Pages

Thursday, January 13, 2011

ප්‍රමුදි සහ නිත්‍යා

ප්‍රමුදි සහ නිත්‍යා ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තේ හරියටම මින් වසර අටකට පෙර ඒ සෝමරත්න දිසානායකයන්ගේ ‘සරෝජා’ චිත්‍රපටයෙන්. ඒ වන විට කුඩා දැරියන් දෙදෙනෙකු වූ ප්‍රමුදි සහ නිත්‍යා දැන් යොවුන් වියේ පසුවනවා.
‘මම ගිය අවුරුද්දෙ කලා අංශයෙන් උසස් පෙළ කරලා සරසවි වරම් ලැබුවා. ඒ ගැන ගොඩක් සතුටුයි’ ඒ ප්‍රමුදිගෙ හඬ.
‘මම මේ අවුරුද්දෙ විද්‍යා විෂයන්වලින් උසස් පෙළ කරනවා. ඩොක්ටර් කෙනෙක් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව.’ නිත්‍යාගෙ හුරතල් කටහඬ පුරාම තිබුනෙ අනාගතය ගැන බලාපොරොත්තු. අවුරුදු 8 ක් තිස්සෙ මිතු දම් පවත්වන ප්‍රමුදිගෙන් නිත්‍යා ගැන අහන්න අපිට හිතුණා.
‘නිත්‍යා ගොඩක් හොඳ යාළුවෙක්. අපි නිතර මුණ ගැහුනෙ නැති වුණාට අපේ යාළුකම හැමදාමත් තියනවා’.
‘ප්‍රමුදි අක්කත් හරියට ෆෙ‍්‍රන්ඩ්ලි. මට අවුරුදු 7 දි තමයි ප්‍රමුදි අක්කිව හඳුන ගන්න ලැබුණෙ.’
දෙන්නම දෙන්නාගෙ හොඳ කියද්දි, එයාලගෙ දුර්වලකම් ගැන අහන්නත් හිතුණා.
‘නිත්‍යාගෙ දුර්වලකම තමයි ඉක්මනින් අමතක වීම.’
‘මම ප්‍රමුදි අක්කිගෙ පරණ යාළුවෙක් වුණාට, එයා කොහෙ හරි ගියහම වැඩිපුරම කතා කරන්නෙ ඒ මොහොතෙ එයා එක්ක යාලු වුණ අය එක්ක. ම් . . . ඒක තමයි ප්‍රමුදි අක්කිගෙ මම දකින දුර්වලකම’.
ප්‍රමුදියි – නිත්‍යායි එකිනෙකා ගැන කතා කළේ ඒ විදිහට.
ළමා වියෙන් - යොවුන් වියට පැමිණී ප්‍රමුදි සහ නිත්‍යාට අදටත් ලැබෙන ප්‍රේක්ෂක ආදරය අසීමිතයි. රංගන ක්ෂේත්‍රයේ පෙළහර පාමින් ඉදිරියට යන මේ දෙන්නාගෙ අධ්‍යාපන කටයුතුත් සාර්ථක කර ගන්නට හැකි වේවා කියා අපි පතන්නෙමු.

No comments:

Post a Comment