Pages

Sunday, January 9, 2011

මෙතනට එන්න පවුල් පරිසරය ගොඩක්‌ බලපෑවා , පූර්ණිකා පීරිස්‌



 කලා පවුලක සාමාජිකාවක්‌ වූ පූර්ණිකා....... කලාවම වෘත්තිය කරගත් කෙනෙක්‌. නිවේදනය, නර්තනය, නිරූපනයට විතරක්‌ නෙවෙයි රංගනයට හා ගායනයටත් දස්‌කම් පාන ඇය කලක්‌ ඔබ හැඳිනුයේ ජනප්‍රිය නිළි චතුරිකාගේ නැගණිය ලෙසයි. ඒත් අද වෙද්දී පූර්ණිකා නිවේදනයට ඈ තුළ ඇති අපූර්ව කුසලතාවය ප්‍රයෝජනයට ගනිමින් තමන්ටම අනන්‍යතාවක්‌ ගොඩනගා ගෙන සිටිනවා.

මොනවද පූර්ණිකා 2011 වර්ෂයේ සැලසුම්
පෞද්ගලිකව නම් සැලසුම් කරගත්ත විශේෂ දේවල් නැහැ. නමුත් මම සේවය කරන දෙරණ රූපවාහිනියේ සැලසුම් වෙන අලුත් දේවල්වලට සම්බන්ධ වෙනව.

පූර්ණිකා නිවේදනයට අමතරව නර්තනය හා නිරූපණ ක්‍ෂේත්‍රයටත් සම්බන්ධයි නේද?
ඔව්. මම වසර දහයක්‌ තිස්‌සේ රවි බන්ධු විද්‍යාපති මහත්මයාගෙ නර්තන කණ්‌ඩායමේ සාමාජිකාවක්‌. කාලයක්‌ එම කලායතනයේa ශිල්ප හදාරන කුඩා දරුවන්ට ඉගැන්වීමත් කළා. ඒ අනුව මම නර්ථන කණ්‌ඩායම සමග ප්‍රසංගවලට සහභාගි වෙනව. වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් පෙනී සිටින්න මට අවස්‌ථාව ලැබුණා. මෑතකදී නම් වෙළෙඳ දැන්වීම් වලට මට ඇරයුම් ලැබුණේ නැහැ. මොකද මම රූපවාහිනී නිවේදිකාවක්‌ විදියට වැඩ කරන කෙනෙක්‌. රූපවාහිනියේ නිතර දකින්නට ලැබෙන මුහුණු වෙළෙඳ දැන්වීම් සඳහා යොදා ගැනෙන්නේ අඩුවෙන්.

ඔබේ සොයුරිය වගේ රඟපෑමට එන්න ආසාවක්‌ නැතිද?
රඟපෑම ගැන විශේෂ කැමැත්තක්‌ හෝ අකමැත්තක්‌ නැහැ. මට ඕන වුණේ එක ක්‍ෂේත්‍රයකින් ස්‌ථාවරයක්‌ ගොඩනගා ගන්නයි. ඒ සඳහා මම තෝරගත්තෙ නිවේදනයයි. අනිත් කාරණය රංගනයට දවසින් දවස අලුත් මුහුණු එකතුවෙනව මැකී යනව. ඒ නිසා මට හිතුනා රංගනයට සම්බන්ධවීමෙන් විශේෂ දෙයක්‌ වෙන්නෙ නැහැ කියල.

රඟපෑමට ඔබට ඇරයුමක්‌ ලැබුණොත්
රඟපාන්න ඇරයුම් ලැබිල තියෙනව. අක්‌ක උනත් නිතරම අහනව රඟපාන්න නොඑන්න හේතුව මොකක්‌ද කියල. ඉදිරි කාලයේ අක්‌ක කරන්න සැලසුම් කරල තියෙන ටෙලි නාට්‍යයක රඟපාන්න ආරාධනයක්‌ ලැබිල තියෙනවා. එම චරිතය මගේ වෘත්තිය එක්‌ක සම්බන්ධ චරිතයක්‌. බොහෝ දුරට මම ඒ චරිතය රඟපාන්න ඉඩ තියෙනවා. එහෙම නොවෙන්නත් පුලුවන්. තවම තීරණයක්‌ නැහැ.

කලා පවුලක සාමාජිකාවක්‌ වීම ඔබට ක්‍ෂේත්‍රයට එන්න

විශේෂ වරප්‍රසාදයක්‌ වුණානේද?
ඇත්තෙන්ම. මේ ක්‍ෂේත්‍රයට එන්න මගේ පවුල් පරිසරය ගොඩාක්‌ බලපෑවා. ඒ දැනහැඳුනුම්කම් මට බොහෝ තැන්වලදී උදව් වුණා.

කොහොමද පූර්ණිකා ඔබලාගේ ව්‍යාපාර කටයුතු.
මම ව්‍යාපාරයක්‌ කරන්නේ නැහැ. දැනට එවැනි අදහසක්‌ නැහැ. ව්‍යාපාරයක්‌ කරනව නම් ඉදිරි කාලයේ අක්‌කත් එක්‌ක තමයි ඒ වගේ දෙයක්‌ කරන්නෙ.

ඇයි ඔබලා පවත්වාගෙන යන ෆාමසිය. සමහරු කියනව ඔබ එහි සිටින විට ෆාමසියට වැඩිපුර ගනුදෙනුකරුවන් එනව කියලත්.

එම ව්‍යාපාරය පවත්වාගෙන යන්නෙ අපේ අම්ම. ඇත්තටම මගේ කාර්ය බහුලත්වය නිසා ෆාමසියේa ඉන්න වෙලාවක්‌ නැහැ. අක්‌ක නම් සමහර වෙලාවට ෆාමසියේ ඉන්නව. ෆාමසියට ගනුදෙනුකරුවන් වැඩිපුර එන්නෙ අපි ජනප්‍රිය චරිත නිසා නෙවෙයි. අම්ම වඩා හොඳින් විශ්වාසවන්තව එම ව්‍යාපාරය කරන නිසා.

තරුණ බිරිඳක්‌ විදියට පූර්ණිකා ආදරය දකින්නෙ
මම හිතන විදියට ආදරයක්‌ රැඳී තියෙන්නෙ අවංකකම මතයි. ආදරය කරද්දී තරහව, වෛරය, ඊර්ෂියාව ඇතිවෙන නමුත් දෙදෙනා අවංක නම් ඒ ආදරයෙ වටිනාකම වැඩියි.

පූර්ණිකාගෙ අවංක ප්‍රේමයේ හිමිකාරයා ගැනත් කීවොත්, එයා සහන් අබේසේකර, මා සේවය කරන දෙරණ රූපවාහිනියේමයි එයත් සේවය කරන්නෙ.

ඔබ දෙපළ ළඟදී පදිංචිය වෙනස්‌ කළා නේද.
ඔව්. අපි දෙන්න හිතාගෙන හිටියේ නව නිවසක්‌ හදන්නයි. පස්‌සෙ අපි මහරගම පමුණුව පාරේ අලුතින් ඉදිකළ නිවසක්‌ ගත්ත. දැන් අපි පදිංචි ඒ නව නිවසෙයි.

අලුත් නිවස දරු සුරතලෙන් පුරවන්න අදහසක්‌ නැතිද?
අදහසක්‌ තියෙනව. ඒත් තව වසර දෙකකින් විතර තමයි ඒ බලාපොරොත්තුව ඉටුකරගන්න හිතාගෙන ඉන්නෙ.

කාර්ය බහුල ජීවිතයේදී පෞද්ගලික දිවියේ වගකීම් යුතුකම් ඉටුකර ගන්න කාලය හොයාගන්නෙ- අපේ ගෙදර වැඩ කරන්නෙ මම. ගොඩක්‌ වෙලාවට උදේ වරුවෙ මට ගෙදර ඉන්න විවේකය ලැබෙන නිසා ගෙදර වැඩ කරන්න කාලය හොයාගන්නව. අම්මල එක්‌ක ගෙදර අය එක්‌ක විවේකයක්‌ ගත කරන්න වුණත් රැකියාවෙන් නිවාඩු අරන් හරි මම ඔවුන් එක්‌ක ගතකරනව.

No comments:

Post a Comment