Pages

Tuesday, January 18, 2011

තෛයිපොංගල් දින ජාතික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
Jan 18,2011
තෛයිපොංගල් දින ජාතික උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේ දී ඊයේ (17) පැවැත්විණි. ඒ අවස්ථාවට පැමිණි ජනාධිපතිවරයා ආගමික වැඩසටහනකට සහභාගි වූ අවස්ථාව. සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්දා, බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.

පින්නවල අලුත් අලි බබා
Jan 18,2011
පින්නවල අලි අනාථාගාරයේදී තවත් අලි පැටවෙක් ඊයේ (17) පෙරවරු 2.00 ට පමණ උපත ලැබීය.
අලි අනාථාගාරයේ වෙසෙත ‘ළසදා’ කෙණෙරගේ දෙවැනි පැටවා වන අතර අලි අනාථාගාරයේ උපන් 53 වැනි අලි පැටවාය. මෙම පැටවා පසුගිය සති පහක කාලය තුළ පින්නවලින් බිහිවූ තෙවැනි අලි සිඟිත්තාය.
පසුගිය දෙසැම්බර් 10 දා ‘මායා’ නැමැති කෙණෙර ද දෙසැම්බර් 27 දා ‘ෂර්මි’ නමැති කෙණෙරද මීට පෙර පැටවුන් බිහි කළෝය.

යාපනේ රැය පහන් කළ එකම රාජ්‍ය නායකයා...

Jan 18,2011
තල්අරඹින් සෙවණලත් සුන්දර යාපනයේ රාත්‍රියක් ගතකළ ප්‍රථම සහ එකම රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉතිහාසයට එක්වෙයි.
සංගුපිඩ්ඩි පාලම විවෘත කරමින් සිය යාපනය සංචාරය පෙරේදා (16) ඇරැඹූ ජනාධිපතිතුමා එදින රාත්‍රිය යාපනයේ සුන්දරත්වය විඳිමින් ගත කෙළේය. අනතුරුව ජනාධිපතිතුමා යාපනය ඇල්ෆ‍්‍රඩ් දොරෙඅප්පා ක්‍රීඩාංගණයේ ඊයේ (17) පැවැති ජාතික තෛපොංගල් උළෙලටත් සවස නාගදීප විහාරස්ථානයේ ආගමික කටයුතුවලටත් එක් විය.
පකිස්ථාන යුද හමුදාපති හෙට දිවයිනට
පකිස්ථාන යුද හමුදාපති හෙට දිවයිනට
Jan 18,2011
තෙදින නිල සංචාරයක් සඳහා පකිස්ථාන යුද හමුදාපති ජෙනරාල් අෂ්ෆාක් ෆර්වේස් ඛයානි මහතා හෙට(19) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතය.

ඛයානි මහතා සමග ඔහුගේ බිරිඳ සහ පකිස්ථානු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද පැමිණීමට නියමිත බව යුද හමුදාව පවසයි.

මෙම සංචාරය තුළ දී පකිස්ථානු යුද හමුදාපතිවරයා, ජනාධිපති මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සහ මැති ඇමතිවරුන් රැසක් හමුවීමට නියමිතය.

මෙම නිල සංචාරයේ දී ජෙනරාල් ඛයානි සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පුහුණුව ලබන නිලධාරීන් ඇමතීමට ද නියමිත බව යුද හමුදා මූලස්ථානය ප්‍රකාශ කරනු ලැබීය.

ඊට අමතරව බ්‍රහස්පතින්දා දිනයේ දී යුද හමුදා මූලස්ථානයට පැමිණෙන පකිස්ථානු යුද හමුදාපතිවරයා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා හමුවීමට නියමිතය.
දුම්කොළ වගාවට වැට බැ‍ඳෙයි
දුම්කොළ වගාවට වැට බැ‍ඳෙයි
Jan 18,2011
ඉදිරියේ දී මෙරට දුම්කොළ වගාව තහනම් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ආහාර බෝග වගා කිරීම සඳහා ගොවීන් සියලු දෙනා යොමු විය යුතු බව ඔහු සඳහන් කරයි.

දුම්කොළ වගා කරන පුද්ගලයින්ට පොහොර සහනාධාරය ලබාදීම ද නතර කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබීය.

දුම්කොළ වගාව සම්පූර්ණයෙන්ම නවතා ආහාර බෝග වගාවට යොමුවන ලෙස සියලුම ගොවීන්ගෙන් ඉල්ලා සිටින බව ඒ පිළිබඳව අද දෙරණට අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය
නායයෑමේ සිද්ධි 650 ට වැඩි සංඛ්‍යාවක් ගැන තොරතුරු ලැබෙයි
Jan 18,2010
දිවයිනේ දිස්ත්‍රික්ක 04 ක නායයෑමේ සිදුවීම් 650 ට වැඩි සංඛ්‍යාවක් පිළිබඳව මේ වන විට තොරතුරු ලැබී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒ පිළිබඳ තොරතුරු ලැබී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් සේවා අධ්‍යක්ෂ ආර්. එම්. එස්. බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව මාතලේ, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක තුළ අධ්‍යයන කටයුතු සිදුකරමින් පවතින බව ඒ පිළිබඳව අද දෙරණට අදහස් දැක්වූ ආර්. එම්. එස්. බණ්ඩාර මහතා කියා සිටියේය.

නායයෑමට ලක්වූ ස්ථාන, නාය යෑ හැකි ස්ථාන පිළිබඳව, ඒ වෙනුවෙන් අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ගයන් පිළිබඳව අධ්‍යයන කටයුතු සිදුකරන බවත්, මේ වනවිට 170 ට ආසන්න ස්ථාන ප්‍රමාණයක් අධ්‍යයනය කර අවසන් කර ඇති බවත් ඔහු පෙන්වාදුන්නේය.

No comments:

Post a Comment