Pages

Thursday, January 13, 2011

වසර 61 ට පසු කොළඹ උෂ්ණත්වය පහල අගයක් වාර්තා කරයි
වසර 61 ට පසු කොළඹ උෂ්ණත්වය පහල අගයක් වාර්තා කරයි
Jan 13,2011
ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වළාකුලින් බර අහසක් සමග දිවයින පුරා‍ මෙම වැසි සහිත කාලගුණ තත්ත්වය දැකිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

එමෙන්ම පවතින ශීත සහ මීදුම් කාලගුණ තත්ත්වය ද තවදුරටත් පවතින බව එම දෙපාර්තමේන්තුවේ කාර්යය භාර කාලගුණ විද්‍යාඥ ඩී. ඒ. ජයසිංහආරච්චි මහතා පැවසුවේය.

දිවයිනේ නැගෙනහිර, උතුරු මැද, ඌව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් තද වැසි ඇති විය හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ සෙන්ට්‍රිගේඩ් අංශක 18 .8 ක උෂ්ණත්වයක් වාර්තා වී ඇති බව ද හෙතෙම පෙන්වා දෙනු ලැබීය.

සාමාන්‍යයෙන් ජනවාරි මාසය තුළ 22 .3 ක උෂ්ණත්වයක් පැවතිය යුතු අතර ඒ අනුව අංශක 04 ක පමණ උෂ්ණත්වය පහල යාමක් ද වාර්තා වී තිබේ.

1950 ජනවාරි මස 04 වන දින සෙන්ට්‍රිගේඩ් අංශක15 .2 ක උෂ්ණත්වයක් වාර්තා වූ බව ජයසිංහආරච්චි මහතා සඳහන් කළේය.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 07 .9 ක උෂ්ණත්වයක් වාර්තා වී ඇති අතර 1929 ජනවාරි මස 14 වන දින -2 .6 ක අගයක් වාර්තා වී ඇත.

සාමාන්‍යයෙන් දෙසැම්බර්, ජනවාරි මාස තුළ ශ්‍රී ලංකාවට ශීත කාලගුණික තත්ත්වයක් පැවතිය ද මෙවර අසාමාන්‍ය ශීත තත්ත්වයක් වාර්තා වී ඇති බවත් ජයසිංහආරච්චි මහතා පෙන්වා දෙනු ලැබීය.

ඊට හේතු කිහිපයක් බලපෑ ඇති බවත්, පසුගිය දිනවල අහස වළාකුළු වලින් බර වී පැවතීම නිසා හිරු එළිය පහළ වායු ගෝලය කරා ගමන් නොකිරීම, උත්තර අර්ධ ගෝලයෙහි ශීත කාලය පැවතීමත්, ශ්‍රී ලංකාව හරහා ගමන් කරන සුළං ප්‍රවාහය එම අර්ධ ගෝලය හරහා පැමිණීම එවැනි හේතු කිහිපයක් බවත් සඳහන්ය.
සුදු කොඩියට සාක්ෂි දෙන්නැයි ගෝඨාභයට නොතීසි
සුදු කොඩියට සාක්ෂි දෙන්නැයි ගෝඨාභයට නොතීසි
Jan 13,2011
සුදු කොඩි නඩුවේ සාක්ෂි දීම සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවාරි මස 25 වන දින අධිකරණය හමුවෙහි පෙනීසිටින මෙන් දන්වා කොළඹ මහාධිකරණය අද(13) නොතීසි නිකුත් කර තිබේ.

අදාළ නඩුවේ හතරවන සාක්ෂිකරු වශයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කර ඇත.

මීළඟ දින සාක්ෂි කැඳවීම සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවට කැඳවීමට අවශ්‍ය බව එම නඩුව කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එමනිසා ඒ සඳහා නොතීසියක් නිකුත්කරන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලූ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවාරි මස 25 වන දින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවෙහි පෙනීසිටින මෙන් දන්වා නොතීසි නිකුත් කරනු ලැබීය. 
සහනාධාර එකතුකිරීමට මධ්‍යස්ථානයක් පිහිටුවයි
Jan 13,2011

ජල ගැලීම් නිසා පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ද්‍රව්‍යමය ආධාර එක්රැස් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් එකතුකිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ.

ඒ සඳහා 0773721202/0773929292 යන දුරකථන අංක අමතන්න.

 

No comments:

Post a Comment