Pages

Wednesday, January 12, 2011


ලාෆ්ස් නඟියි-ලිට්රෝ එතැනමයි

ලාෆ්ස් නඟියි-ලිට්රෝ එතැනමයි

Jan 12,2011

ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 36න් ඉහළ නංවා තිබේ. මිල සංශෝධනයට පෙර කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1520ක් ලෙස පැවතුණි.

නව මිල සංශෝධනයට අනුව එහි නව මිල රුපියල් 1556කි. මිල සූත්‍රයට අනුව ලාෆ්ස් ගෑස් සමාගම පාරිභෝගික අධිකාරියෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ මිල ඉහළ දැමීමට අවසර ලබා දී ඇති බව සදහන් වේ.

කෙසේ වෙතත් ලිට්රෝ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවන බව වාර්තා වේ.

ගංවතුර එහෙමමයි-අවදානම අඩුවෙයි

ගංවතුර එහෙමමයි-අවදානම අඩුවෙයි

දිවයිනේ දිස්ත්‍රික්ක 12 ට බලපා තිබෙන ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකාරකවරු පවසති. කෙසේ වෙතත් ඇතැම් දිස්ත්‍රික්ක වල ගංවතුර තත්ත්වය අඩු වී ඇති බව සඳහන් වේ.

පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර සම්බන්ධීකාරක චන්දන පරාක්‍රම මහතා පැවසුවේ දිස්ත්‍රික්කයේ ගංවතුර මට්ටම ක්‍රමයෙන් පහත බසිමින් ඇති බවයි.

කෙසේ වෙතත් පොළොන්නරු දිස්ත්‍රීක්කයේ ජලගැලීම් වලින් පවුල් 3059 ක්ද,පුද්ගලයින් වශයෙන් 13,737 ක්ද වශයෙන් අවතැන්වී ඇති බවත්,මරණ දෙකක් සහ අතුරුදහන්වීම් 4 ක් වාර්තා වී ඇති බවත් චන්දන පරාක්‍රම මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් මඩකළපුව දිස්ත්‍රික්කයට ඊයේ දිනය තුළ අඩු වර්ෂාපතනයක් වාර්තා වීම හේතුවෙන් ගංවතුර මට්ටම ඉහළ යාම නැවතී ඇති බව දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ සම්බන්ධීකාරක ඒ.එම්.එම් කාසීර් මහතා පවසයි.

දිස්ත්‍රික්කයේ වැව් බොහොමයක් පිටාර ගලා ඇති බැවින් ගංවතුර බැස යාම ඉතා සෙමින් සිදුවන බව ඔහු පැවසුවේය. මඩකළපුව දිස්ත්‍රික්කයට බලපෑ වැසි සහිත කාලගුණය හේතුවෙන් පවුල් එක් ලක්ෂ 27 , 882 ට අයත් හාර ලක්ෂ අසූ දෙදහස් තුන්සිය විසිතුන් දෙනෙක් පීඩාවට පත්ව ඇති බව කාසීර් මහතා කියා සිටියි.

මේ අතර මහනුවර නගර සීමාව තුළ පිහිටි පාසල් බොහොමයක සුළු නායයෑම් අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

එම ආයතනයේ භූ විද්‍යා සමස්ත බෝගහපිටිය මහතා කියා සිටියේ මහනුවර ධර්මරාජ , මහමායා , පුෂ්පදාන , ගෝතමී , උසස් බාලිකා ආදී පාසල් වල සුළු නායයෑම් අවදානම් පවතින බවට හඳුනාගත් බවයි.

මේ සම්බන්ධයෙන් ගත යුතු කෙටි කාලීන හා දිගු කාලීන පිළියම් පිළිබඳ අදාළ අංශ දැනුවත් කරන බව ඔහු පවසයි. මහනුවර ගැටඹේ දෙවන රාජසිංහ මාවතේ සිදු වූ නාය යෑමෙන් ජීවිතක්ෂයට පත් වූ 7 දෙනාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු ඊයේ මහනුවර මහයියාව පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණි.

එයින් මිය ගිය අය අතර කාන්තාවන් 5 දෙනෙකු හා කුඩා දරුවෙක්ද සිටියේය. මහනුවර දිස්ත්‍රික්කයට බලපෑ ආපදා තත්ත්වයෙන් පවුල් 573කට අයත් පුද්ගලයින් 2196 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

තවත් පවුල් 232කට අයත් 1027 දෙනෙක් කඳවුරු 10ක රැඳී සිටින බව සඳහන් වේ.

මේ වන විට ගංවතුර හා අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් දෙලක්ෂ විසි අට දහස් හැත්තෑ අට කට අයත් අටලක්ෂ හැටතුන්දහස් හත්සිය හැත්තෑ තුන් දෙනෙක් පීඩාවට පත්ව සිටියි.

මේ නිසා පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති අතර පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


රජරටට නොකඩවා ඇදහැළෙන වර්ෂාව නිසා අනුරාධපුර
රුවන්මැලි මහ සෑය අසලින් කුට්ටම් පොකුණ දක්වා
මාර්ගය ජලයෙන් යටවී ගමනාගමනයට
දුෂ්කර තත්ත්වයක්
පැවැති අයුරු. 

ඔස්ට්‍රේලියා ජලගැල්ම ‘අභ්‍යන්තර සුනාමියක්’ බ්‍රිස්බෙන් නගරයෙන් ජනතාව ඉවත් කරයි

Jan 12,2011
ඔස්ට්‍රේලියාවේ ව්‍යාප්ත වෙමින් පවත්නා ජලගැල්ම තවත් උත්සන්න වෙමින් මධ්‍ය බ්‍රිස්බෙන් නගරයෙන් ද ජනතාව ඉවත් කිරීමට තුඩු දී ඇත. ඊයේ වන විට අට දෙනකු මියගොස් 72 ක් අතුරුදන් වී තිබෙන බවත්, මියයන සංඛ්‍යාව තවතවත් වැඩි විය හැකි බවත් ප්‍රකාශ වී තිබේ. ඔස්ටේ‍්‍රලියානු අගමැතිනී ජූලියා ගිලාඩ්, කළු ඇඳුමින් සැරසී, ජනතාව අමතමින් තවතවත් දරුණු තත්ත්වයන්ට මුහුණදීමට සූදානම් වන ලෙස ඔවුනට අනතුරු අඟවා තිබේ.කඳුකර “ටූ වූම්බා” ප්‍රදේශයේ නිවාස සියල්ලම පාහේ ගසා ගෙන ගොස් ඇති අතර එය “අභ්‍යන්තර සුනාමියක් ලෙස හඳුන්වා ඇත.
 
ඔස්ට්‍රේලියාවේ ටූ වුම්බාහි ජල ගැලීමට ගොදුරු වූ මෝටරියක් ජල කඳේ ගසාගෙන යන අයුරු.
ඒ. එෆ්. පී.

ටූ වූම්බා හා ලොක්යර් මිටියාවතේ ප්‍රජාකොටස්වලට තැතිගන්වන සුළු සිද්ධිවලට මුහුණ දීමට සිදුවූ බවත්, ගොඩනැගිලි හා මෝටර්රථ මහා ජල කඳින් ගසා ගෙන යනු දුටු බවත් ඇය වැඩි දුරටත් කීවාය. මෝටර් රථ ජල කදේ තැනින් තැන ගසාගෙන යන සැටි නිවාස වහල මත නැගී ජල කඳෙන් බේරී සිටින නේවාසිකයන්, මෝටර් රථ වහල මත නැගී දිවි බේරාගත්තවුන් හා ගස්වල හා නාම පුවරු කණුවල එල්ලී සිටිනවුන් රූපවාහිනියෙන් දුටු බවද ඇය පැවසුවාය. කුවීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැති අන්නා බ්ලිග් පැවසුවේ මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවිය හැකි බවය.
ධාරානිපාත වර්ෂාව හා මංමාවත් ගසාගෙන ගොස් තිබීම සහන කටයුතු වලට මහත් බාධාවක් බව ඔහු කීවේය. සොබාදහම කුරිරු ක්‍රියාදාමයක නියැලී සිටින අතර තත්ත්වය දිනෙන් දින දරුණුවන බවද ඔහු කීය. ටූ වුම්බා වීදි වේගයෙන් ගලන ගංඟා බවට පත්ව ඇති අයුරු හා ඒ මැද මෝටර්රථ ගසා ගෙන යන අයුරු රූපවාහිනියෙන් දිස්විණි.
මියගිය අයගෙන් සිවු දෙනකුම ළමයින්ය. සමහරකු මව පදවා ගෙන ආ රියත් සමඟ ජල කඳට ගොදුරුව ගසා ගෙන ගොස් තිබිණ. ප්‍රංශය හා ජර්මනිය එක්ව ගත්කල තැනෙන භූමිභාගය හා සමාන පෙදෙසක ජලගැල්ම ව්‍යාප්ත අතර දැන් එය ප්‍රාන්ත අගනගරය වන බ්‍රිස්බේන් නගරයටද තර්ජනයක්ව තිබේ. එහෙයින් එම නගරයෙන්ද ජනතාව ඉවත්කිරීම ඇරඹී ඇත.  ඔවුනට උස්බිම් කරායන ලෙස උපදෙස් ලැබී තිබේ. සියගණනක් ගුවනින් බේරාගෙන ඇත. සමහර තැනක ජනයා කොටුවී සිටින බවද සඳහන්ය.

No comments:

Post a Comment