Pages

Sunday, January 16, 2011

රට සංවර්ධනය කරා යන ගමනේදී තරුණ පිරිසට ලොකු වගකීමක් පැවරෙන නිසා විවාහ වෙන්න අදහසක් නැතැයි අනර්කලී කියයි

යුද ජයග්‍රහණයෙන් පසු රට සංවර්ධනය කරා යන ගමනේදී රටේ තරුණ පරපුරට වැඩි වගකීමක් පැවරෙන බවත්, තමන් එයට කැපවී සිටින බවත් එනිසා දැන්ම විවාහ වීමට අදහසක් නැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීනී, සිනමා නිලි අනර්කලී ආකර්ෂා පවසයි. ඇය මේ බව පවසා ඇත්තේ සති අන්ත පුවත්පතක අතිරේකයකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවදීය.
එම සාකච්ඡාවේදී ඇය මෙසේද පවසා තිබිණි.
anarkali_akarsha.jpg" මම ගොඩක් සංවේදී කෙනෙක්. ඉස්සර ගොඩක් දඟකාරයි. ඒත් දැන් ‍එහෙම නෑ. දැන් මගේ අදහස් පරිණතයි කියලා මට හිතෙනව. ඒ වගේම සමාජ සේවයට ගොඩක් කැමති, මේ රටට ගොඩක් ආදරේ ඇති ‍යෞවනියක්. විදෙස් රටක පදිංචියට යාමට අවස්ථා කොතරම් තිබුණත් එහෙම නොයන්නේ මේ රටට ඇති ආදරය නිසයි."
එම සාකච්ඡාවේදී සිය දේශපාලන උරුමය සම්බන්ධයෙන්ද සඳහන් කළ ඇය සිය ඉදිරි දේශපාලන ඉලක්කයන් පිළිබඳව මෙසේ පවසා තිබේ.
"මට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණා. ඒත් මම ඒක කළේ නෑ. පාර්ලිමේන්තුවට යන්න ඉස්සර වෙලා දේශපාලනමය අත්දැකීම් තවත් එකතුකරගැනීමට අවශ්‍ය නිසයි මම පළාත් සභාවෙම රැඳිලා ඉන්නෙ. ඒ වගේම දකුණු පළාත් සභාවට මාව පත්කළ ජනතාවට සේවය කිරීම මගේ යුතුකමක්. ඒ යුතුකම ඉටුකරන්න මට තව කාලය ඕන. ඉදිරි කාලය පුරාම පළාත් සභා මන්ත්‍රීවරියක ලෙස මගේ වැඩ කටයුතු හොඳින් කරලා ඊට පසුවයි පාර්ලිමේන්තුව ගැන හිතන්නේ."
මහජන නියෝජිතවරියක නිසා භාරගන්නා කලා නිර්මාණ පිළිබඳව දෙවරක් සිතීමට සිදුවී තිබෙන බව ද  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙම ලාබාලම පළාත් සභා මන්ත්‍රීවරිය පවසයි.

No comments:

Post a Comment