Pages

Wednesday, January 19, 2011

දැන් නම් ඇඟේ නැටුම් නැහැ



ගයනා සුදර්ශනී

 මේ තාක් කල් පැමිණි රංගන ගමන් මගේ ඔබ නිරූපණය කළ වඩාත්ම සිතට දැනුන චරිතය කුමක්ද?
සුදු හාමිනේ නාට්‍යයේ සුදු හාමිනේ. සුදු හාමිනේ කියන්නෙ පොඩි තැනකින් ජීවිතේ ආරම්භ කරලා ක්‍රම ක්‍රමයෙන් දියුණු වන කෙනෙක්. ඇගේ ඉඳි ආප්ප ව්‍යාපාරය ලංකාවේ ගොඩක් ඉහළ තැනකට පත් වෙනවා. සුදු හාමිනේ ඒ සියල්ල කරන්නේ ස්ව උත්සාහයෙන් කිසිම අයකුගේ හව්හරණයක් නැතිව. ඒ ගතිගුණ නිසා සුදු හාමිනේව මට හොඳින් දැනුනා.
වෙනත් නළුවකුගේ හෝ නිළියකගේ දුටු හොඳම රංගනය?
වැලිකතර චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම මහතා කළ රංගනය මට තවම මතකයි. ජෝ මහත්තයට බොහොම ලොකු පරාසයක රංගන කාර්යයේ යෙදෙන්න පුළුවන් කියලා තහවුරු කළේ වැලිකතරෙන්.
ඔබ රඟපෑවා නම් හොඳයි කියා සිතුන වෙනත් රංගන ශිල්පිනියක කළ චරිතය?
මෙ ප්‍රශ්නයට පිළිතුරු දෙකක් දෙන්න පුළුවන්. එක ස්වර්ණා මල්ලවආරච්චි සාගර ජලය මදි හැඬුවා චිත්‍රපටයේ කළ චරිතය. අනික තමයි ඇයම දඩයම චිත්‍රපටයේ කළ චරිතය. මේ චරිත යුගළම මට ලැබුණා නම් හොඳයි කියලා ඒ චිත්‍රපට නරඹද්දී හිතුණා.
අන්තිමයට නරඹපු චිත්‍රපටය?
සහන් විජේසිංහගේ තුෂාරා නව නිෂ්පාදනය.
ජීවිතයේ සුවිශේෂී මොහොතක් ගැන මතක් කළොත්?
අනිවාර්යයෙන්ම මං විවාහ වූ මොහොත.
ප්‍රේක්ෂකයකුගෙන් ලැබුණ හොඳම ප්‍රතිචාරය?
සුදු හාමිනේ විකාශය වෙලා කාලයක් ගියාට පසුව මට හමු වුණු එක රසිකාවියක් කිව්වා සුදු හාමිනේ වගේ ඉඳිආප්ප ව්‍යාපාරයක් ආරම්භ කරලා මේ වන විටත් ඒක දියුණු මට්ටමක පවතිනවා කියලා. ඒක අහලා මගේ සිතට දැනුණේ අපමණ සතුටක්. ඒ ප්‍රතිචාරය ජීවිත කාලයේම මගේ සිතේ තියේවි.
ඔබට මෑතකාලීනම වැඩිපුරම නපුරු චරිත ලැබුණේ ඇයි?
ඒක ඇයි කියලා මටත් හරියටම කියන්න අපහසුයි. මෑතකාලීනව ටිකක් නපුරු චරිත ලැබුණා තමයි. ඒත් සැබෑ ජීවිතයේ නම් මං නපුරු නැහැ. ඒක දන්නෝ දනිති.
රංගනයට නොආවා නම්?
නැටුම් ගුරුවරියක් වේවි.
එහෙනම් ඔච්චර මහත් වන එකකුත් නැහැ?
ඇත්ත, දැන් නැටුම් ඇඟේ නැහැ. ඉස්සර තරුණ සේවා සභාවේ නැටුම් කණ්ඩායමෙත් මං හිටියා. එතකොට මං ගොඩක් කෙට්ටුයි.

No comments:

Post a Comment