Pages

Tuesday, January 25, 2011

SL HOT NEWS

ද්‍රවිඩ දේශපාලන කණ්ඩායම් 4 ක් මැතිවරණයට උදැල්ල දායි
Jan 25,2011
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ද්‍රවිඩ දේශපාලන පක්ෂ 02 ක් දේශපාලන කණ්ඩායම් 02 ක් එක්ව තරගකිරීමට තීරණය කර තිබේ.

පී. දිගම්බරම්ගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂ ජාතික එකමුතුව, ශාන්තිනී චන්ද්‍රසේකරන්ගේ නායකත්වයෙන් යුත් කඳුරට ජනතා පෙරමුණ, එස්. අරුල්සාමිගේ නායකත්වයෙන් යුත් කම්කරු විමුක්ති පෙරමුණ සහ අරුල්සාමිගේ නායකත්වයෙන් කඳුරට ජාතික කම්කරුවන් යන කණ්ඩායම් මෙසේ මෙවර මැතිවරණය සඳහා එක්ව තරග කිරීමට තීරණය කර ඇත.

ඔවුන් "උදැල්ල" ලකුණ යටතේ "කඳුරට සන්ධානය" නමින් මැතිවරණය සඳහා තරග කරන බව සඳහන්ය.

අනුරාධපුර බන්ධනාගාර ගැටුම -ඇමති ගජධීර තුවාල ලැබූ පිරිස හමුවෙයි
අනුරාධපුර බන්ධනාගාර ගැටුම -ඇමති ගජධීර තුවාල ලැබූ පිරිස හමුවෙයි
Jan 25,2011
අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා අද(25) එහි සංචාරය කළේය.

අමාත්‍යවරයා මෙහිදී අදාළ ගැටුම්වලින් තුවාල ලැබූ පිරිස හමුවීම සඳහා අනුරාධපුර රෝහල වෙත ද පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් වී. ආර්. ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද පත් කර තිබේ.

අධිකරණ අමාත්‍යාංශයට කරුණු හැර සිද්ධිය ආරම්භ වූ අවස්ථාවේ නිලධාරීන් විසින් විරෝධතාවය මෙහෙයවූ ප්‍රධාන පිරිස් සමග සාකච්ඡා කර ඔවුන්ගේ ඇතැම් ඉල්ලීම් විසඳීම සඳහා එකඟතාවයකට පැමිණි බව අද සිදුකළ සංචාරයෙන් අනතුරුව අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා කියා සිටියේය.

අදාළ සාකච්ඡාව නිමාවීමත් සමග මෙම ගැටුම ආරම්භ වී ඇති බවත්, සිද්ධියට අදාළ තොරතුරු අධ්‍යයනය කර අවශ්‍ය ක්‍රියා මාර්ග කඩිනමින් ගනුලබන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ වනවිට තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති බව අනුරාධපුර බන්ධනාගාරයේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා අවධාරණය කර සිටියේය.

ඊයේ(24) පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේ දී එක් රැඳවුම්කරුවෙකු මියගිය අතර බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රැඳවුම්කරුවන් 27 දෙනෙක් තුවාල ලැබීය.

ගුරුවරයෙකුගේ විවාහයට පාසලට නිවාඩු දීම -අධ්‍යක්ෂකවරියට ස්ථාන මාරුවක්
ගුරුවරයෙකුගේ විවාහයට පාසලට නිවාඩු දීම -අධ්‍යක්ෂකවරියට ස්ථාන මාරුවක්
Jan 25,2011
හැටන්, ගිනිගත්හේන ‍නවෝද්‍යා මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකුගේ විවාහ උත්සවයක් වෙනුවෙන් පාසලට නිවාඩු ලබාදීමේ සිද්ධියට අදාළව අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂකවරියට ස්ථාන මාරුවීමක් ලබාදී තිබේ.

අදාළ සිද්ධිය පිළීබඳ පරීක්ෂණ නිමවන තුරු මෙම ස්ථාන මාරුවීම ලබාදී තිබෙන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසුවේය.

අදාළ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු පැවැත්වෙන අතර දරුවන් අපහසුතාවයට පත්නොවී හිලව් සැසි පැවැත්වීමටත් උපදෙස් ලබාදී ඇති බව ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළ සරත් ඒකනායක මහතා සඳහන් කළේය.

මහාබෝධි ප්‍රහාරය ගැන සෙවීමට මෙරට මහකොමසාරිස් චෙන්නායි යයි

මහාබෝධි ප්‍රහාරය ගැන සෙවීමට මෙරට මහකොමසාරිස් චෙන්නායි යයි
Jan 25,2011

ඉන්දියාවේ මහාබෝධි විහාරයට ඊයේ(24) රාත්‍රි‍යේ එල්ල වූ ප්‍රහාරය පිළිබඳ සොයාබැලීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා චෙන්නයි නුවර බලා පිටත්ව ගොස් තිබේ.

මහකොමසාරිස්වරයා තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන ලේකම්වරයා ද හමුවීම මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රතිපත්ති ප‍ර්යේෂණ හා තොරතුරු ඒකකය පවසයි.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය යොමු කර තිබෙන අවධානය පිළිබඳ ප්‍රසාද් කාරියවසම් මහතා මෙහිදී ප්‍රාන්ත බලධාරීන්ට දැනුම් දෙනු ඇත.

ඊට අමතරව වන්දනා කටයුතු වෙනුවෙන් ඉන්දියාවට පැමිණෙන ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන ලෙස ද ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා මෙහිදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට නියමිතය.

චෙන්නායි මහාබෝධි සංගම් කාර්යාලට මැර ප‍්‍රහාරයක්

 Jan 25,2011
ඉන්දියාවේ චෙන්නායි නුවර මහාබෝධි සංගම් විහාරස්ථානයේ කාර්යාලයට ඊයේ (24)  රාති‍්‍රයේ මැර ප‍්‍රහාරයක් එල්ල වී ඇත.
පොලූ, මුගුරු රැගෙන ඊට ඇතුළු වී ඇති දස දෙනෙකු පමණ කණ්ඩායමක් එහි වීදුරු අල්මාරි සහ අනෙකුත් භාණ්ඩවලට හානි සිදු කර ඇති බවත්, මහාබෝධි සංගම් කාර්යාලයේ සිටි ශී‍්‍ර ලාංකික භික්ෂූන් වහන්සේලා හතර නමකටද මොවුන් පහර දී ඇති බවයි ඉන්දීය හින්දු පුවත්පත සදහන් කරයි.

තුවාල ලැබූ ශී‍්‍ර ලාංකික භික්ෂූන් වහන්සේලා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන් වේ.

ඊයේ රාතී‍්‍ර 10 ට පමණ මෙම ප‍්‍රහාරය එල්ල වී ඇති බව චෙන්නායි නුවර අතිරේක පොලිස් කොමසාරිස් ශකීල් අක්තාර් සදහන් කරයි. තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා සිංහල බස පමණක් කතා කරන බවත්, ඔවුන් සදහා භාෂා පරිවර්තකයෙකු යෙදවීමට කටයුතු කරන බවත්, ඔහු තවදුරටත් පවසා ඇත. ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි අතිරේක පොලිස් කොමසාරිස්වරයා සදහන් කළේය.

සිද්ධිය පිළිබඳ චෙන්නායි - එග්මෝර් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද වාර්තා වේ. 

හොර රහසේ අසැබි චිත්‍රපට හා ඡායාරූප විකුණූ අයෙක් කොටුවෙයි
හොර රහසේ අසැබි චිත්‍රපට හා ඡායාරූප විකුණූ අයෙක් කොටුවෙයි
Jan 25,2011
තෙල්දෙණිය පොලීසිය ඉදිරිපිට නීතිවිරෝධී අයුරින් ඉතා රහසිගත ලෙස අසභ්‍ය චිත්‍රපට හා අසභ්‍ය ඡායාරූප අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු තෙල්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් දීර්ඝ කාලයක සිට පරිගණකයක දෘඪ තැටියෙහි අසභ්‍ය චිත්‍රපට හා ඡායාරූප සූක්ෂ්මව සඟවා තබා ගනිමින් ඒවා ඉල්ලුම් කරන පාරිභෝගිකයින් වෙත චිත්‍රපට හා ඡායාරූප අලෙවි කර ඇති බව අනාවරණය වී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. ඩබ්ලිව්. සී. ධර්මරත්න මහතා විසින් ඊයේ(24) පෞද්ගලිකව සිදුකරන ලද වැටලීමකින් පසු 25 හැවිරිදි අදාළ සැකකරු හා ඔහු භාවිත කළ පරිගණකය අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන්ය.

සැකකරු අද(25) තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
සරසවි සිසුන්ගේ ප්‍රායෝගික දක්ෂතා එළිදැක්වීමට අවස්ථාවක්
සරසවි සිසුන්ගේ ප්‍රායෝගික දක්ෂතා එළිදැක්වීමට අවස්ථාවක්
Jan 25,2011
විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්‍රායෝගික දක්ෂතා එළිදැක්වීම සඳහා අවස්ථාව ලබා දීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ සදහා විශේෂ වැඩපිළිවෙළක් මාර්තු මාසයේ සිට ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශ කළේය.

විශ්ව විද්‍යාල වලට පිවිසෙන දරුවන්ගේ හැකියාවන්, කුසලතාවයන්ථ දක්ෂතාවයන් එළිදැක්වීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම වැඩ පිළිවෙළ සංවිධානය කරන බව ඒ සම්බන්ධයෙන් අද දෙරණට අදහස් දැක් වූ සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කළේය.

මෙහි ශ්‍රී ලංකාවේ සංවිධායකවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා කටයුතු කරන බව ඒ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කළ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කළේය.

ඉදිරියේදී සිසුන්ගේ කුසලතාවයන් විශ්ව විද්‍යාල, අන්තර් විශ්ව විද්‍යාල මට්ටමින් සහ ජාතික මට්ටම දක්වාත් ඉදිරියට ගෙනඒමට බලාපොරොත්තු වන බව ඔහු පෙන්වාදුන්නේය. 

චෙන්නායි බෞද්ධ විහාරයට ප්‍රහාරයක්-තිදෙනෙක් රෝහලේ
චෙන්නායි බෞද්ධ විහාරයට ප්‍රහාරයක්-තිදෙනෙක් රෝහලේ
Jan 25,2011
ඉන්දියාවේ,චෙන්නායි හි පිහිටි මහා බෝධි බෞද්ධ විහාරයට ඊයේ(24) රාත්‍රීයේ කිසියම් පිරිසක් විසින් පහර දී ඇතැයි වාර්තා වේ.

ඊයේ රාත්‍රි 10.00 ට පමණ මහා බෝධි විහාරයට ඇතුළු වූ පිරිසක් විහාරස්ථානයේ ගොඩනැගිලි වලට අලාභ හානි සිදුකරමින් එහි වැඩ වාසය කළ භික්ෂූන්ට පහරදී ඇතැයි සඳහන් වේ.

තුවාල ලැබූ ‍බෞද්ධ භික්ෂූන් තිදෙනෙකු චෙන්නායි හි පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර ශ්‍රී ලාංකික භික්ෂූන් දෙදෙනෙකු හා එක් නේපාල ජාතික භික්ෂූවක ඒ අතර වන බව චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් වී. ක්‍රිෂ්ණමූර්ති මහතා සඳහන් කරයි.

තත්ත්වය මේ වන විට පාලනය කර ඇතත්,සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

මෙම ප්‍රහාරය සඳහා පුද්ගලයින් 10 -15 ක් පමණ සහභාගි වී ඇතැයි වාර්තා වී ඇති බව ද සඳහන්ය. මේ වන විට විහාරස්ථානය අවට ආරක්ෂාව තර කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

No comments:

Post a Comment