Pages

Monday, January 3, 2011

බිමල් ජයකොඩි
 මේ තාක් කල් පැමිණි රංගන ගමන් මගේ ඔබ නිරූපණය කළ වඩාත් සිතට දැනුන චරිතය ගැන මතක් කළොත්?
මගේ පළමු ප්‍රසාංගික ටෙලි නාට්‍යය වන හදවිල සක්මනෙහි නිරූපණය කළ සුමේධ නැමැති චරිතයට මං ගොඩක් කැමැතියි. සුමේධ නිසා මං මිනිස්සු අතරේ හුඟක් ජනප්‍රිය වුණා. ඒ වගේම මුහුදු මනාලි ටෙලි නාට්‍යයෙහි ප්‍රියංකරටත් මං ප්‍රියයි.
වෙනත් නළුවකුගේ හෝ නිළියකගේ ඔබ දුටු හොඳම රංගනය?
ජොනී ඩෙප් The Blow චිත්‍රපටයේ කළ රංගනයට මං වසඟ වුණා. රංගනයේ අති සියුම් ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් ඔහු පෑ දස්කම් කෙදිනකවත් මගෙ සිතෙන් ඈත් වෙන්නේ නැහැ. ජෝ අබේවික්‍රම මහතාගේ රංගනයත් මේ පැනයට පිළිතුරක් වශයෙන් දෙන්න කැමැතියි.
ඔබ කළා නම් හොඳයි කියලා හිතෙන වෙනත් අයකු නිරූපණයෙහි යෙදුන චරිතය?
ලංකාවේ නළුවකු රඟපෑ කිසියම් හෝ චරිතයක් මං කළා නම් හොඳයි කියලා හිතිලා නැහැ. නමුත් The Blowචිත්‍රපටයේ ජොනී කළ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ චරිතය වැනි චරිතයක් කරන්න ආසයි.
වැඩියෙන්ම අපහසුතාවයට පත් වූ අවස්ථාව?
මං වැඩියෙන්ම අපහසුතාවයට පත්වෙන්නේ රූගත කිරීමක් මහ පාරක තියෙන විට.
රංගන දිවියේ සුවිශේෂී මොහොතක් ආවර්ජනය කළොත්?
මගෙ පළමුවැනි චිත්‍රපටය වන සංක්‍රාන්ති සඳහා අනුරුද්ධ ජයසිංහ මට කතා කළ මොහොත.
අන්තිමයට නරඹපු චිත්‍රපටය?
The Nine
නළුවකු නොවුණා නම්?

අනිවාර්යයෙන්ම ඩ්‍රම්ස් වාදකයකු වේවි.
කෝ ඒ වාදකයා?
ඔහු නිදි. කූද්දලා ගන්න ඕනේ.

No comments:

Post a Comment