Pages

Sunday, January 16, 2011

jaffna colombo යාපනය – කොළඹට ලංවෙයි…


යාපනය – කොළඹ නගර අතර දුර කිලෝ මිටර 100 කින් අඩුකරමින් සංගුපිටිය පාලම අද ජනතා අයිතියට පත් විමට නියමිතයි.
ධාවන මං තීරු දෙකකින් යුක්ත සංගුපිටිය පාලමේ පළල මීටර් 8.9කි. මෙම පාලම ඉදිකිරීමෙන් පසු මන්නාරමේ සිට මැදවච්චිය හරහා යාපනය දක්වා ගිය අධික දුර වෙනුවට කිලෝමීටර් 100ක් අඩුවෙන් පුනරින් සංගුපිටිය හරහා ගමන් කළ හැකිය. මීටර් 288ක දිගකින් යුත් මේ පාලම සඳහා වැය කළ මුදල මිලියන 1037කි.ගුවන් පාලමක් ලෙසින් පුනරින් කළපුව හරහා ඉදිකළ සංගුපිටිය පාලම ඒ-32 මාර්ගයේ ධාවන කටයුතු ඇරැඹීමට තිබූ ප්‍රධානම අවශ්‍යතාවය වි තිබේ.
නමුත් මෙම ජයග්‍රහනයන්ට මඟ පාදමින් යුද්ධය අවසන් කළ යුධ සෙන්පතියා සිරගතව සිටිම මෙම ජයග්‍රහණයන්ගේ වටිනාකමට නොගැලපෙන බව අප මතක් කර දිය යුතුවේ.

No comments:

Post a Comment