Pages

Wednesday, December 8, 2010

සිසුන් 4,384 ක් උසස් පෙළට A තුන ගනිද්දී 23,420 ක් වැඩ තුනම අසමත්


E-mailPrintPDF
දෙසැ.08- මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් 142,381 දෙනෙකු විෂයන් තුනෙන්ම සමත් වී විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අවම සුදුසුකම් සපුරා තිබේ.
අපේක්ෂකයින් 230,237 විභාගයට පෙනී සිටි අතර විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අවම සුදුසුකම් ලැබු ප්‍රතිශතය 60%කට අධිකය.

කෙසේ වෙතත් විභාගයට පෙනී සිටි සිසුන් අතරින් 23,420 දෙනෙකු වි‍ෂයන් තුනෙන්ම අසමත්ව තිබේ.

මේ අතර මෙවර ප්‍රතිඵල අනුව සිසුන් 4384 දෙනෙකු සියලුම විෂය ධාරාවන්ගෙන් ඒ සමාර්ථ තුන බැගින් ලබාගෙන තිබීම විශේෂත්වයකි.

ඒ අනුව කලා විෂය ධාරාවෙන් පෙනී සිටි සිසුන් 2,037 දෙනෙකුද වාණිජ විෂය ධාරාවෙන් 1,576 දෙනෙකුද ගණිත අංශයෙන් පෙනී සිටි 404 දෙනෙකුද ජීවි විද්‍යා අංශයෙන් පෙනී සිටි සිසුන් 367 දෙනෙකුද විෂයන් තුනටම ඒ සමාර්ථ හිමිකරගෙන තිබේ

No comments:

Post a Comment