Pages

Wednesday, January 12, 2011

ලද පීඩාව මහත්ය..ඔබ දැකීමේ සතුට ඉමහත්ය..
ලද පීඩාව මහත්ය..ඔබ දැකීමේ සතුට ඉමහත්ය..
Jan 12,2011
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(12)පෙරවරුවේ ජලගැලීම් වලින් අවතැන්වූ පොළොන්නරු දිස්ත්‍රීක්කයේ ජනතාවගේ සුව දුක් විමසා බැලීමට ගියේය.එහිදී හිඟුරක්ගොඩ ගල්අමුණ මහා විදුහලේ තාවකාලිකව රඳවා ඇති අවතැන් පිරිසට වියළි ආහාර පාර්සල් බෙදා දීමට ද කටයුතු කළේය.මේ සිය නායකයා දුටු මොහොතේ අවතැන් ජනයාගේ ප්‍රතිචාරයකි. 
එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 10 ක් ස්විස්ටර්ලන්තයේදී අත්අඩංගුවට
Jan 12,2011
එල්.ටී.ටී.ඊ සාමාජිකයින් දහ දෙනෙකු ස්විස්ටර්ලන්තයේදී අත්අඩංගුවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

ඊයේ දිනයේ ස්ව්ස්ටර්ලන්තයේ ප්‍රදේශ 23 ක් පුරා කරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

මෙම පිරිස එල්.ටී.ටී.ඊ සංවිධානයට මුදල් යැවීමේ නිරත වී ඇතැයිද,වසර ගණනාවක් තිස්සේ මිලියන ගණනක මුදලක් එල්.ටී.ටී.ඊ සංවිධානයට මොවුන් විසින් ලබා දී ඇතැයිද ස්විස් බලධාරීන් සඳහන් කර තිබේ.
පීඩාවට පත්වූවන් ගැන සොයන්න ජනපති පොළොන්නරුවේ
පීඩාවට පත්වූවන් ගැන සොයන්න ජනපති පොළොන්නරුවේ
Jan 12,2011
ජලගැලීම් වලින් පීඩාවට පත් ජනයාගේ සුවදුක් විමසා බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පොළොන්නරුව ප්‍රදේශයේ සංචාරයක නිරත වී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

No comments:

Post a Comment