Pages

Thursday, January 13, 2011

ලෝක ආහාර අර්බුදයක්: ශ්‍රී ලංකාව ඊට සූදානම්

විධිමත් සැලැස්මක් සකසන්නැයි ආහාර සුරක්‍ෂිතතා කමිටුවට ජනපති කියයි
Jan 13,2011
ස්වාභාවික උවදුරු හේතුවෙන් ලබන අප්‍රේල් මාසයේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කරන ලෙස ආහාර සුරක්‍ෂිත කිරීම හා ජීවන කමිටුවට ජනාධිපතිතුමා ඊයේ (12) උපදෙස් දුන්නේය.
ලබන අප්‍රේල් මාසය වන විට ඇතිවිය හැකි මේ ආහාර අර්බුදයට ලෝකයේ බලවත් රටවලට පවා මුහුණ දීමට සිදුවන බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
ආහාර සුරක්‍ෂිත කිරීම හා ජීවන කමිටුවේ සාමාජිකයන් ඊයේ (12) අරලියගහ මන්දිරයට කැඳවූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අනාගතයේ ඇතිවිය හැකි ලෝක ආහාර අර්බුදය පිළිබඳව සාමාජිකයන් දැනුවත් කළේය. ස්වාභාවික විපත් හේතුවෙන් පසුගිය වර්ෂයේ පමණක් ලෝක ආහාර සංචිත විශාල ප්‍රමාණයක් විනාශ විය. ජීවිත ලක්‍ෂ හයක් පමණ අහිමි වී තිබේ. දැන් පවත්නා අධික වැසි හේතුවෙන් ඇතිවී තිබෙන ආපදාවන් නිසා ශශ්‍රී ලංකාවේ ආහාර අස්වැන්නෙන් සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් විනාශ වී යාමේ අනතුරක් ඇති බව මේ කමිටු රැස්වීමේදී අනාවරණය විය.
මෙහිදී පොල් මිල ගැන කරුණු පැහැදිලි කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, පසුගියදා ඉහළ ගිය පොල් මිලෙහි මේ වන විට පාලනයක් ඇති වී තිබෙන බව ප්‍රකාශ කළේය. දැන් අවශ්‍ය තරම් පොල් ලක් සතොස සහ සතොස අලෙවිසල්වලින් ලබාගත හැකි බවද කීය.
එමෙන්ම අනාගත පොල් අවශ්‍යතාව සැපිරීමට රජය දෙන තෙල් සහනාධාරය නිසි පරිදි ප්‍රයෝජනයට ගන්නේද යන්න සොයා බැලීමට ක්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න, ඇමතිවරු වන බැසිල් රාජපක්‍ෂ, නිමල් සිරිපාල ද සිල්වා, එස්. බී. දිසානායක, කෙහෙළිය රඹුක්වැල්ල, දොස්තර රාජිත සේනාරත්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්ද සමරසිංහ, ජගත් පුෂ්පකුමාර, ගීතාංජන ගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.
බස්-වෑන් එකට ගැටෙයි-හය දෙනෙක් මරුට
බස්-වෑන් එකට ගැටෙයි-හය දෙනෙක් මරුට
Jan13,2011
අවිස්සාවේල්ල-කොස්ගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් හය දෙනෙකු මරුමුවට පත්වී ඇතැයි සබරගමුව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ඩී.එස්.කේ ප්‍රේමසිරි විතාන මහතා පවසයි.

අද(13)අලුයම 3.50 ට පමණ වෑන් රථයක් හා බස් රියක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව හෙතෙම අද දෙරණට කියා සිටියේය.

මෙම අනතුරෙන් අට දෙනෙකු තුවාල ලබා ඇති බවත්,ඔවුන්ගෙන් හත් දෙනෙකු අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවත්,එක් අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි. 
ඌවේ වැසුණු පාසල් යළි ඇරේ
ඌවේ වැසුණු පාසල් යළි ඇරේ
Jan 13,2011
තාවකාලිකව වසා දැමුණු ඌව පළාතේ පාසල් අද(13)යළි විවෘත කරන බව ඌව පළාත් අධ්‍යාපන ලේකම් අනිල් විජේසිරි මහතා පවසයි.

ඒ අනුව බදුල්ල,බණ්ඩාරවෙල,වැලිමඩ,පස්සර යන ප්‍රදේශ ආශ්‍රිතව වසා දැමුණු පාසල් අද යළි විවෘත කෙරේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම පාසල් තාවකාලික වසා දැමුණුද මේ වන විට කාලගුණික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින නිසාත්,අවදානමක් නොපවතින නිසාත් අද සිට පාසල් විවෘත කරන්නට තීරණය කළ බව ඌව පළාත් අධ්‍යාපන ලේකම් අනිල් විජේසිරි මහතා අද දෙරණට කියා සිටියේය.
ජෑන්ස්ගේ පොත කැඩී තිබුණේ නෑ-හිටපු මහේස්ත්‍රාත් සාක්ෂිදෙයි
Jan 12,2011
සරත් ෆොන්සේකා මහතා විසින් සිදුකළ බව කියන සුදු කොඩි ප්‍රකාශය ඇතුළත් සන්ඩේ ලීඩර් කර්තෘවරියගේ සටහන් පොත තමා භාරගන්නා අවස්ථාවේ එය තනි පොතක් වශයෙන් පැවති බව කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය කොළඹ මහාධිකරණය හමුවේ අද ප්‍රකාශ කළාය.

සුදු කොඩි නඩුවේ සාක්ෂිකාරියක ලෙස අද(12) සාක්ෂි ලබාදුන් ඇය සඳහන් කළේ අදාළ සටහන් පොත සන්ඩේ ලීඩර් කතුවරිය විසින් පසුගිය වසරේ ජුනි මස 21 වන දින අධිකරණයට භාරදුන් බවයි.

අදාළ පොත කොටස් දෙකකට වෙන්වී තිබුණ ද තමා එය භාර ගන්නා අවස්ථාවේ තනි පොතක් වශයෙන් පැවති බව අධිකරණය හමුවේ එම පොත අද නීරීක්ෂණය කළ රාජරත්න මහත්මිය සඳහන් කළාය.

ඇය වැඩිදුරටත් පැවසුවේ එම සටහන් පොතේ පිටු 89ක් තිබුණු අතර හිස් පිටු ද පැවති බවයි. මේ සම්බන්ධ නඩු විභාගය හෙට දිනට කල් තැබුණි.
 

No comments:

Post a Comment