Pages

Sunday, January 9, 2011

 හලාවතට ඔක්සිජන් නෑ
Jan 09,2011
හලාවත මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඔක්සිජන් සැපයීමේ පද්ධතිය ක්‍රියා විරහිත වීමෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව වාර්තා වේ.

පසුගිය 6 වැනිදා සිට මෙම පද්ධතිය වරින් වර ක්‍රියාවිරහිත වන බව වෛද්‍යවරුන් විසින් අදාළ බලධාරීන් දැනුවත් කර ඇතත් ඊට නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව සඳහන් වේ.

පෙරේදා රාත්‍රීයේ සිට එ‍ම රෝහලේ ඔක්සිජන් පද්ධතිය සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිත වී ඇති බව පැවසෙයි.

එම තත්ත්වය මත දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයීම රෝහලේ ප්‍රාථමික ඒකකයට රැගෙන ගොස් සිදුකිරීමට රෝහල් කාර්යය මණ්ඩලයට සිදුව තිබේ.

මීට මාස 6 ට පමණ පෙර අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකයක් විවෘත කළ ද එය මේ වන තෙක් අදාළ බලධාරීන් විසින් ප්‍රයෝජනයට ගෙන නොමැති බව ද සඳහන් වේ. 
සියලු පළාත් පාලන ආයතන වලට තරගවදිනවා
 සියලු පළාත් පාලන ආයතන වලට තරගවදිනවා
Jan 09,2011
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී සියලු පළාත් පාලන ආයතන සඳහා තරග වැදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය බලාපොරොත්තු වන බව එහි මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා පවසයි.

දැනටමත් අදාළ පළාත් පාලන ආයතන සඳහා අයදුම්පත් ලැබෙමින් පවතින බව ඔහු පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයින් තේරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බව සුසිල් ප්‍රෙම්ජයන්ත් අමාත්‍යවරයා පවසයි.

එක්සත් ජාතික පක්ෂය ද පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් තෝරා ගැනීමේ කටයුතු ඉදිරි දින කිහිපය තුළ සිදුකරන බව එම පක්ෂයේ සභාපති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා කියා සිටියේය.
8% විදුලිය නව ගාස්‌තු මේ මාසයේ සිටJan 09,2011
ප්‍රභාත් විතාන
විදුලි ඒකක 120 වැඩියෙන් භාවිත කරන විදුලි පාරිභෝගිකයන් සඳහා සියයට අටක ගාස්‌තුවක්‌ අය කිරීම මෙම මාසයේ සිට ක්‍රියාත්මක කරන බව විදුලිබල මණ්‌ඩලයේ සභාපති විද්‍යා අමරපාල මහතා පැවසීය.

මීට පෙර විදුලි ඒකක 90 වැඩියෙන් භාවිත කරන විදුලි පාරිභෝගිකයන් සඳහා සියයට අටක ගාස්‌තුවක්‌ අය කිරීමට විදුලිබල මණ්‌ඩලය තීරණය කර තිබුණත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග විදුලිබල ඇමැතිවරයා ඇතුළු කණ්‌ඩායමක්‌ පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙසේ විදුලි ඒකක 120කට වැඩියෙන් භාවිත කරන පාරිභෝගිකයන් සඳහා මෙම සියයට අටක ගාස්‌තුව අය කිරීමට තීරණය කෙරිණි.
 රට ගැන සිතද්දී දේශපාලනය අමතක කළ යුතුයි
රට ගැන සිතද්දී දේශපාලනය අමතක කළ යුතුයි
Jan 08,2011
රටක් ගැන සිතා කටයුතු කරන විට දේශපාලනය අමතක කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රජය ප්‍රතිපත්තියක් වශයෙන් රාජ්‍ය දේපළ පෞද්ගලීකරණයට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

අරලිය ගහ මන්දිරයේ දී අද(08) පැවති ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සඳහා ISO තත්ත්ව සහතික සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයක‍ට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

රාජ්‍ය‍ සේවය දියාරු කරහැරීමේ පටු දේශපාලන අභිප්‍රායන් එක්සත් ජාතික පක්ෂ රජයන් තුළ පැවතිය ද වත්මන් රජය රාජ්‍ය සේවය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

සනත් හා වාස් ඉවත්කිරීමට සිදුවීම සංවේදී අවස්ථාවක්
 සනත් හා වාස් ඉවත්කිරීමට සිදුවීම සංවේදී අවස්ථාවක්
Jan 08,2011
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කළ 15 දෙනෙකුගෙන් යුත් සංචිතය සඳහා ප්‍රවීන ක්‍රීඩකයින් දෙදෙනෙකු වන චමින්ද වාස් හා සනත් ජයසූරියගේ නම් ඇතුළත් නොකිරීමට සිදුවීම සංවේදී අවස්ථාවක් බව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසයි.

‍ අත්‍යවශ්‍යම ක්‍රීඩකයින් 15 දෙනා තෝරාගැනීමට සිදුවීම හේතුවෙන් එම ජ්‍යොෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනා ඉවත් කිරීමට සිදුවූ බව ද අද(08) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සියලු දරුවන්ගේ වගකීම අමාත්‍යාංශය බාරගන්නවා -ඩලස්
Jan 08,2011
අතරමගදී විවිධ හේතූන් මත අධ්‍යාපනය හැරයන, විශ්ව විද්‍යාලයට ලකුණු කීපයක් මදිවන දරුවන්, සා/පෙළ අසමතුන් ආදී මෙම සියලු දරුවන්ගේ වගකීම තම අමාත්‍යාංශය භාරගන්නා බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන ආමත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

එමෙන්ම එම දරුවන් වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙළක් ඇතිබවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

මොරටුව ඇප්ට්-ආර්ට් ඇකඩමි හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කරන ලද අරුණළු චිත‍්‍ර හා මූර්ති ප‍්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට අද(08) එක්වෙමින් ඔහු මේ බව ප‍්‍රකාශ කර සිටියේය.

අවුරුද්ද මුලදී පාසැල් වලට 3,30000 ක් දරුවන් ඇතුළත් වන බවත් ඉන් 21000 ක් දෙනා සෑම අවුරුද්දකම විශ්ව විද්‍යාලයට ඇතුළත් වන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් NVQ සහතිකපත‍්‍ර ක‍්‍රමයක් විශාල වෘත්තීය ක්ෂේත‍්‍ර ගණනාවක් සඳහාම ස්ථාපිත කර ඇති බවත්, සා.පෙළ හා උසස් පෙළ අසමත්වූ පමණින්ම දරුවකුගේ විශ්ව විද්‍යාල සිහිනය බිඳනොවැටෙන බවත් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

විශ්ව විද්‍යාල වරම් නොලබන සෑම දරුවෙක්ම සහ අධ්‍යාපනය අතරමග ගිය සෑම දරුවෙකුටම මෙරට හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උපාධියක් වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය තුළින් (යුනිවෝටෙක්) තුළින් ලබාගත හැකි බව ද ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාවට චිත‍්‍ර ප‍්‍රදර්ශනය සංවිධානය කළ සිසුදරුවන්, ආචාර්යවරුන්, සහ දෙමාපියන් පිරිසක් සහභාගී විය.

 මැතිවරණය එකවර නොපැවැත්වීමට හේතුව අර්ජුනගේ ඉල්ලීමයි
 මැතිවරණය එකවර නොපැවැත්වීමට හේතුව අර්ජුනගේ ඉල්ලීමයි
Jan 08,2011
පළාත් පාලන මැතිවරණය එකවර නොපැවැත්වීමට ප්‍රධාන වශයෙන් හේතුවූයේ අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා විසින් සිදුකළ ඉල්ලීම බව ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මෙම කරුණ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවයන් විවිධ අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය කිසිදු බාධාවකින් තොරව ජයග්‍රහණය කිරීමට රජයට හැකි බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අද(08) පෙරවරුවේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් බැහැදැක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව විමල් වීරවංශ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

No comments:

Post a Comment