Pages

Tuesday, January 11, 2011

අක්මාවෙන් බද්ධව සිටි දෙබිඩි දරුවන් සැත්කමකින් වෙන් කරයි

දෙබිඩි දරුවන් දෙදෙනෙකු සාර්ථක සැත්කමක් මගින් වෙන් කිරීමට ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 07 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (10) සමත් වී ඇත. පසුගිය වසරේ මාර්තු 17 වැනි දින ගාල්ල අකුරැුස්ස ප‍්‍රදේශයේ අවුරුදු 24ක් වයසැති මවක විසින් කාසල් වීදිය කාන්තා රෝහලේදී මෙම දරුවන් දෙදෙනා බිහි කරනු ලැබුවාය. මෙම දෙබිඩි දරුවන් දෙදෙනා එක් අක්මාවකින් සම්බන්ධ වී තිබීම නිසා සැත්කමකින් ඔවුන් වෙන් කිරීමට වෛද්‍යවරු තීරණය කළ බව ළමා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය මහානාම රාජමන්ත‍්‍රී මහතා පැවසීය. ඊයේ දින උදේ 9 සිට සවස 2.30 තෙක් පැය 5 1/2ක පමණ වේලාවක් මෙම සැත්කම සිදු කොට සාර්ථකව දරුවන් දෙදෙනා වෙන් කිරීමට වෛද්‍ය කණ්ඩායමට හැකි වී ඇත. ළමා රෝහලේ සාර්ථකව කළ ප‍්‍රථම දෙබිඩි සැත්කම මෙය බවත්, දරුවන් දෙදෙනා මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment