩිස්, රංගන හේරත්

No comments:

Post a Comment